The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ: පාපන්දුවේ පළමු බිලියනපති ක්‍රීඩකයා

T

The Leader Desk

October 10, 2025 • 11:34 AM

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ: පාපන්දුවේ පළමු බිලියනපති ක්‍රීඩකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ බිලියනපතියකු වූ පළමු ක්‍රියාකාරී පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා. මේ බව අනාවරණය කරන්නේ ඔහුගේ ශුද්ධ වටිනාකම ප්‍රථම වතාවට සිය දර්ශක ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන ‘බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකය (Bloomberg Billionaire Index).
  • මේ නව කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඩොලර් මිලියන 400කට වැඩි බව වාර්තා වනවා.
  • රොනාල්ඩෝගේ ධනය වැඩිවීමට හේතුව බදු රහිත කොන්ත්‍රාත්තුව මෙන්ම Armani හා Nike සමග තිබෙන ලාංජන ගිවිසුම් බව බ්ලූම්බර්ග් පවසනවා.
  • ගෝල් දහසක් ලබා ගන්න ඔබට උවමනා ඇයි?’ කියලා” රොනාල්ඩෝ සඳහන් කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දැනටමත් පාපන්දුවේ වැඩිම ගෙවීමක් ලබන ක්‍රීඩකයා බවට පත්ව සිටින රොනාල්ඩෝ ‌සෞදි වෘත්තීය ලීගයේ අල්-නසර් කණ්ඩායම සමග තිබෙන සිය ලාභදායී කොන්ත්‍රාත්තුව මේ වසර මුල දීර්ඝ කර ගනිමින් ඔහුගේ ධනය බොහෝ වැඩිකර ගත්තා. මේ නව කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඩොලර් මිලියන 400කට වැඩි බව වාර්තා වනවා.

රොනාල්ඩෝගේ ධනය වැඩිවීමට හේතුව බදු රහිත කොන්ත්‍රාත්තුව මෙන්ම Armani හා Nike සමග තිබෙන ලාංජන ගිවිසුම් බව බ්ලූම්බර්ග් පවසනවා.

 

ro68
මේ අතර, පෘතුගාලය වෙනුවෙන් තරග 223කට ක්‍රීඩා කරමින් ගෝල් 141ක් ලබා ගෙන පිරිමි ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවේ වැඩිම ගෝල්ලාභියා බවට පත්ව සිටින රොනාල්ඩෝ, තම පවුල විසින් බල කර සිටිනු ලැබුව ද පාපන්දු ක්‍රීඩාවෙන් ඉක්මනින් විශ්‍රාම යාමේ අදහසක් තමන්ට නැති බව කියා සිටිනවා.

“මිනිස්සු, විශේෂයෙන් මගේ පවුල කියනවා, ‘දැන් ඔබට නතර වෙන්න කාලය ඇවිත්. ඔබ සෑම දෙයක්ම කර තිබෙනවා. ගෝල් දහසක් ලබා ගන්න ඔබට උවමනා ඇයි?’ කියලා” රොනාල්ඩෝ සඳහන් කරනවා.

“නමුත් මම එහෙම හිතන්නේ නැහැ. මම තවමත් හොඳ ප්‍රතිඵල ගේනවා කියා මම හිතනවා. මම මගේ ක්‍රීඩා සමාජයට හා ජාතික කණ්ඩායමට උදව්කරනවා. ඉතිං ඇයි මම දිගටම ක්‍රීඩා නොකරන්නේ?”

“මම මගේ ක්‍රීඩාව අවසන් කළාම මම සම්පූර්ණ වනු ඇති කියලා මට විශ්වාසයි. මොකද, මම මගේ උපරිමය මේ ක්‍රීඩාවට ලබා දී තියෙනවා. මට තව අවුරුදු ගොඩක් නැති බව මම දන්නවා. නමුත් මට තියෙන අවුරුදු කිහිපයේ සම්පූර්ණයෙන්ම විනෝද වෙන්න මම උත්සාහ කරනවා.”

RONALDO

 

“මම දිනන්න ආසයි. තරුණ පරම්පරාවට උපකාර කරන්න කැමතියි. ඔවුනුත් මගේ මට්ටම ඒ විදියට පවත්වා ගෙන යාමට සහ දිගටම තරග කිරීමට මට උදව් කරනවා. මා තුළ උනන්දුවක් ඇති වන්නේ තරුණයන් සමග තරග කරද්දීයි”

රොනාල්ඩෝ වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ: පාපන්දුවේ පළමු බිලියනපති ක්‍රීඩකයා | The Leader