The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

ඉන්දියාවට එරෙහිව ඔස්ට්‍රේලියාව ඉතිහාසය නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ලෝක වාර්තාවක් බිඳ දමයි

T

The Leader Desk

October 13, 2025 • 9:57 AM

ඉන්දියාවට එරෙහිව ඔස්ට්‍රේලියාව ඉතිහාසය නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ලෝක වාර්තාවක් බිඳ දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර විසාඛාපට්නම් හි ඊයේ පැවති කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගයේදී එලීසා හීලී නායිකාවගේ ලකුණු 142ක සුවිශේෂී පිතිහරඹය මත ඔස්ට්‍රේලියාව ලකුණු 331ක් හඹා ගියේ කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග බිමේ වැඩිම සාර්ථක හඹා යාමේ නව වාර්තාවක් බිහි කරමින්.
  •   කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියන් හි මීට පෙර ලකුණු 300 ට වැඩි ඉලක්කයක් හඹා යාමක් සිදුවී නැහැ.
  • මෙතෙක් තිබූ හොඳම හඹා යාම ලෙස සටහන්ව තිබුනේ මේ කණ්ඩායම ම 2022 ලෝක කුසලාන තරගයේදී මේ ප්‍රතිවාදීන් ට ම එරෙහිව ඔ්ක්ලන්ඩ් හි හඹා ගිය ලකුණු 278.
  • තෙවැනියට වැඩිම ලකුණු එකතුව මේ තරගයේදී කණ්ඩායම් දෙක ලබා ගත් ලකුණු 661 කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනියට වැඩිම ලකුණු එකතුවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දියාව ලබා ගත් මුළු ලකුණු 330 හමුවේ කඩුලු තුනක් ඉතිරි කරගෙන ලැබූ මේ ජයග්‍රහණයේදී හීලීගේ කණ්ඩායම 2024 වසරේ Potchefstroom හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 302ක් හඹා යමින් ශ්‍රී ලංකාව පිහිටුවා තිබූ වාර්තාව මකා දැමුවා.

ausi 89y89

 

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියන් හි මීට පෙර ලකුණු 300 ට වැඩි ඉලක්කයක් හඹා යාමක් සිදුවී නැහැ. මෙතෙක් තිබූ හොඳම හඹා යාම ලෙස සටහන්ව තිබුනේ මේ කණ්ඩායම ම 2022 ලෝක කුසලාන තරගයේදී මේ ප්‍රතිවාදීන් ට ම එරෙහිව ඔ්ක්ලන්ඩ් හි හඹා ගිය ලකුණු 278.

කාන්තා ODI ඉතිහාසයේ මේ වැඩිම හඹා යාමට අමතරව තවත් වාර්තා ගණනාවක් මේ තරගයේදී බිඳ වැටුනා.

තෙවැනියට වැඩිම ලකුණු එකතුව

මේ තරගයේදී කණ්ඩායම් දෙක ලබා ගත් ලකුණු 661 කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තෙවැනියට වැඩිම ලකුණු එකතුවයි. මීට ඉහළින් තිබෙන්නේ මේ කණ්ඩායම් දෙක ම පසුගිය මාසයේ දිල්ලි නුවරදී වාර්තා කළ ලකුණු 781 හා බ්‍රිස්ටල් හිදී පැවති 2017 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ දෙපිලෙන් වාර්තා වූ ලකුණු 679.

වැඩිම හයේ පහර

bn57ine6
මෙතරම් විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමේදී කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගයක වැඩිම හයේ පහර සංඛ්‍යාවක් සටහන් වීම නියත සිදුවීමක්.
ඉන්දියාව ඊයේ තරගයේ ඔවුන්ගේ ඉනිමේදී හයේ පහර හතක් එල්ල කළ අතර ඔස්ට්‍රේලියාව හයේ පහර හයක් වාර්තා කළා. ඒ අනුව සමස්ත තරගයේ සටහන් වූ හයේ පහර සංඛ්‍යාව 13ක්.

නායිකාවකගේ තෙවැනියට වැඩිම ලකුණු

ඕනෑම කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක ඕනෑම නායිකාවක් ලබා ගත් තෙවැනියට වැඩිම ලකුණු ප්‍රමාණය එලීසා හීලී මේ තරගයේදී සටහන් කළා.

ඇයගේ ලකුණු 142 ඉනිමට වඩා හොඳින් මේ දක්ෂතාව ප්‍රදර්ශනය කර තිබෙන්නේ නායිකාවන් දෙදෙනෙක් පමණයි. ඒ බෙලින්ඩා ක්ලාක් සහ මෙග් ලැනිං යන ඔස්ට්‍රේලියානුවන්. ක්ලාක් 1997 වසරේදී ඩෙන්මාර්කය ට එරෙහිව නොදැවී ලකුණු 229ක් රැස් කළ අතර ලැනිං 2017 වසරේදී ශ්‍රී ලංකාව ට එරෙහිව නොදැවී ලකුණු 152ක් ලබා ගත්තා.

676yghkhmkgjf
වසර 37ක ඉඩෝරයක නිමාව

ඇනබල් සදර්ලන්ඩ් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 40කට කඩුලු 5ක් බිඳ හෙලුවේ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක පළමු කඩුලු පහක මඩිය ලබා ගනිමින්.

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක කඩුලු පහක මල්ලක් හිමි කරගත් ඔස්ට්‍රේලියාවේ සිවු වැනි පන්දු යවන්නිය වන්නේ සදර්ලන්ඩ්. මීට අමතරව ඇය 1988 වසරේ මෙල්බර්න් හිදී ලින් ෆුල්ස්ටන් නෙදර්ලන්තය ට එරෙහිව වාර්තා කළ කඩුලු පහෙන් පසුව එම වික්‍රමය පෑ පළමු පන්දු යවන්නිය ද වනවා.

මැජික් මන්ධානා ට අලුත් සලකුණක්

mandhyadiauwhiw
මේ තරගයේදී ඉන්දියා ආරම්භක පිතිකාරිනී ස්ම්‍රිටි මන්ධානා කැලැන්ඩර වසරක් තුළ කාන්තා ODI ලකුණු 1000ක් සම්පූර්ණ කළ පළමු පිතිකාරිනිය ලෙස ඉතිහාසගත වුනා.

මේ වමත් පිතිකාරිනිය දැන් මේ වසරේ මේ දක්වා තරග 18කින් ලකුණු 1062ක් රැස් කිරීමට සමත්ව සිටිනවා. මීට ශතක හතරක් ද ඇතුළත්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...