The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

විරාට් කෝලිගේ වාර්තාව ස්ම්‍රිටි මන්ධනා බිඳ දමයි

T

The Leader Desk

October 13, 2025 • 11:04 AM

විරාට් කෝලිගේ වාර්තාව ස්ම්‍රිටි මන්ධනා බිඳ දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියාව ට එරෙහිව විසාඛාපට්නම් හි ඊයේ පැවති 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගයේදී සුවිශේෂී පිතිහරඹයක නිරත වූ ඉන්දියාවේ ස්ම්‍රිටි මන්ධනා සුපිරි ක්‍රිකට් තරුවක් වන විරාට් කෝලිගේ එදා මෙදා තුර ඉන්දියානු වාර්තාව බිඳ දැමුවා.
  • මේ දක්ෂතාව වෙනුවෙන් ඇය ක්‍රීඩා කර තිබුනේ ඉනිම 112කට පමණයි.
  • ස්ම්‍රිටි මන්ධනා, විරාට් කෝලි මේ වීර ක්‍රියාව වැඩිම වේගයෙන් සිදුකළ කාන්තාව ඇය වනවා පමණක් නොව මේ වික්‍රමය පෑ වේගවත්ම ඉන්දියානුවා වන්නේ ද 29 වැනි වියේ පසුවන මන්ධනා.
  • ඇය විසින් බිඳ දමනු ලැබුවේ ලකුණු පන්දහසට පිවිසීම පිණිස ඉනිම 114කට ක්‍රීඩා කරමින් විරාට් කෝලි පිහිටුවා තිබූ වාර්තාව.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ තරගයේ ඇගේ ලකුණු 80ක ඉනිම අතරතුර මන්ධනා කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලකුණු 5,000ක් සම්පූර්ණ කළා. මේ දක්ෂතාව වෙනුවෙන් ඇය ක්‍රීඩා කර තිබුනේ ඉනිම 112කට පමණයි.

ස්ම්‍රිටි මන්ධනා, විරාට් කෝලි
මේ වීර ක්‍රියාව වැඩිම වේගයෙන් සිදුකළ කාන්තාව ඇය වනවා පමණක් නොව මේ වික්‍රමය පෑ වේගවත්ම ඉන්දියානුවා වන්නේ ද 29 වැනි වියේ පසුවන මන්ධනා. ඇය විසින් බිඳ දමනු ලැබුවේ ලකුණු පන්දහසට පිවිසීම පිණිස ඉනිම 114කට ක්‍රීඩා කරමින් විරාට් කෝලි පිහිටුවා තිබූ වාර්තාව.
ලකුණු පන්දහසේ පිරිමි හා කාන්තා සමස්ත ලැයිස්තුවේ මන්ධනා දැන් පසුපසින් සිටින්නේ පාකිස්තානයේ බාබර් අසාම් (ඉනිම 97) හා දකුණු අප්‍රිකාවේ හෂිම් අම්ලා (ඉනිම 101) ට පමණයි.

1760270584764 Mandhana 10එක්දින ලකුණු 5000 සීමාවට වේගයෙන් ළඟා වන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව [Source: @OG_banda/X.com]
කාන්තා ODI ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ලකුණු 5,000 ලැයිස්තුවේ දැන් පෙරමුණ ගෙන සිටින්නේ මන්ධනා (ඉනිම 112). ඇය සමග බටහිර ඉන්දීය කොදෙව් පිලේ ස්ටාෆානී ටේලර් (129), නවසිලන්තයේ සුසී බේට්ස් (136), ඉන්දියාවේ මිතාලි රාජ් (144) සහ එංගලන්තයේ චාලට් එඩ්වර්ඩ්ස් (146) ‌මේ ලැයිස්තුවේ ඉහළම පස්දෙනාව සම්පූර්ණ කරනවා.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...