The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

නෙරපා දැමූ අගමැතිනියගේ උපන්දිනයට සුබ පැතීමෙන් ෂකිබ් අල් හසන් ට රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ දොරටු වැසේ

T

The Leader Desk

October 15, 2025 • 11:21 AM

නෙරපා දැමූ අගමැතිනියගේ උපන්දිනයට සුබ පැතීමෙන් ෂකිබ් අල් හසන් ට රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ දොරටු වැසේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශයේ ප්‍රධානතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ෂකිබ් අල් හසන් නැවත කවරවිටකවත් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා නොකරන බව එරට ක්‍රීඩා උපදේශක අසිෆ් මහමුඩ් අවධාරණය කර සිටිනවා.
  • බංග්ලාදේශ ක්‍රීඩා උපදේශකවරයාගේ මේ ප්‍රසිද්ධ ප්‍රකාශය සිදුවන්නේ බලයෙන් පහකෙරුනු ෂෙයික් හසිනා අග්‍රාමාත්‍යවරියට උපන්දින පණිවුඩයක් ෂකිබ් විසින් සමාජ මාධ්‍යයේ පෝස්ට් කිරීමෙන් පසුව.
  • ෂකිබ්ගේ නම සඳහන් නොකර අසිෆ් මුහුණුපොතේ මෙසේ ලියා තිබුණා.
  • මම මේ ගැන මීට කළින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට නොකියන්න ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):

ශිෂ්‍යයන් විසින් මෙහෙයවනු ලැබූ විප්ලවයකින් නෙරපා දැමීමට පෙර පසුගිය වසරේ ජනවාරියේ සිට අගෝස්තුව දක්වා අවාමි ලීග් මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කළ ෂකිබ්, පසුගිය මාස 12ක කාලය තුළ ජාතික කණ්ඩායමට තෝරාගෙන නැහැ. කෙසේ වෙතත්, ඔහු අමෙරිකාවේ ජීවත් වෙමින් විදේශීය ෆ්රැන්ෂඉස් ලීගයන්හි දිගටම ක්‍රීඩා කරමින් සිටිනවා.

b6u56ugfdgdfgdfhdf

බංග්ලාදේශ ක්‍රීඩා උපදේශකවරයාගේ මේ ප්‍රසිද්ධ ප්‍රකාශය සිදුවන්නේ බලයෙන් පහකෙරුනු ෂෙයික් හසිනා අග්‍රාමාත්‍යවරියට උපන්දින පණිවුඩයක් ෂකිබ් විසින් සමාජ මාධ්‍යයේ පෝස්ට් කිරීමෙන් පසුව.

අසිෆ් හා ෂකිබ් අතර භේද වීම ඈතට දිවෙනවා. ෂකිබ්ගේ නම සඳහන් නොකර අසිෆ් මුහුණුපොතේ මෙසේ ලියා තිබුණා.

“එක පුද්ගලයෙකුව පුනරුත්ථාපනය නොකිරීම ගැන ඔබ සියලු දෙනා මට ගොඩක් පරිභව කර තිබෙනවා. නමුත් මම හරි. සාකච්ඡාව මෙතනින් ඉවරයි.”

මේ පෝස්ටුව දිස්වුනේ හසිනා ට සුභ පතමින් ෂකිබ් දැමූ සටහනින් මඳ වේලාවකට පසුව. ෂකිබ් සැණින් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළා.

 

asifඅසිෆ් මහමුඩ්

"ඉතින්, අයෙක් අවසානයේ පිළිගෙන තියෙනවා මට අයෙ කවදාවත් බංග්ලාදේශ කමිසය අඳින්න බැරි එයා නිසා තමයි කියලා. එයා නිසා තමයි මට නැවතත් බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කරන්න බැරිවෙන්නේ කියලා. සමහර විට දිනෙක මම ආයෙ මගේ මව්බිමට එන්න ඉඩ තියෙනවා. ආදරෙයි ඔබට, බංග්ලාදේශය!” යනුවෙන් ෂකිබ් මුහුණුපොතේ සටහන් කළා.“

පසුව අසිෆ් ධකා නුවර මූලස්ථානය කරගත් නාලිකාවකට කතා කරමින්, අවාමි ලීගයේ දේශපාලනය සමග ෂකිබ් සංකීර්ණ අයුරින් සම්බන්ධව සිටින බැවින් ඔහුව නැවත කණ්ඩායමට තෝරා නොගන්නා ලෙසට තමා බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට උපදෙස් දෙන බව තහවුරු කළා.”

“ඔහුට බංග්ලාදේශ ධජය රැගෙන යාමට ඉඩ දෙන්න අපට බැහැ” අසිෆ් පැවසුවා. “බංග්ලාදේශ කමිසය පළඳින්න එයාට ඉඩදෙන්න මට පුළුවන්කමක් නැහැ. මම මේ ගැන මීට කළින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට නොකියන්න ඇති. නමුත් දැන් මම ක්‍රිකට් මණ්ඩලයට දෙන පැහැදිලි උපදෙස වන්නේ ෂකිබ් අල් හසන්ට ආයෙ කවදාවත් බංග්ලාදේශයට ක්‍රීඩා කරන්න බැහැ කියලයි.”

 

asab5yynbffh
“ඔහු රටට ඇතුළු වීමට හා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවසර ඉල්ලා සිටි අවස්ථා ගණනාවකදීම ඔහු කීවේ 2024 මහ මැතිවරණයේදී අවාමි ලීගය තමාට බලෙන් නාමයෝජනා දුන් බවයි. තමා දේශපාලනයට සම්බන්ධ නැතැයි ඔහු කියා සිටියා. ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමට අවශ්‍ය වුනේ ඔහුගේ ප්‍රදේශයේ (මගුරා) ජනතාවට සේවය කිරීමට බවට ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, සත්‍යය නම් ඔහු ඉතාමත් සංකීර්ණ ලෙස අවාමි ලීගයේ දේශපාලනයට සම්බන්ධ වී සිටීමයි.”

මීට ප්‍රතිචාර දක්වමින් ෂකිබ් පැහැදිලි කර සිටියේ හසිනා වෙනුවෙන් තැබූ පෝස්ටුව තමාගේ පෞද්ගලික දෙයක් මිස දේශපාලනික එකක් නොවන බවයි. “ඇය (හසිනා) ඉතාමත් උනන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව අනුගමනය කර තිබෙනවා. ඒක ඇත්ත නෙවෙයිද? ඇය ඉතාමත් ගැඹුරින් ක්‍රිකට් සමග සම්බන්ධව සිටියා. අප දෙදෙනා අතර සම්බන්ධතාවක් හටගත්තේ ඒ හරහායි. එය දේශපාලනයටත් පෙර ඇතිවූවක්. මම ඇයට සුභ පැතුවේ මගේ ඒ දර්ශනයේ සිටයි. එහි වෙනත් චේතනාවක් හෝ කිසිම කෙනෙකුව අවුස්සන උත්සාහයක් තිබුනේ නැහැ” යනුවෙන් ෂකිබ් සඳහන් කළා.

ෂකිබ් අල් හසන් අවසන් වරට බංග්ලාදේශය නියෝජනය කරමින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළේ පාකිස්තානය හා ඉන්දියාව ට එරෙහිව 2024 වසරේ. එම වකවානුවේ ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තහනම් කර තිබුන ද, එම තහනම රජයේ නිලධාරියෙකු විසින් ප්‍රසිද්ධියේ ස්ථිර කළ පළමු අවස්ථාවයි‌ මේ.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...