The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

මරුෆා අක්ටර්: කඳුළු අතරින් සිනාසෙන බංග්ලාදේශ වේග පන්දු යවන්නිය

T

The Leader Desk

October 16, 2025 • 10:41 AM

මරුෆා අක්ටර්: කඳුළු අතරින් සිනාසෙන බංග්ලාදේශ වේග පන්දු යවන්නිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශ වේග පන්දු යවන්නී මරුෆා අක්ටර්ගේ (Marufa Akter) කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන ආරම්භය විජ්ජාවක් වැනි එකක්.
  • තරගය ආරම්භයේදී ම, අක්ටර් පාකිස්තාන ආරම්භක පිතිකාරිනී ඔමයිමා සොහේල් හා අංක 3 පිතිකාරිනිය වන සිද්‍රා අමින් දවාලුවේ පාකිස්තානය ට මරු පහරක් එල්ල කරමින්.
  • බංග්ලාදේශය කඩුලු 7කින් තරගය ජය ගත් අතර මරුෆා ‘තරගයේ වීරවරිය’ ලෙස නම් කෙරුනා.
  •   පන්දුව දෝලනය කිරීම සඳහා මරුෆා ට තිබෙන ගුප්ත හැකියාව විසින් ඇයව ක්ෂණික ක්‍රිකට් තාරකාවක් බවට පත්කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


සිය පළමු ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කළ 20 හැවිරිදි මරුෆා බංග්ලාදේශය විසින් පාකිස්තානය ලකුණු 129කට සීමා කරද්දී, ඕවර හතක් යවමින් කඩුලු 2ක් බිඳ හෙලුවේ ලකුණු 31ක් පමණක් ලබා දෙමින්.

තරගය ආරම්භයේදී ම, අක්ටර් පාකිස්තාන ආරම්භක පිතිකාරිනී ඔමයිමා සොහේල් හා අංක 3 පිතිකාරිනිය වන සිද්‍රා අමින් දවාලුවේ පාකිස්තානය ට මරු පහරක් එල්ල කරමින්. බංග්ලාදේශය කඩුලු 7කින් තරගය ජය ගත් අතර මරුෆා ‘තරගයේ වීරවරිය’ ලෙස නම් කෙරුනා. 



පන්දුව දෝලනය කිරීම සඳහා මරුෆා ට තිබෙන ගුප්ත හැකියාව විසින් ඇයව ක්ෂණික ක්‍රිකට් තාරකාවක් බවට පත්කර තිබෙනවා. ඇත්තෙන්ම, විශාරදයින් බොහෝ දෙනෙක් ඉන්දියා උපමහාද්වීප කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම වේග පන්දු දක්ෂතාව ලෙසින් ඇයව හඳුන්වනවා.

බංග්ලාදේශයේ නිල්ෆාමාරි ප්‍රදේශයේ සිට පැමිණෙන මරුෆා ඇයට ලැබී තිබෙන මේ විශේෂ අවධානයෙන් සතුටු වූව ද, ඇය ආ ගමන විසින් ඇයට නිහතමානී වීමට උගන්වා තිබෙනවා. යටහත් පහත් පසුබිමකින් එන මරුෆා, තමා උස් මහත් වෙද්දී ආර්ථික අමාරුකම් නිරන්තරයෙන් තිබූ බවට අනාවරණ කර තිබෙනවා.

marufa

“විවාහ මංගල්‍යයන් වැනි නොයෙකුත් එකතු වන අවස්ථාවලට ඔවුන් අපට ආරාධනා කළේ නැහැ. එවැනි තැන්වලට අඳින්න සුදුසු ඇඳුම් අපි ළඟ නැහැ කියා ඔවුන් කීවා. ඔවුන් කීවේ අපි ඒ ස්ථානයකට ගියොත්, අපට අපේ සැලකීම නැතිවේවි කියලයි” මරුෆා මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ කඳුළු සලමින්.

“රාමසාන් උත්සවයටවත් අලුත් ඇඳුමක් ගන්න අපට සල්ලි තිබුනේ නැහැ” යනුවෙන් ඇය මාධ්‍ය හමුවේදී ඉකි බිඳිමින් කියා සිටියා.

“මගේ තාත්තා ගොවියෙක්. අපට එච්චර මුදල් තිබුනේ නැහැ. මම හැදී වැඩුනු ගමේ හිටපු මිනිස්සු පවා අපට එච්චර උදව් කළේ නැහැ” ඇය පැවසුවා.

මරුෆා දැන් ඇගේ පවුලට උපකාර කරන ආඩම්බර දියණියක්.

 

marufa akter
“ඇත්ත වශයෙන්ම, දැන් අපි ඉන්න තත්ත්වයේ අනෙක් අය නැහැ. මම මගේ පවුලට උදව් කරන තරමට, බොහෝ පිරිමි ළමයින්ට එහෙම කරන්න බැරිවෙන්න ඉඩ තියෙනවා. එයින් මට ලබා දෙන්නේ විශේෂ ආකාරයේ සැනසිල්ලක්. ළමයෙක් විදියට ඉන්නකොට මම කල්පනා කළා මිනිසුන් අපි දිහා ගෞරවයෙන් හා ප්‍රශංසාවෙන් බලන්නේ කවදාද කියලා. දැන්, මම රූපවාහිනියේ මාව දැක්කම, මට ලජ්ජාවක් දැනෙනවා” යනුවෙන් මරුෆා ප්‍රකාශ කළේ සිනාසෙමින්.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මරුෆා අක්ටර්: කඳුළු අතරින් සිනාසෙන බංග්ලාදේශ වේග පන්දු යවන්නිය | The Leader