The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවල රොනාල්ඩෝගෙන් නව වාර්තාවක්

T

The Leader Desk

October 17, 2025 • 4:17 PM

පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවල රොනාල්ඩෝගෙන් නව වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හංගේරියාව ට එරෙහිව ලිස්බන් නුවරදී ගෝල් 2-2ක සමව අවසන් වූ තරගයේදී ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ ගෝල් දෙකක්
  • තරගය ජය පැරදුමින් තොරව අවසන් වීම හේතුවෙන් පෘතුගාලය ට 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම ප්‍රමාද වූව ද, ඔවුන්ගේ සුපිරි තරුව වන රොනාල්ඩෝගේ වාර්තාගත ගෝල් යුගලයෙන් නව ලෝක වාර්තාවක් බිහිවුනා.
  • රොනාල්ඩෝ ඔහුගේ පළමු ගෝලයෙන් හිටපු ග්වාටමාලා ක්‍රීඩක කාලොස් රුයිස් ගෝල් 39ක් ලබා ගනිමින් පිහිටුවා තිබූ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවල වැඩිම ගෝල් සංඛ්‍යාවේ සම තත්ත්වයෙන් මිදුනු අතර දෙවැනි ගෝලයෙන් ඔහුගේ 41 වැනි ගෝලය සහ නව වාර්තාව සටහන් වුනා.
  • ඒ, සුදුසුකම් ලබා ගැනීමේ තරග 51කින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ලබා ගත්තේ ඔහුගේ අතිවිශිෂ්ට ක්‍රීඩා දිවියට තවත් ලෝක වාර්තාවක් එක්කර ගනිමින්.

තරගය ජය පැරදුමින් තොරව අවසන් වීම හේතුවෙන් පෘතුගාලය ට 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම ප්‍රමාද වූව ද, ඔවුන්ගේ සුපිරි තරුව වන රොනාල්ඩෝගේ වාර්තාගත ගෝල් යුගලයෙන් නව ලෝක වාර්තාවක් බිහිවුනා.

රොනාල්ඩෝ ඔහුගේ පළමු ගෝලයෙන් හිටපු ග්වාටමාලා ක්‍රීඩක කාලොස් රුයිස් ගෝල් 39ක් ලබා ගනිමින් පිහිටුවා තිබූ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවල වැඩිම ගෝල් සංඛ්‍යාවේ සම තත්ත්වයෙන් මිදුනු අතර දෙවැනි ගෝලයෙන් ඔහුගේ 41 වැනි ගෝලය සහ නව වාර්තාව සටහන් වුනා. ඒ, සුදුසුකම් ලබා ගැනීමේ තරග 51කින්.

මේ ප්‍රතිඵලයත් සමග පෘතුගාලය තරග හතරකින් ලකුණු 10ක් ලබා ගෙන සිටින අතර හංගේරියාව ලකුණු පහක් ලබා ගෙන දෙවැනි ස්ථානයේ පසුවනවා.

නොවැම්බරයේ පැවැත්වීමට නියමිත අයර්ලන්තය හා ආමේනියාව ට එරෙහි සුදුසුකම් ලැබීමේ තරගවලදී රොනාල්ඩෝගේ පෘතුගාල කණ්ඩායමට 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔවුන්ගේ ස්ථානය ස්ථිර කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ ගෝල් දෙකත් සමග රොනාල්ඩෝ පාපන්දු සමාජ හා රට වෙනුවෙන් ලබා ගත් ගෝල් ප්‍රමාණය 948 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඔහු දැන් ඔහු සහභාගි වූ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වට හයෙන් පහකදී ගෝල් පහක් හෝ ඊට වැඩියෙන් වාර්තා කර තිබෙනවා.

කණ්ඩායම් 48ක සහභාගිත්වයෙන් ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාව, කැනඩාව හා මෙක්සිකෝවේ ලබන වසරේ පැවැත්වෙන විට රොනාල්ඩෝගේ වයස වනු ඇත්තේ අවුරුදු 41ක්. එහෙත් ඔහු පෘතුගාල ජාතික පාපන්දු සංචිතයේ ස්ථිර සාමාජිකයෙකු වනු ඇතැයි පැවසෙනවා.

රොනාල්ඩෝ ට වඩා ලයනල් මෙසී ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ තරග වැඩි ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇතත්, තරග 72කින් ගෝල් 36 වාර්තා කරමින් ඔහු සිටින්නේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ.


FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවල වැඩිම ගෝල්ලාභීන්:

cghry45654

1. ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ - ගෝල් 41 (තරග 51)

2. කාලොස් රුයිස් - 39 (47)

3. ලයනල් මෙසී - 36 (72)

4. අලි ඩායී - 35 (51)

5. රොබර්ට් ලෙවාන්ඩොව්ස්කි - 33 (42)

6. ක්‍රිස් වුඩ් - 29 (31)

7. සාදර් අස්මවුන් - 29 (41)

8. එඩින් සෙකෝ - 29 (42)

9. ලුයිස් සුආරස් - 29 (64)

10.කරිම් බඝේරි - 28 (29)

warnan Gunasekara-වර්නන් ගුණසේකර

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...