The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ඝාතනය කෙරේ; ශ්‍රී ලංකාව සමග තුන්-කොන් තරගාවලියෙනුත් ඉවත් වේ

T

The Leader Desk

October 18, 2025 • 10:38 AM

ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ඝාතනය කෙරේ;  ශ්‍රී ලංකාව සමග තුන්-කොන් තරගාවලියෙනුත් ඉවත් වේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇෆ්ඝනිස්ථාන ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ඝාතනය කෙරේ. පාකිස්ථාන දේශ සීමාවේ පිහිටි උර්ගුන් (Urgun) දිස්ත්‍රික්කයේ සිට නැගෙනහිර පක්ටිකා (Paktika) පළාතේ ෂරානා (Sharana) හි පැවැත්වෙන මිත්‍ර තරගයකට සහභාගී වීමට ගොස් සිටියදී, ඊයේ (17) පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකින් ඔවුන් තිදෙනා ඇතුළු තවත් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.
  • සිද්ධිය සැළ වූ සැණින්, ඇෆ්ඝනිස්ථානය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත ජාතික මට්ටමේ T20  තුන්-කොන් තරගාවලියෙන් ඉවත් වන බව ඇෆ්ඝනිස්ථානය නිල වශයෙන්  ප්‍රකාශ කළේය.
  •  එය, ලබන මස 17  සිට 29 දා තෙක් පැවැත්වීමට නියමිතව තිබිණ.
  • කලක් සමීප මිතුරන්ව සිටි ඇෆ්ඝනිස්තානය සහ පාකිස්ථානය අතර මෑතක සිට දරුණු සටන් ඇවිලෙමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කබීර් (Kabeer), සිබ්ඝතුල්ලා ( Sibghatullah) සහ හරූන්  (Haroon) යන ඇෆ්ඝනිස්ථාන ක්‍රිකට්  ක්‍රීඩකයින් තිදෙනකු  මෙසේ ඝාතනයට ලක්ව ඇතැයි, ස්පෝර්ට් ස්ටාර් (SPORTSTAR) වෙබ් අඩවිය සඳහන් කරයි.

kabeer

සිද්ධිය සැළ වූ සැණින්, ඇෆ්ඝනිස්ථානය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත ජාතික මට්ටමේ T20  තුන්-කොන් තරගාවලියෙන් ඉවත් වන බව ඇෆ්ඝනිස්ථානය නිල වශයෙන්  ප්‍රකාශ කළේය.

 පාකිස්ථානය, එම තරගාවලිය පිලිබඳ නිවේදනය කළේ පසුගිය මස දීය.  එය, ලබන මස 17  සිට 29 දා තෙක් පැවැත්වීමට නියමිතව තිබිණ.

කලක් සමීප මිතුරන්ව සිටි ඇෆ්ඝනිස්තානය සහ පාකිස්ථානය අතර මෑතක සිට දරුණු සටන් ඇවිලෙමින් තිබේ. ඇෆ්ඝනිස්ථානය  තුළ සැඟවී ප්‍රහාර එල්ල කරන ත්‍රස්ත කණ්ඩායම් වෙත නීතිය ක්‍රියාත්මක කරන ලෙස   පාකිස්ථානය විසින් ඇෆ්ඝනිස්ථානයෙන් ඉල්ලා සිටීමත් සමග ගැටුම් උග්‍ර විය. ඒ අනුව, නව ප්‍රහාරය හමුවේ,  ඉකුත්  බදාදා (15) එළැඹි සටන් විරාමය පාකිස්ථානය විසින් උල්ලංඝනය කර ඇතැයි, ඇෆ්ඝන් තලිබාන් රජය චෝදනා කරයි.



මිය ගිය ක්‍රීඩකන් තිදෙනා ඇතුළු අනෙකුත් සිවිල් පුද්ගලන් පස් දෙනා සම්බන්ධයෙන් ඇෆ්ඝනිඨාන ක්‍රිකට් පාලක මණ්ඩලය සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටී.


(සටහන | හර්ෂ උදයකාන්ත පීරිස්)

SPORTSTAR සහ NEWS 18 CRICKETnext ඇසුරින්;

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...