The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

පාකිස්තාන ප්‍රහාරයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් මරුට: ඇෆ්ගනිස්තානය තුන්කොන් තරගාවලිය වර්ජනය කරයි

T

The Leader Desk

October 18, 2025 • 2:00 PM

පාකිස්තාන ප්‍රහාරයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් මරුට: ඇෆ්ගනිස්තානය තුන්කොන් තරගාවලිය වර්ජනය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු මරුමුවට පත්වීමෙන් පසුව අද නිවේදනයක් නිකුත් කර
  • විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය පිළිබඳව පාකිස්තානය නිවේදනය කළේ පසුගිය මාසයේ.
  • එය නොවැම්බර් 17 වැනි දින ආරම්භ වී නොවැම්බර් 29 අවසන් වීමට නියමිතව තිබුනේ එහි තරග රාවල්පින්ඩි සහ ලහෝර් නගරවල පවත්වමින්.
  • කෙසේ වෙතත්, හිටපු මිතුරන් වන පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය සතියක් තිස්සේ ලේ ගැලීම් සහිත ගැටුම්වල නිරතව සිටියේ දෙපාර්ශවයම අනෙක් පැත්තේ පුද්ගලයින් මිය ගිය බව පවසමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

තිබෙන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි20 තුන්කොන් තරගාවලියෙන් ඇෆ්ගනිස්තානය ඉවත් වන බව ප්‍රකාශ කරනවා.

පාකිස්තාන දේශසීමාවේ පිහිටි පක්ටිකා පළාතේ උර්ගන් දිස්ත්‍රික්කයට පාකිස්තානය ඊයේ රාත්‍රියේ එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු හා සාමාන්‍ය වැසියන් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය පිළිබඳව පාකිස්තානය නිවේදනය කළේ පසුගිය මාසයේ. එය නොවැම්බර් 17 වැනි දින ආරම්භ වී නොවැම්බර් 29 අවසන් වීමට නියමිතව තිබුනේ එහි තරග රාවල්පින්ඩි සහ ලහෝර් නගරවල පවත්වමින්.

කෙසේ වෙතත්, හිටපු මිතුරන් වන පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය සතියක් තිස්සේ ලේ ගැලීම් සහිත ගැටුම්වල නිරතව සිටියේ දෙපාර්ශවයම අනෙක් පැත්තේ පුද්ගලයින් මිය ගිය බව පවසමින්. පැය 48ක සටන් විරාමයකට බදාදා එකඟ වූව ද, සිකුරාදා රාත්‍රියේ සිදුකළ මේ අලුත් ප්‍රහාරයෙන් පාකිස්තානය එම සටන් විරාමය බිඳ දමා ඇතැයි ඇෆ්ගනිස්තානය පාලනය කරන ටලිබාන් හමුදා රජය දැන් කියා සිටිනවා.

ප්‍රහාරයෙන් මිය ගොස් තිබෙන්නේ උර්ගන් දිස්ත්‍රික්කයේ කබීර්, සිබ්ඝාතුල්ලා සහ හරූන් යන ක්‍රිකට් ක්‍රීඩකයන් හා එම දිස්ත්‍රික්කයේ රටවැසියන් පස් දෙනෙක්. තවත් පුද්ගලයන් හත් දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. ක්‍රීඩකයන් මේ ප්‍රහාරයට කලින් දේශීය ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම පිණිස පක්ටිකා පළාතේ ෂරානා නුවරට ගොස් තිබෙනවා. නැවත උර්ගන් හි නිවසට පැමිණීමෙන් පසුව ඔවුන් ගුවන් ප්‍රහාරයට ඉලක්ක වී තිබෙන්නේ රැස්වීමක සිටියදී.

මේ ඛේදජනක සිද්ධියට ප්‍රතිචාරයක් සහ මිය ගිය පුද්ගලයින්ට දක්වන ගෞරවයක් ලෙසින් පාකිස්තානය සහභාගි වන ජාත්‍යන්තර විස්සයි20 තුන්කොන් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කළ බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය පවසනවා.

ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය සහභාගි වීමට නියමිතව තිබූ 2025 වසරේ දෙවැනි තුන්කොන් තරගාවලියයි මේ. පළමුවැන්න පැවැත්වුනේ 2025 ආසියානු කුසලානයට දින කිහිපයකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. අහෝසි කෙරෙන තරගාවලිය පැවැත්වුනා නම් එය පාකිස්තාන පොළොවේ ඇෆ්ගනිස්තානය ක්‍රීඩා කරන පළමු තරගාවලිය වීමට නියමිතව තිබුනා.

මේ ප්‍රහාරයෙන් පසුව වැඩිවෙමින් තිබෙන දැඩි මහජන කෝපයට ඇෆ්ගන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක රෂිඩ් ඛාන් ද එක්ව සිටින්නේ ගුවන් ප්‍රහාරය ඉතා දරුණු අපරාධයක් ලෙස හඳුන්වමින් ඊට ජාත්‍යන්තර අවධානය යොමු කරන ලෙසට ඉල්ලා සිටිමින්. “ක්‍රිකට් ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වන්නේ සමගි වීම හා සදාචාරාත්මක උසස් වීමක්. නමුත් අපේ ජනතාව ගඩොල් කැබලි යට වළලන විට අපි කොහොමද ක්‍රීඩා කරන්නේ?” යනුවෙන් රෂිඩ් සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් තබා තිබෙනවා.

“‌මේ හිංසා කරන්නන් විසින් අහිංසක වැසියන් හා අපේ දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් සමූල ඝාතනය කිරීම අති සාහසික, සමාව දිය නොහැකි අපරාධයක්” යනුවෙන් ඇෆ්ගන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ෆසාල්හක් ෆරූකි මුහුණුපොතේ සටහන් කර තිබෙනවා.

පාකිස්තානය සමග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඇෆ්ගනිස්තානය රතු ඉරක් ඇඳ තිබෙනවා. ලේ ගැලීමේ සෙවණැල්ලෙන් ක්‍රීඩාව ඉදිරියට යා නොහැකි බව ඒ රේඛාවයි. ඇෆ්ගනිස්තානයේ මේ තීරණය විසින් පාකිස්තානය තවදුරටත් හුදෙකලා කරනු ලබන්නේ කලාපයේ ක්‍රීඩා හා ජාත්‍යන්තර සබඳතා කවයේ ඔවුන්ගේ දැනටමත් බිඳී තිබෙන ප්‍රතිරූපයට තවත් හානි සිදු කරමින්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාකිස්තාන ප්‍රහාරයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක් මරුට: ඇෆ්ගනිස්තානය තුන්කොන් තරගාවලිය වර්ජනය කරයි | The Leader