The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සහෝදරියන් දෙදෙනෙක් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට

T

The Leader Desk

October 19, 2025 • 9:11 AM

ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සහෝදරියන් දෙදෙනෙක් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් කොළඹ තුරඟ තරග පිටියේදී මෙම සති අන්තයේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියේ දෙවැනි අදියරට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායමට ඕ‍ස්ට්‍රේලියානු සම්භවයක් ඇති ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඇතුළත්ව සිටිති.
  • චීනයේදී පැවැති පළමු අදියරට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියේ ලියාරා ජයසිංහ පමණි.
  • ශ්‍රී ලංකා කාන්තා සංචිතයට එකතුවී සිටින මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින, හිටපු රග්බි ක්‍රීඩක ගිමන්ත ජයසිංහගේ දියණියන් බව  වාර්තාවේ.
  • ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වලට අනුව ආසියාවේ හොඳම කණ්ඩායම් 12 සහභාගි වන මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර එහි පළමු අදියර සැප්තැම්බර් මාස චීනයේදී පැවැත්විණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ලියාරා ජයසිංහ සහ නියාරා ජයසිංහ යන මෙම සොහොයුරියන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ වාසය කරන අතර නිව් සවුත් වේල්ස් පාසල් රග්බි කණ්ඩායමට ක්‍රීඩා කරති.

මෙම තරගාවලියේදී පළමු වරට ඔවුන් දෙදෙනාම එකවර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග බිමට පිවිසීමට නියමිතව සිටිති. චීනයේදී පැවැති පළමු අදියරට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියේ ලියාරා ජයසිංහ පමණි.

ශ්‍රී ලංකා කාන්තා සංචිතයට එකතුවී සිටින මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින, හිටපු රග්බි ක්‍රීඩක ගිමන්ත ජයසිංහගේ දියණියන් බව  වාර්තාවේ.

ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වලට අනුව ආසියාවේ හොඳම කණ්ඩායම් 12 සහභාගි වන මෙම තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර එහි පළමු අදියර සැප්තැම්බර් මාස චීනයේදී පැවැත්විණි. නාවික හමුදාවේ රන්දිකා කුමුදුමාලිගේ නායකත්වය යටතේ පළමු අදියරේ 9 වැනි ස්ථානයට පත් වූ ශ්‍රී ලංකාව මෙම අදියරයට සහභාගි වන්නේ සංචිතයේ වෙනස්කම් කිහිපයක්ද සමගිනි.

ලියාරා සහ නියාරාට අමතරව ශ්‍රී ලංකා සංචිතයට නාවික හමුදාව නියොජ්නය කරමින් ක්‍රීඩිකාවන් 6 දෙනෙක්ද, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ද, යුද හමුදාව, ගුවන් හමුදාව සහ කුලියාපිටිය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එක් ක්‍රීඩිකාව බැගින්ද ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා සත් සමාජික රග්බි සංචිතය 


රන්දිකා කුමුදුමාලි (නායක), සංජු විජේතිලකා, ජයන්ති කුමාරි, සන්දිකා හේමකුමාරි, ශානිකා මධුමාලි  සහ දිල්කි සත්සරණි - නාවික හමුදාව

චරනි ලියනගහේ සහ කාංචනා මහේන්ද්‍රන් - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී.

දිලිනි කාංචනා - යුද හමුදාව

සරනි නයනතාරා - කුලියාපිටිය

හේකෂිනී ක්‍රිෂ්ණකුමාරි - ගුවන් හමුදාව

ලියාරා ජයසිංහ සහ නියාරා ජයසිංහ - ඔස්ට්‍රේලියාව

( kelimandala | ශානුක අරවින්ද)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...