The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

කැන්චා ෂර්පාවරයා: එවරස්ට් කන්ද ජයගත් පළමු කණ්ඩායමේ ජීවතුන් අතර සිටි අන්තිම සාමාජිකයාත් මිය යයි

T

The Leader Desk

October 20, 2025 • 2:44 PM

කැන්චා ෂර්පාවරයා: එවරස්ට් කන්ද ජයගත් පළමු කණ්ඩායමේ ජීවතුන් අතර සිටි අන්තිම සාමාජිකයාත් මිය යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කැන්චා ෂර්පාවරයා: එවරස්ට් කන්ද ජයගත් පළමු කණ්ඩායමේ ජීවතුන් අතර සිටි අන්තිම සාමාජිකයාත් මිය යයි
  • 92 වැනි වියේ පසුවෙමින් සිටි කැන්චා නේපාලයේ කත්මන්ඩු දිස්ත්‍රික්කයේ කපාන් පෙදෙසේ ඔහුගේ නිවසේදී මිය ගිය බව නේපාල කඳුතරණය කරන්නන්ගේ සංගමයේ සභාපති ෆුර් ගෙල්ජී ෂර්පාවරයා තහවුරු කළා.
  • කැන්චා ෂර්පාවරයා 1953 වසරේ මැයි 29 වැනි දින නවසිලන්තයේ එඩ්මන්ඩ් හිලරි සහ ඔහුගේ ෂර්පා මාර්ගෝපදේශක ටෙන්සිං නෝගේ ට මීටර් 8,849ක් (අඩි 29,032) උස එවරස්ට් කඳු මුදුනට යාමට මග පෙන්වූ 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ සාමාජිකයෙක්.
  • | 1953 එවරස්ට් ගවේෂණය නමුත් ඔහු කිසිදිනෙක තමා ම එවරස්ට් කඳු මුදුනට නොගියේ එය අවදානම් බවට තම බිරිඳ සැලකූ නිසා යැයි කැන්චා 2024 වසරේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


එවරස්ට් කන්ද ප්‍රථම වතාවට තරණය කළ කණ්ඩායමේ ඉතිරිව සිටි අන්තිම සාමාජිකයා වූ කැන්චා ෂර්පාවරයා (Kanchha Sherpa) පසුගිය බ්‍රහස්පතින්දා අළුයම ජීවිතයෙන් සමුගත්තා.

92 වැනි වියේ පසුවෙමින් සිටි කැන්චා නේපාලයේ කත්මන්ඩු දිස්ත්‍රික්කයේ කපාන් පෙදෙසේ ඔහුගේ නිවසේදී මිය ගිය බව නේපාල කඳුතරණය කරන්නන්ගේ සංගමයේ සභාපති ෆුර් ගෙල්ජී ෂර්පාවරයා තහවුරු කළා.

කැන්චා ෂර්පාවරයා 1953 වසරේ මැයි 29 වැනි දින නවසිලන්තයේ එඩ්මන්ඩ් හිලරි සහ ඔහුගේ ෂර්පා මාර්ගෝපදේශක ටෙන්සිං නෝගේ ට මීටර් 8,849ක් (අඩි 29,032) උස එවරස්ට් කඳු මුදුනට යාමට මග පෙන්වූ 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ සාමාජිකයෙක්. සිය ජීවිතයේ වැඩි කාලයක් කඳු මඟපෙන්වන්නෙකුව සිටි කැන්චා, හිලරි සහ ටෙන්සිං එවරස්ට් කන්ද මුදුනට යාමට පෙර ඔවුන් සමග අවසන් කඳවුරට ගිය ෂර්පාවරුන් තිදෙනාගෙන් කෙනෙක්.

ghur6746| 1953 එවරස්ට් ගවේෂණය
නමුත් ඔහු කිසිදිනෙක තමා ම එවරස්ට් කඳු මුදුනට නොගියේ එය අවදානම් බවට තම බිරිඳ සැලකූ නිසා යැයි කැන්චා 2024 වසරේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. ඔහු තම දරුවන්ට ද කඳු නගින්නන් බවට පත්වීම තහනම් කළා.

කැන්චා 1933 වසරේ උපන්නේ එවරස්ට් කන්ද පාමුල පිහිටි නාම්චී නමැති ගම්මානයේ. නේපාලයේ ෂර්පා ගෝත්‍රයට අයත් ප්‍රජාවේ බොහෝ සාමාජිකයන් ජීවත් වීම පිණිස අල වගා කරමින් සහ යැක් ගවයින් බලාගැනීමේ නිරතව සිටි යුගයකි ඒ.

කැන්චා ඔහුගේ ළමා විය සහ යොවුන් වැඩිහිටි දවස් ගත කළේ අසල්වැසි තිබ්බතයේ අල විකුණමින්. පසුව කැන්චා සහ ඔහුගේ මිතුරන් ඉන්දියාවේ ඩාජීලිං නුවර සංචාරය කළ අවස්ථාවේදී ඔහුව කඳු නැගීම සඳහා පුහුණු වන ලෙසට පොළඹවනු ලැබුවා. ඒ අනුව ඔහු කඳු ප්‍රදේශවල ගමන් කරන විදේශිකයන් සමග වැඩ කිරීමට පටන් ගත්තා.

වයස අවුරුදු 19දී කඳු තරණය කිරීම ඇරඹූ කැන්චා එම ගවේෂණාත්මක අංශයේ වයස 50 වනතෙක් ක්‍රියාකාරීව සිටියා.

1953 වසරේදී ටෙන්සිං නෝ‌ගේ හා එඩ්මන්ඩ් හිලරි ‌ලොව ප්‍රථම වරට එවරස්ට් කන්ද මුදුනට ගිය ගමනේදී ඔවුන්ගේ පෝටර ලෙස බිම් මට්ටමෙන් උස් ප්‍රදේශවල බඩු ගෙනියන්නෙකුගේ රැකියාව ලබා ගැනීමට කැන්චා ට උපකාරයක් වුනේ ඔහුගේ පියා සහ නෝගේ අතර තිබූ මිත්‍රත්වය.

එවරස්ට් කන්දේ මුදුනට පහළින් තිබෙන එම කඳු වැටියේ මීටර් 7,900ක් (අඩි 26,000) උස දකුණු මුදුන් රේඛාවේ පහත් තැනට ඉහළින් තිබෙන අවසන් කූඩාරමට ගිය ෂර්පාවරුන් තිදෙනාගෙන් කැන්චා ද කෙනෙක්.

සාර්ථක වූ කඳු නැගීම පිළිබඳව ඔවුන්ට පළමු වරට අසන්නට ලැබුනේ රේඩියෝවෙන්. ඉන්පසු ඔවුන් කන්ද මුදුන ජයගත් හිලරි සහ නෝගේ සමග නැවත එක්වුනේ මීටර් 6,400ක් (අඩි 21,000) පමණ උසකින් තිබූ 2 වැනි කූඩාරමේ.

“අපි සියලු දෙනා 2 වැනි කඳවු‌රේදී එකතු වුනා. නමුත් සතුට සමරන්න අපි ළඟ මත්පැන් තිබුනේ නැහැ. ඒ නිසා අපි තේ සහ කෙටි ආහාර සමග ජයග්‍රහණය සැමරුවා” යනුවෙන් කැන්චා පවසා තිබුනා. “ඊට පස්සේ අපි අපට එකතු කර ගන්න පුළුවන් හැම දෙයක්ම අරගෙන මුල් කඳවුරට ආවා.”

ඊට පසු වසරවලදී කැන්චා වෙනත් එවරස්ට් කඳු තරණයන් හි නිරත වෙමින්‌ විවිධ උස් ප්‍රමාණයන්ට පිවිසියා.

එදා ඔවුන් එවරස්ට් මුල් කඳවුරේ සිට කඳු මුදුනට විවර කළ මාර්ගය කඳු නගින්නන් අදත් භාවිතා කරනවා.

2013 වසරේදී නේපාල රජය එවරස්ට් කන්ද ජයගැනීමේ 50 වැනි සංවත්සරයේදී කැන්චා ට ගෞරවය පුද කළා. එහිදී ඔහු ටෙන්සිං හා හිලරිගේ ඥාතීන් සමග එක්ව කත්මන්ඩු අගනුවර වටේ අශ්ව කරත්තයෙන් ගියා.

විශ්‍රාම යාමෙන් පසුව කැන්චා ඔහුගේ පවුල සමග නාම්චී පෙදෙසේ ජීවත් වෙමින් පා ගමනින් යන්නන් සහ කඳු නගින්නන්ට ආහාර සපයන කුඩා හෝටලයක් පවත්වා ගෙන ගියා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...