The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

අතපත්තුගේ වීර ක්‍රියාවෙන් බංග්ලාදේශය පැරදවූ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුවක්

T

The Leader Desk

October 21, 2025 • 10:04 AM

අතපත්තුගේ වීර ක්‍රියාවෙන් බංග්ලාදේශය පැරදවූ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චමරි අතපත්තු නායිකාවගේ කඩුලු තුනේ අතිවිශිෂ්ට අවසන් ඕවරය ආධාරයෙන් ශ්‍රී ලංකාව ඊයේ බංග්ලාදේශය ලකුණු හතකින් පරදවමින් 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ඔවුන්ගේ පළමු ජයග්‍රහණය අත්කර ගත්තේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ප්‍රාණවත්ව තබා ගනිමින්.
  • ඕවර 48.5ක් ඇතුළත ලකුණු 202කට දැවී යාමෙන් පසුව තරගයේ දෙවැනි ඉනිම පුරාම පාහේ පීඩනයකට හසුව සිටි ශ්‍රී ලංකාව තරගයේ අවසාන ඕවරයේදී බංග්ලාදේශය අභිබවා යාමට සමත් වුනා.
  •   බංග්ලාදේශ නායිකා නිගාර් සුල්ටානා (77) සහ ෂාමින් අඛ්ටර් (64 තුවාල ලබා පිටියෙන් ඉවත් වුනා)ගේ සටන්කාමී ඉනිම අවසානයේ ඵල රහිත දෙයක් බවට පත්වුනා.
  • කඩුලු 3කට ලකුණු 176ක් රැස් කරගෙන සිටි බංග්ලාදේශය ඕවර 50 අවසන් කළේ කඩුලු 9කට ලකුණු 195ක් ලබා ගනිමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ පරාජයත් සමග බංග්ලාදේශය මෙවර තරගාවලියෙන් ඉවතට විසිවුනු පළමු කණ්ඩායම බවට පත්වුනා.

ඕවර 48.5ක් ඇතුළත ලකුණු 202කට දැවී යාමෙන් පසුව තරගයේ දෙවැනි ඉනිම පුරාම පාහේ පීඩනයකට හසුව සිටි ශ්‍රී ලංකාව තරගයේ අවසාන ඕවරයේදී බංග්ලාදේශය අභිබවා යාමට සමත් වුනා.

wcc gh67

 

බංග්ලාදේශ නායිකා නිගාර් සුල්ටානා (77) සහ ෂාමින් අඛ්ටර් (64 තුවාල ලබා පිටියෙන් ඉවත් වුනා)ගේ සටන්කාමී ඉනිම අවසානයේ ඵල රහිත දෙයක් බවට පත්වුනා.

මේ පරාජයත් සමග බංග්ලාදේශය ලකුණු සටහනේ හත් වැනි ස්ථානය දක්වා පහළට වැටුනු අතර ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ලකුණු හතරක් ලබා ගෙන හය වැනි ස්ථානයට පිවිසියා. ඔවුන් දැන් ඉන්දියාව (සිවු වැනි ස්ථානය) හා නවසිලන්තය (පස් වැනි ස්ථානය) සමග ලකුණු අතින් සම තත්ත්වයේ සිටින අතර මේ කණ්ඩායම් දැන් වෙන් කර තිබෙන්නේ ලකුණු ලබා ගැනීමේ ශුද්ධ වේගයෙන් පමණයි.

cqi34ty8734yhf

තරගයේ අවසාන ඕවරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු නවයක් අවශ්‍යව තිබියදී සුල්ටානා කඩුල්ලේ රැඳී සිටියදීත් බංග්ලාදේශය මුහුණ දෙමින් සිටියේ අභියෝගාත්මක කාරියකට. චමරි අතපත්තු සුවිශේෂ පන්දු යැවීමක නිරත වෙමින් එක ලකුණක් පමණක් ලබා දුන්නේ අවසාන පන්දු හතරේදී තම කණ්ඩායම සටන්කාරී තත්ත්වයකට ගෙන එමින්.

අතපත්තු තීරණාත්මක ඕවරයේ පළමු පන්දුවෙන් රාබියා ඛාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තා. දෙවැනි පන්දුවේදී නාහිඩා අක්ටර් දුවද්දී දැවී ගියා. බංග්ලාදේශයේ ඉරණම හද කකියවන අයුරින් අවසන් වුනේ තෙවැනි පන්දුවේදී සුල්ටානා ‘ලෝං ඔෆ්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි නිලක්ෂිකා සිල්වා අතට කෙලින්ම පන්දුව එල්ල කළ අවස්ථාවේ. අනතුරුව අතපත්තුගේ සිවු වැනි පන්දුවට කඩුල්ල මුවා කරමින් මරුෆා අක්ටර් දැවී ගියා.

කඩුලු 3කට ලකුණු 176ක් රැස් කරගෙන සිටි බංග්ලාදේශය ඕවර 50 අවසන් කළේ කඩුලු 9කට ලකුණු 195ක් ලබා ගනිමින්.

තරගය ශ්‍රී ලංකාව දෙසට නැඹුරු වීමට පෙර බංග්ලාදේශය ඕවර 50 ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලංකාව ට එරෙහි ඔවුන්ගේ පළමු ජයග්‍රහණය අත්කර ගන්නා ලකුණු පහළ කරමින් තිබුනේ සුල්ටානා සහ අඛ්ටර්ගේ ධෛර්යසම්පන්න ලකුණු 82ක සිවු වැනි කඩුලු සබඳතාවට ස්තූතිවන්ත වන්නට.

 

nh5673ddf

මේ දෙදෙන කාර්යය බාර ගත්තේ ශ්‍රී ලංකාව ට පෙරට ඒමට පොඩි අවස්ථාවක් ලබා දෙමින් ඕවර 16ක් ඇතුළත ලකුණු 44කට කඩුලු තුනක් බිඳ වැටී තිබියදී. හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමග ලකුණු 64ක් ලබා ගැනීම සඳහා පන්දු 104කට මුහුණ දී සිටි අඛ්ටර් ට ආර්ද්‍රතාව හේතුවෙන් 36 වැනි ඕවරයේදී පිටියෙන් පිටව යාමට සිදු වූවත් ඇය එසේ ගියේ බංග්ලාදේශය ට ජයග්‍රහණය කරා යා හැකි වේදිකාව සකස් කර දෙමින්.

ඊට කලින්, ෂෝනා අක්ටර්ගේ (3/27) දක්ෂ පන්දු යැවී‌මේ උපකාරයෙන් ශ්‍රී ලංකාව ලකුණු 202කට දවාලීමට බංග්ලාදේශයට හැකිවුනා. ඒ, හසිනි පෙරේරා ඇයගේ ක්‍රීඩා දිවියේ හොඳම දක්ෂතාව වූ ලකුණු 85ක් වාර්තා කිරීමෙන් පසුව.

හතරේ පහර 13ක් සහ හයේ පහරක් එල්ල කරමින් පන්දු 99කට මුහුණ දුන් පෙරේරා ඇගේ මංගල අර්ධ ශතකය සමග ශ්‍රී ලංකා ඉනිමට නැංගුරමක් වූයේ චමරි අතපත්තු (46) හා නිලක්ෂිකා සිල්වා (37) සමග වටිනා සබඳතා දෙකකට දායක වෙමින්. කෙසේ වෙතත්. ෂෝනා වඩාත් කැපී පෙනෙමින් 10-4-27-3ක පන්දු යැවීමක් සටහන් කළා.

hasiri owijeow

පෙරේරාගේ වැඩිම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉනිමට ඇය ලකුණු 55 හා 63දී ලබා දුන් ගිලිහුනු උඩ පන්දු දෙකක් ඇතුළත්ව තිබුනා.

ශ්‍රී ලංකාව ශක්තිමත් මුළු ලකුණු සංඛ්‍යාවක් කරා යන බවක් දිස්වෙමින් තිබුන ද, ෂෝනා විසින් සිල්වා දවාලමින් ඇය සහ පෙරේරා අතර ගොඩනැගෙමින් තිබූ ලකුණු 74ක පස් වැනි කඩුලු සබඳතාව අවසන් කිරීමෙන් පසුව කඩුලු එකින් එක බිඳ වැටීමට පටන් ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම කඩා වැටීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ෂෝනා. 32 වැනි ඕවරයේදී සිල්වා දවා ගැනීමෙන් පසුව ඇය අනුෂ්කා සන්ජීවනීගේ කඩුල්ල ලබා ගත්තේ ඉතාමත් පහසුවෙන්. ඉන්පසු පෙරේරා කඩුල්ල මුවා කරමින් දැවී ගියා.

 

shona ud
32 වැනි ඕවරයේදී 174-4ක සතුටුදායක තත්ත්වයක සිටි ශ්‍රී ලංකාව ඕවර 48.4කදී ලකුණු 202කට සියලු දෙනා දැවී ගියා.

තුන් ඉරියව් දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ අතපත්තු ලකුණු 42කට කඩුලු 4ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව ලබන සිකුරාදා (24) පාකිස්තානය සමග ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තීරණාත්මක තරගයට සහභාගි වනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...