The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

දකුණු ආසියාවේ වේගවත් ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන්

T

The Leader Desk

October 25, 2025 • 3:24 PM

දකුණු ආසියාවේ වේගවත් ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ශ්‍රී ලංකාවෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • | චමෝද් යෝධසිංහ (මැද) සහ සෆියා යාමික් (දකුණ) දකුණු ආසියාවේ වේගවත් ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත්වූහ. අමාශා ද සිල්වා (වම) මීටර් 100 රිදී පදක්කම දිනා ගත්තා ය.
  • ඒ, 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ය.
  • | චමෝද් යෝධසිංහ ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ නව තරගාවලි වාර්තාවක් ද සමගින් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය.
  • යෝධසිංහ තරගය අවසන් කළේ, තත්පර 10.3ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


දකුණු ආසියාවේ වේගවත් ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වසර ගණනකට පසු ශ්‍රී ලංකාවෙන් බිහි වී තිබේ.

ඒ, 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ය.

ඉන්දියාවේ රංචිහිදී මෙම ශූරතාවලිය පැවැත්වේ.

xfg45| චමෝද් යෝධසිංහ
ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ නව තරගාවලි වාර්තාවක් ද සමගින් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය.

යෝධසිංහ තරගය අවසන් කළේ, තත්පර 10.3ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.

යෝධසිංහ, 103 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ද ජය ගත්තේ ය.

ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

මේ අතර, ශ්‍රී ලංකාවේ සෆියා යාමික් 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා ය.

ඇය මීටර 100 ධාවන ඉසව්වේදී තත්පර 11.53ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළා ය.

එය නව තරගාවලි වාර්තාවක් ලෙස ද සටහන් විය.

ඒ අනුව දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා සහ කාන්තාව යන දෙදෙනා ම ශ්‍රී ලංකාවෙන් බිහි වී තිබේ.

vgfu675| අමාශා ද සිල්වා 


මේ අතර, ශ්‍රී ලංකාවේ අමාශා ද සිල්වා 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා ය. ඇය තරගය අවසන් කළේ, තත්පර 11.72ක කාලයකිනි.
  
සෆියා සහ අමාශා යන ක්‍රීඩිකාවන් දෙදෙනාම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩිකාවන් ය
 
vghr674
සෆියා පසුගිය දා නිමා වූ ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට ද පත් වූවා ය.

එම ශූරතාවලියේදී මීටර 100 කාන්තා ධාවන ඉසව්ව ඇය අවසන් කළේ, තත්පර 11.51ක කාලයකිනි.

අමාෂා ද සිල්වා මෙවර 103 වන වරට පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ වේගවත් ම ක්‍රීඩිකාව බවට පත් වූවා ය.

2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් රැසක් දිනා ගත්හ.

තුන් පිම්ම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ පසිඳු මල්ෂාන් ය. ඔහු මීටර 16.19 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළේ ය.

මදුශානි හේරත් එහි කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි. ඇගේ දක්ෂතාව සටහන් වූයේ මීටර 13.26 ක් ලෙස ය.

මීට අමතරව මීටර 5000 පිරිමි සහ කාන්තා, යගුලිය පිරිමි සහ කාන්තා, මීටර 400 මිශ්‍ර සහය ධාවන ඉසව්ව යන ඉසව්වලින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් දිනා ගත්හ.

| බීබීසී සිංහල

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...