The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට අඩන්තේට්ටම් කළ ඉන්දියානු ජාතිකයාට එරෙහිව ජාතික ආරක්ෂක පනත ක්‍රියාත්මකයි

T

The Leader Desk

October 27, 2025 • 10:10 AM

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට අඩන්තේට්ටම් කළ ඉන්දියානු ජාතිකයාට එරෙහිව ජාතික ආරක්ෂක පනත ක්‍රියාත්මකයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කිරීම පිණිස ඉන්දියාව ට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට මධ්‍ය ප්‍රදේශ් හි ඉන්ඩෝ නගරයේදී අඩන්තේට්ටම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින අකීල් ඛාන් නොහොත් නිට්රා නමැති 29 හැවිරිදි පුද්ගලයාට එරෙහිව ජාතික ආරක්ෂක පනත (NSA – National Security Act) ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබෙනවා.
  • ක්‍රීඩිකාවන් නැවතී සිටි හෝටලයෙන් පිටතට පැමිණ අසල තිබෙන කුඩා ආපන ශාලාවකට යමින් සිටියදී ඛාන් පැමිණ එක් ක්‍රීඩිකාවක් අයෝග්‍ය ලෙස ස්පර්ශ කර තිබෙනවා.
  • ඛාන් ඒ වන විට හොඳටම බීමත්ව සිටි අතර ඔහු එම අවස්ථාවේදී ක්‍රීඩිකාවන්ට පහර දීමට පවා ඉඩ තිබූ බව වාර්තා වනවා.
  • ඛාජාරනා පෙදෙසේ වැසියෙකු වන ඛාන් ට එරෙහිව අවම වශයෙන් අපරාධ නඩු 10ක් තිබෙන අතර ඒවායින් ඔහුට එල්ල වී තිබෙන චෝදනාවලට අඩන්තේට්ටම් කිරීම, සොරකම් කිරීම, පහර දීම සහ මිනීමැරීමට තැත් කිරීම ද ඇතුළත් වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මෙහෙයවන මේ තරගාවලියට සහභාගි වෙමින් සිටින මේ ක්‍රීඩිකාවන් දෙදෙනාට රහසින් ඛාන් ඔවුන් පසු පස ගොස් තිබෙන බව පැවසෙනවා. ක්‍රීඩිකාවන් නැවතී සිටි හෝටලයෙන් පිටතට පැමිණ අසල තිබෙන කුඩා ආපන ශාලාවකට යමින් සිටියදී ඛාන් පැමිණ එක් ක්‍රීඩිකාවක් අයෝග්‍ය ලෙස ස්පර්ශ කර තිබෙනවා. ඛාන් ඒ වන විට හොඳටම බීමත්ව සිටි අතර ඔහු එම අවස්ථාවේදී ක්‍රීඩිකාවන්ට පහර දීමට පවා ඉඩ තිබූ බව වාර්තා වනවා.
c34t3dddasa232
ඛාන් අත්අඩංගුවට ගැනුනේ සිද්ධිය දුටු පුද්ගලයෙක් ඛාන්ගේ මෝටර්සයිකලයේ අංකය සටහන් කරගෙන එම තොරතුරු පොලිසිය වෙත ලබා දීමෙන් පසුව. ඛාජාරනා පෙදෙසේ වැසියෙකු වන ඛාන් ට එරෙහිව අවම වශයෙන් අපරාධ නඩු 10ක් තිබෙන අතර ඒවායින් ඔහුට එල්ල වී තිබෙන චෝදනාවලට අඩන්තේට්ටම් කිරීම, සොරකම් කිරීම, පහර දීම සහ මිනීමැරීමට තැත් කිරීම ද ඇතුළත් වනවා. දස වසරක සිර දඬුවමකින් පසුව ඔහුව භායිරාව්ගාහ් බන්ධානාගාරයෙන් නිදහස් කර තිබෙන්නේ මෑතකදී. ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයට අමතරව ඛාන් ට ආයුධ පනත හා මත්ද්‍රව්‍ය විරෝධී නීතිය යටතේ ද මේ නඩුවලින් චෝදනා නගා තිබෙනවා.
 
ගොඩනැගිලි පින්තාරු කරන්නෙකු ලෙස රැකියාව කරන ඔහුගේ මව්පියෝ කම්කරුවන්.

‌ලෝක කුසලාන මූලික වටයේදී ඔස්ට්‍රේලියාව කඩුලු හයකින් එංගලන්තය පරාජය කර දිනකට පසුව තමන් නැවතී සිටි හෝටලයෙන් පිටතට පැමිණි අවස්ථාවේදීයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනා මේ අකරතැබ්බයට මුහුණ දී තිබෙන්නේ. පොලිසිය පවසන අන්දමට, මෝටර්සයිකලයෙන් ක්‍රීඩිකාවන් දෙදෙන පසුපස එමින් සිටි ඛාන් එක් ක්‍රීඩිකාවක් නුසුදුසු ලෙස ස්පර්ශ කර තිබෙනවා.
 
auusi02934209209374293
මේ සිද්ධියෙන් පසුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙන ඔවුන්ගේ කණ්ඩායමේ ආරක්ෂක නිලධාරියා වන ඩැනී සිමන්ස් ට කතා කර, “අපි පස්සෙන් එන මිනිහෙක් අපිව පැහැර ගන්න උත්සාහ කරනවා” යනුවෙන් දන්වා තිබෙන අතර සිමන්ස් දේශීය ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරීන් සමග සම්බන්ධ වී ක්‍රීඩිකාවන්ගේ සහායට වාහනයක් යවා තිබෙනවා. ඉන්පසුව ක්‍රීඩිකාවන් දෙදෙනා නැවත හෝටලයට පැමිණ තිබෙන්නේ පොලිස් ආරක්ෂාව යටතේ. සිද්ධිය වන අවස්ථාවේ එතැන සිටි පුද්ගලයෙක් ඛාන් පදවමින් සිටි මෝටර්සයිකලයේ අංකය සටහන් කරගෙන තිබීම පොලිසියට ඔහු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට උපාකාරයක් වී තිබෙනවා.
wom9w8eu9w8uew89
 
කාන්තාවකගේ විනීතභාවයට බලහත්කාරකම් කිරීම පිණිස සාපරාධී බලය යොදා ගැනීම හා රහසින් පසු පස යාම යන චෝදනා යටතේ මේ පුද්ගලයාට නඩු පවරා තිබෙනවා.

ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය හෝ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කළමනාකාරිත්වය මේ සිද්ධිය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට (ICC) වාර්තා කර නැහැ.

“ක්‍රීඩිකාවන්ට තනිවම නගරයේ ඇවිදින්න ඉඩ දීම මගින් ඔවුන් ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කර තිබෙනවා. ICCය ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය සමග එක්ව එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්වීම තහවුරු කරගෙන තිබෙනවා” යනුවෙන් ICCය ප්‍රකාශ කරනවා.

ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නිදන්ගත ප්‍රශ්නයක් ලෙස රැඳි තිබෙන්නේ 2022 වසරේදී දිනකට ස්ත්‍රී දූෂණ 90කට ආසන්න සාමාන්‍යයක් වාර්තා වෙමින්.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට අඩන්තේට්ටම් කළ ඉන්දියානු ජාතිකයාට එරෙහිව ජාතික ආරක්ෂක පනත ක්‍රියාත්මකයි | The Leader