The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

ඊශ්‍රායල ජිම්නාස්ටික්ස් ක්‍රීඩකයින්ට වීසා නොදීමෙන් ඉන්දුනීසියාව ඔලිම්පික් ව්‍යාපාරයේ කොන්වෙයි

T

The Leader Desk

October 28, 2025 • 8:25 AM

ඊශ්‍රායල ජිම්නාස්ටික්ස් ක්‍රීඩකයින්ට වීසා නොදීමෙන් ඉන්දුනීසියාව ඔලිම්පික් ව්‍යාපාරයේ කොන්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජකාර්තා නුවර පසුගියදා පැවති ලෝක රිද්මයානුකූල ජිම්නාස්ටික්ස් ශූරතාවලියට සහභාගි වීමට සූදානම්ව සිටි ඊශ්‍රායල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අනාගත තරගාවලියන් සඳහා සත්කාරකත්වය දැක්වීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාව සමග කිසිම ආකාරයේ කතාබහක් නොපැවැත්වීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) තීරණය කර තිබෙනවා.
  • ඒ අනුව ඊශ්‍රායලයේ ක්‍රීඩකයන්ට ලොව වැඩිම මුස්ලිම් ජාතික පිරිසකගෙන් ජනාකීර්ණව තිබෙන රටේ ඔක්තෝබර් 19 සිට 25 දක්වා පැවති මේ ශූරතාවලියට සහභාගි වීමට නොහැකි වුනා.
  • එවැනි සහතිකයක් දෙනතුරු කිසිම ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියක් ‌හෝ රැස්වීමක් ඉන්දුනීසියාවේ නොපවත්වන ලෙසට ද IOC මණ්ඩලය ලොව සියලුම ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවලට දන්වා තිබෙනවා.
  • මීට අමතරව, ලෝක ශූරතාවලියට පෙර උද්ගතවූ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ස්විට්සලන්තයේ ලෝසාන් නුවර පිහිටි IOC මූලස්ථානයට යන ලෙසට ඔලිම්පික් ප්‍රධානීන් ඉන්දුනීසියාවේ ජාතික ඔලිම්පික් කමිටුව හා ජාත්‍යන්තර ජිම්නාස්ටික්ස් සම්මේලනයෙන් ඉල්ලා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දුනීසියානු රජයේ තීරණයට එරෙහිව ඊශ්‍රායල ජිම්නාස්ටික්ස් සම්මේලනය ක්‍රීඩා බේරුම්කාර උසාවියට (CAS) ඇපෑලක් ඉදිරිපත් කරමින් තමන්ගේ ක්‍රීඩකයන්ට තරගාවලියට සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙස හෝ ඒ සඳහා බලකරන ලෙස හෝ තරගාවලිය අහෝසි කරන ලෙසට ඉල්ලා තිබුනා.

කෙසේ වෙතත්, CAS එම ඇපෑල ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ඊශ්‍රායලයේ ක්‍රීඩකයන්ට ලොව වැඩිම මුස්ලිම් ජාතික පිරිසකගෙන් ජනාකීර්ණව තිබෙන රටේ ඔක්තෝබර් 19 සිට 25 දක්වා පැවති මේ ශූරතාවලියට සහභාගි වීමට නොහැකි වුනා.

images 2025 10 28T124027.386

ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීම පිණිස රටවැසිභාවය කුමක් වූවත් සියලු තරගකරුවන්ට රටට ඇතුළු වීමට ඉඩ දෙන බවට පිළිගතහැකි සහතික වීමක් ඉන්දුනීසියා රජය විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලබා දෙන තුරු අනාගත ඔලිම්පික් ක්‍රීඩා උළෙල, යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල, ඔලිම්පික් ඉසව් හෝ ඔලිම්පික් සම්මන්ත්‍රණ ඉන්දුනීසියාවේ පැවැත්වීමක් පිළිබඳ සියලු ආකාරයේ සාකච්ඡාවන් නතර කිරීමට IOC පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එවැනි සහතිකයක් දෙනතුරු කිසිම ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියක් ‌හෝ රැස්වීමක් ඉන්දුනීසියාවේ නොපවත්වන ලෙසට ද IOC මණ්ඩලය ලොව සියලුම ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවලට දන්වා තිබෙනවා.

මීට අමතරව, ලෝක ශූරතාවලියට පෙර උද්ගතවූ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ස්විට්සලන්තයේ ලෝසාන් නුවර පිහිටි IOC මූලස්ථානයට යන ලෙසට ඔලිම්පික් ප්‍රධානීන් ඉන්දුනීසියාවේ ජාතික ඔලිම්පික් කමිටුව හා ජාත්‍යන්තර ජිම්නාස්ටික්ස් සම්මේලනයෙන් ඉල්ලා තිබෙනවා.

76MU7LL5HVNETKM5HB7SICG2SA

පලස්තීනුවන් සමග තිබෙන සහයෝගිතාවට අනුව ඊශ්‍රායල ජිම්නාස්ටික්ස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටට ඇතුළු වීම ප්‍රතික්ෂේප කළ බව ඉන්දුනීසියානු රජය ප්‍රකාශ කර තිබුනා.
2023 වසරේ ජූලි මාසයේදී, ඉන්දුනීසියාව ජාතික ඔලිම්පික් කමිටු සංගමය සංවිධානය කළ ‌ලෝක වෙරළ ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය දැක්වීමෙන් ඉවත් වුනා. ඊට හේතු වූයේ ද ඊශ්‍රායල සහභාගිත්වය නිසා හටගත් මතභේදයක්.

එම වසරේ මාර්තු මාසයේදී, ඉන්දුනීසියාව ට FIFA වයස අවුරුදු 20න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක අයිතීන් අහිමි වූයේ එරට ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් ඊශ්‍රායලයේ සහභාගිත්වයට විරුද්ධ වූ බැවින්.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...