The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

නෙදර්ලන්ත වෙරළ වොලිබෝල් කණ්ඩායමේ ළමා දූෂක ක්‍රීඩකයාට ඔස්ට්‍රේලියාවේ තරග කරන්න අවසර නෑ

T

The Leader Desk

October 29, 2025 • 9:20 AM

නෙදර්ලන්ත වෙරළ වොලිබෝල් කණ්ඩායමේ ළමා දූෂක ක්‍රීඩකයාට ඔස්ට්‍රේලියාවේ තරග කරන්න අවසර නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මීට දශකයකට පෙර බ්‍රිතාන්‍ය දැරියක දූෂණය කිරීමට වැරදිකරු වූ නෙදර්ලන්ත ජාතික ඔලිම්පික් වෙරළ වොලිබෝල් ක්‍රීඩකයෙකුට ඔස්ට්‍රේලියාවේ තරග කිරීම සඳහා වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
  • 2016 වසරේදී 21 වැනි වියේ සිටි මේ ක්‍රීඩකයා මිල්ටන් කේන්ස් පෙදෙසේදී 12 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනා තුනකට වරද පිළිගත් අතර ඔහුට සිවු වසරක සිර දඬුවමක් නියම කෙරුනා.
  • මුහුණුපොතොන් මේ බාලිකාව හඳුනා ගත් ඔහු ඇම්ස්ටඩෑම් සිට එංගලන්තයට පැමිණ ඇයව 2014 වසරේදී ඇගේ නිවසේදී දූෂණය කර තිබුනා.
  •   මීට දෙසතියකට ඉහතදී, දකුණු ඔස්ට්‍රේලියාවේ නීතිපතිවරයා ෆෙඩරල් ආණ්ඩුවට ලිපියක් යවමින්, ස්ටීවන්ගේ වීසාව ප්‍රතික්ෂේප කරන ලෙසට ඉල්ලා තිබුනේ ඔහුගේ අපරාධ “දැඩි පිළිකුල් සහගත” බව පවසමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


තිස්එක් හැවිරිදි ස්ටීවන් වන් ද වෙල්ඩ (Steven van de Velde) ලබන මාසයේ දකුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර පැවැත්වෙන ලෝක වෙරළ වොලිබෝල් ශූරතාවලියේ ක්‍රීඩා කිරීමට නියමිතව සිටියා.

2016 වසරේදී 21 වැනි වියේ සිටි මේ ක්‍රීඩකයා මිල්ටන් කේන්ස් පෙදෙසේදී 12 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනා තුනකට වරද පිළිගත් අතර ඔහුට සිවු වසරක සිර දඬුවමක් නියම කෙරුනා. මුහුණුපොතොන් මේ බාලිකාව හඳුනා ගත් ඔහු ඇම්ස්ටඩෑම් සිට එංගලන්තයට පැමිණ ඇයව 2014 වසරේදී ඇගේ නිවසේදී දූෂණය කර තිබුනා.

cabfrt

 

මීට දෙසතියකට ඉහතදී, දකුණු ඔස්ට්‍රේලියාවේ නීතිපතිවරයා ෆෙඩරල් ආණ්ඩුවට ලිපියක් යවමින්, ස්ටීවන්ගේ වීසාව ප්‍රතික්ෂේප කරන ලෙසට ඉල්ලා තිබුනේ ඔහුගේ අපරාධ “දැඩි පිළිකුල් සහගත” බව පවසමින්.

“විදේශීය ළමා ලිංගික වරදකරුවන්ට මේ රටට ඇතුළු වීමට අවසර ලබා දිය යුතු යැයි අපි විශ්වාස කරන්නේ නැහැ” යනුවෙන් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ ප්‍රජාවන් තුළ ආරක්ෂිතව සිටීම සඳහා ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීම රජය විසින් දිගටම සිදුකරන බව ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර කටයුතු ඇමති ටෝනි බර්ක් ප්‍රකාශ කර තිබෙනවා.

 

van dep

2014 වසරේ දූෂණ සිද්ධියෙන් පසුව ස්ටීවන් වන් ද වෙල්ඩ නැවත නෙදර්ලන්තයට පැමිණිය ද, 2016 වසරේදී ඔහුව එංගලන්තය ට බාර දීමෙන් පසුව අත්අඩංගුවට පත්වුනා. බාලිකාව දූෂණය කරන විට ඔහු ඇගේ වයස දැන සිටි බව ඔහුට දඬුවම නියම කිරීමට පෙර උසාවියට අසන්නට ලැබුනා.

තමාගේ සිවු අවුරුදු සිර දඬුවමෙන් මාස 12ක් අවසන් කිරීමෙන් පසුව ස්ටීවන් ඔහුගේ වෘත්තීය ක්‍රීඩා දිවිය 2018 වසරේදී නැවත ආරම්භ කළේ ගෝලීය තරගාවලියන් කිහිපයක ඔහුගේ ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින්.

පසුගිය වසරේදී ඔහු පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නෙදර්ලන්තය නියෝජනය කළ අතර තරග නරඹන්නන් අතර සිටි සමහර පිරිස් ඔහුට සැලකුවේ “හූ” කියමින්. ඊට පෙර, ඔලිම්පික් උළෙල ඔහුට තහනම් කරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කෙරුනු මාර්ගගත පෙත්සමට අත්සන් 90,000ක් ලැබී තිබුනා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

මෙම පුවතට අදාල තවත් විස්තර :

පැරිස් ඔලිම්පික් උළෙලට එන නෙදර්ලන්ත කණ්ඩායමේ ළමා අපයෝජකයෙක්

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...