The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

රොඩ්රීගස් ශතකලාභිනියගේ හයියෙන් ඉතිහාසයේ වැඩිම ලකුණු හඹා යමින් ඉන්දියාව කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයට

T

The Leader Desk

October 31, 2025 • 11:46 AM

රොඩ්රීගස් ශතකලාභිනියගේ හයියෙන් ඉතිහාසයේ වැඩිම ලකුණු හඹා යමින් ඉන්දියාව කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජෙමිමා රොඩ්රීගස් ඔස්ට්‍රේලියාව ට එරෙහිව ඊයේ නොදැවී ලකුණු 127ක් ලබා ගනිමින් කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු හඹා යාම වූ ලකුණු 339ක ඉලක්කය ජයගෙන ලෝක කුසලාන අවසාන තරගයට පිවිසීම සඳහා ඉන්දියාව ට මං විවර කළා.
  • ‍ අමාන්ජොට් කවුර් ජයග්‍රාහී හතරේ පහර එල්ල කිරීමත් සමග ඉන්දියානු කඳවුර එකම සතුටු සාගරයක් බවට පත්වුනා.
  • මේ ජයග්‍රහණයෙන් පසුව ඉන්දියාව එළඹෙන ඉරිදා මේ ක්‍රීඩාංගණයේදීම දකුණු අප්‍රිකාව සමග 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයට මුහුණ දෙන්නේ අලුත් ශූරියක බිහි කිරීමටයි.
  • හත් වතාවක් ශූරියන් වූ ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ කිරුළ රැක ගැනීමේ සටනින් පරාජය වුනේ ජාත්‍යන්තර එක්දින ලෝක කුසලානයේ 2017 වසරේ සිට මේ දක්වා ලැබූ ජයග්‍රහණ 15කින් පසුව ප්‍රථම වරට පරදිමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

රොඩ්රීගස් හා ලකුණු 89ක් රැස් කළ නායිකා හාමන්ප්‍රීට් කවුර් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 167ක් එක් කරමින් මුම්බායි හිදී ඉන්දියාව මේ සුවිශේෂ ජයග්‍රහණය කරා ගෙන ගියේ පන්දු නවයක් සහ කඩුලු පහක් ඉතිරි කරගෙන. ‍

idn29832

අමාන්ජොට් කවුර් ජයග්‍රාහී හතරේ පහර එල්ල කිරීමත් සමග ඉන්දියානු කඳවුර එකම සතුටු සාගරයක් බවට පත්වුනා.

මේ ජයග්‍රහණයෙන් පසුව ඉන්දියාව එළඹෙන ඉරිදා මේ ක්‍රීඩාංගණයේදීම දකුණු අප්‍රිකාව සමග 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයට මුහුණ දෙන්නේ අලුත් ශූරියක බිහි කිරීමටයි.

හත් වතාවක් ශූරියන් වූ ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ කිරුළ රැක ගැනීමේ සටනින් පරාජය වුනේ ජාත්‍යන්තර එක්දින ලෝක කුසලානයේ 2017 වසරේ සිට මේ දක්වා ලැබූ ජයග්‍රහණ 15කින් පසුව ප්‍රථම වරට පරදිමින්. එදා ඔස්ට්‍රේලියාව තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී පරාජය වූයේත් ඉන්දියාව ට ම යි.

 

rodoijewr

මෙවර තරගාවලියේ සත්කාරකයින් වන ඉන්දියාව ඊයේ DY Patil ක්‍රීඩාංගණයේදී ඉතිහාසය නිර්මාණය කළේ මීට පෙර හොඳම හඹා යාම ලෙස වාර්තා වී තිබූ මේ තරගාවලියේදී ම ලීග් අදියරේ ඉන්දියාව ට එරෙහිව ඔස්ට්‍රේලියාව හඹා ගිය ලකුණු 331 අභිබවමින් වීම විශේෂත්වයක්.

ඉන්දියාව 10 වැනි ඕවරය වන විට ලකුණු 59කට කඩුලු 2ක් අහිමි වී අපහසු තත්ත්වයකට පත්ව සිටින බවක් දිස්වූව ද, රොඩ්රීගස් හා කවුර් එම කුණාටුව හරහා යාත්‍රා කරමින් ප්‍රතිප්‍රාහර එල්ල කළේ ක්‍රීඩාංගණය පිරී ඉතිරී යන ලෙසින් රොක්ව සිටි පිරිස සෑම ලකුණක් වෙනුවෙන් ම ප්‍රීති ඝෝෂා නගද්දී.

 

rodkhdiy7er
තරගයේ තීරණාත්මක මොහොතක් වුනේ රොඩ්රීගස් ලකුණු 82ක් රැස් කරගෙන සිටියදී ලබා දුන් උඩ පන්දුව ගිලිහී යාම. ඇලානා කිං එවූ පන්දුවෙන් නික්ම ආ එම උඩ පන්දුව තමාගේ කඩුලු රකින ග්ලව්ස්වලින් අල්ලා ගැනීමට නායිකා ඇලිසා හීලි අපොහොසත් වුනා.

ඇනබල් සදර්ලන්ඩ් විසින් කවුර් ලකුණු 89කට දවාලූයේ ඉන්දියාව ට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 113ක් අවශ්‍යව තිබියදී. දීප්ති ෂර්මාගේ (24) දුවද්දී දැවී යාම සහ රිචා ගොෂ් ලකුණු 26කට දැවී යාම මධ්‍යයේත්, රොඩ්රීගස් නැංගුරමක් වෙමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ ඇය ලකුණු 106ක් ලබා සිටියදී දුන් උඩ පන්දුව අතහැරීම නිසා නැවත වරක් දැවී යාමෙන් බේරීමට වාසනාව ලබා සිටිමින්.

ඉන්දියාව ට ෂෆාලි වර්මා (10) සහ ඉන්පසුව සුපිරි ක්‍රීඩිකා ස්ම්‍රිති මන්ධනා (24) යන ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා කලින් ම අහිමි වුනා.

rodihdbr43u4ee
ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කිරීමෙන් පසුව ෆෝබී ලිච්ෆීල්ඩ් තම කණ්ඩායම දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යාම පිණිස පන්දු 93කින් ලකුණු 119ක් රැස් කළා. ලිච්ෆීල්ඩ් හා ලකුණු 77ක් ලබා ගත් එලිස් පෙරීගේ ලකුණු 155ක දෙවැනි කඩුලු සබඳතාවෙන් පසුව ඉන්දියාව විධිමත්ව ප්‍රහාර එල්ල කළා.

එහෙත් ඈෂ්ලී ගාඩ්නර් ඔස්ට්‍රේලියාවේ සාර්ථක ආරම්භය අපතේ යාමට ඉඩ නොදෙමින් වේගවත් ලකුණු 63කින් දායක වුනේ අවසාන ඕවරයේදී අවසන් කඩුලු තුන බිඳ වැටීමට පෙර.

ශ්‍රී චාරනි සහ දීප්ති යන දඟ පන්දු යවන්නියන් කඩුලු දෙක බැගින් ලබා ගත්තා.

 

austin2
කණ්ඩායම් දෙක ම කළු අත්පටි පැළඳ ක්‍රීඩා කළේ මෙල්බර්න් හිදී පුහුණුවේ යෙදී සිටියදී පන්දුව ගෙලේ වැදීමෙන් ඊයේ මිය ගිය 17 හැවිරිදි ඔස්ට්‍රේලියානු නැගී එන ක්‍රිකට් ක්‍රීඩක බෙන් ඔස්ටින් ට ගෞරව පුද කරමින්.

 



warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...