The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

ජෙමිමාගේ රාත්‍රිය!

T

The Leader Desk

October 31, 2025 • 3:49 PM

ජෙමිමාගේ රාත්‍රිය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන දෙවැනි අවසන් පූර්ව තරගයේ ඔස්ට්‍රේලියාව ට එරෙහිව ඉන්දියාව ලැබූ
  • එය, මේ වතාවේ ලෝකය අලුත් ශූරියක් දකිනු ඇති බවට කෙරුනු සහතික වීමක් ද වනවා.
  • ඔස්ට්‍රේලියාව ඩී.වයි.පටිල් ක්‍රීඩාංගණයට ඊයේ පැමිණියේ පිට පිට අත්කර ගෙන සිටි ලෝක කුසලාන ජයග්‍රහණ 15ක් පසුබිමේ තබාගෙන.
  • එලීසා හීලි පළමුව පන්දුවට පහර දීමට තීරණය කර ඇගේ කණ්ඩායම ලකුණු 338ක් රැස් කළ විට, එය දිස්වුනේ වැඩ සිද්ධ වෙන්නේ සාමාන්‍ය විදියට ලෙසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කඩුලු පහක ජයග්‍රහණය දකුණු අප්‍රිකාව සමග අවසන් තරගයට පිවිසීමේ කතාවක් පමණක් ම නෙවෙයි. එය, මේ වතාවේ ලෝකය අලුත් ශූරියක් දකිනු ඇති බවට කෙරුනු සහතික වීමක් ද වනවා.

ඔස්ට්‍රේලියාව ඩී.වයි.පටිල් ක්‍රීඩාංගණයට ඊයේ පැමිණියේ පිට පිට අත්කර ගෙන සිටි ලෝක කුසලාන ජයග්‍රහණ 15ක් පසුබිමේ තබාගෙන. එලීසා හීලි පළමුව පන්දුවට පහර දීමට තීරණය කර ඇගේ කණ්ඩායම ලකුණු 338ක් රැස් කළ විට, එය දිස්වුනේ වැඩ සිද්ධ වෙන්නේ සාමාන්‍ය විදියට ලෙසයි. මක්නිසාද යත්, කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේදී කිසිම කණ්ඩායමක් එතෙක් ලකුණු 339ක් හඹා ‌ගොස් තිබුනේ නැහැ. වැඩිම සාර්ථක හඹා යාම වූ ලකුණු 331 වාර්තා කර තිබුනේ මේ තරගාවලියේ ම ලීග් අදියරේ ඔස්ට්‍රේලියාව විසින් ඉන්දියාව ට එරෙහිව.

එබැවින්, ඉන්දියාව ඔවුන්ගේ පිළිතුරු ඉනිම ආරම්භ කර දෙවැනි ඕවරයේදී ෂෆාලි වර්මා ද, දහ වැනි ඕවරයේදී ලොව අංක 1 ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිතිකාරිනිය වන ස්ම්‍රිති මන්ධනා ද අහිමි කරගත් විට නොවැළැක්විය හැකි දෙයක් නැවත දිගහැරෙන බවක් පෙනෙන්නට තිබුනා.

ජෙමිමා රොඩ්රිග්ස් (Jemimah Rodrigues) කඩුල්ලට පිවිසියේ මේ අවස්ථාවේ.

මුම්බායි නුවර පදිංචි 25 හැවිරිදි රොඩ්රිග්ස් පා තැබුවේ පීඩනය හා වගකීමෙන් යුත් අංක 3 ස්ථානයට. අනෙක් අන්තයේ සිටියේ ඇගේ නායිකාව වන හාමන්ප්‍රීට් කවුර්. මේ දෙදෙන එක්ව පන්දු 156කින් ලකුණු 167ක් එක් කළේ විශ්වාසයේ සීමාවන් නැවත ලියන හඹා යාමක පිටපතක් එළි දක්වමින්.

හාමන් තවත් අපූරු පිතිහරඹයක නියැලෙමින් පන්දු 88කින් ලකුණු 89ක් ලබා ගත්තා. නමුත් ඒ රාත්‍රිය අයිති වුනේ ජෙමිමා රොඩ්රිග්ස් ට.

ඇය අද ඉන්දියා ක්‍රිකට් ක්ෂේත්‍රයේ වඩාත්ම ආකර්ෂණීය මුහුණක් බවට පත්ව සිටින්නේ ගිටාරය වාදනය කරමින්, විහිළු කරමින්, ඉන්ස්ටග්‍රෑම් පට නිර්මාණය කරමින් හා සමාව නොඉල්ලන විනෝදයකින් යුතුව ඇගේ ජීවිතය ගත කරමින් සිටින නිසා.

නමුත් ඒ පෙනීමත් සමග පැමිණියේ ඝෝෂාව, විවේචනය, සමාජ මාධ්‍ය හිරිහැරය සහ නිමක් නැති උපදෙස්. ජෙමිමා කිසිවිටෙකත් ආපසු පහර දුන්නේ නැහැ. ඇය නිහඬතාව තෝරා ගත් අතර ඊයේ රාත්‍රියේදී ඇය ඇගේ පිත්තට කතා කිරීමට ඉඩ දුන්නා.

හතරේ පහර 14කින් කැටයම්ව තිබූ ඇගේ පන්දු 134කින් ලකුණු 127ක නොදැවුනු ඉනිම තරගය ජයග්‍රහණය කරන ඉනිමක් පමණක් වුනේ නැහැ. එය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක් ශ්‍රේෂ්ඨතම ඉනිමක් ද වුනා.

නමුත් මේ කීර්තිමත් මොහොතට පෙර, හදවත බිඳීමක් සිදුව තිබුනා. ඇයව 2022 වසරේ ODI ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර තිබූ අතර එය ඇයව ඉතාමත් වේදනාවට පත්කරවූ සිදුවීමක් වුනා. මේ තරගාවලියේ පවා ඇය එංගලන්තය ට එරෙහි තරගයේ සිටියේ බංකුවේ අසුන්ගෙන.

“මාව කණ්ඩායමෙන් ඉවත් කළා. මට එයින් හරියට රිදුනා. ඔබව කණ්ඩායමෙන් ඉවත් කළ විට ඔබ තුළ බොහෝ සැකයන් මතුවනවා. මොකද, මට සැමවිටම උවමනා කළේ කණ්ඩායමට දායක වන්නයි. නමුත් ඒ දවසේ (එංගලන්තය ට එරෙහි) මට බංකුවේ ඉඳගෙන කරන්න පුළුවන් දෙයක් තිබුනේ නැහැ. ඊට පස්සෙ ඔබ නැවත කණ්ඩායමට පැමිණියාම දැනෙන්නේ පහුගිය මාසයේ සිදුවූ හැමදේටම වඩා වැඩි පීඩනයක්. නමුත් සමහර අවස්ථාවලදී ඔබ කළ යුතු වන්නේ එතැන අල්ලාගෙන සිටීමයි. එවිට සියල්ල හරි තැනට වැටෙනවා” යනුවෙන් ඇය තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කියා සිටියේ කඳුළු සඟවා ගනිමින්.

අධික උනන්දුව සමග කටයුතු කිරීම, වර්තමානයේ පෙනී සිටින්නේ කෙසේදැයි ඉගෙන ගැනීම හා පරිණතභාවය පිළිබඳව ඇය මෙහිදී කතා කළා. ඊයේ ශතකය ලබා ගැනීමෙන් පසුව ඇය ඇගේ පිත්ත නොඑසවීමට හේතුව ද ඇය මෙහිදී අනාවරණය කළා.

“මම ක්‍රීඩා කළේ මගේ ලකුණු 100 වෙනුවෙන් නෙවෙයි. මම ක්‍රීඩා කළේ අංක 3 ස්ථානයට මම සුදුසුයි කියා පෙන්වන්න නෙවෙයි. මම ක්‍රීඩා කළේ ම‌ගේ ලකුණු 50 වෙනුවෙන් නෙවෙයි. මම ක්‍රීඩා කළේ සැකයකින් තොරව ඉන්දියාව දිනවන්නයි. ඒ ලකුණු පුවරුවේ අවසානයේ ඉන්දියාවේ ජයග්‍රහණය සටහන් වනු දකින්නයි මට උවමනා වුනේ. මගේ එකම පෙලඹවීම වුනේ එයයි.”

“මේ තරගය කොතරම් වැදගත් ද කියලා මම දැනසිටියා. එය අවසන් කරන විට එතැන ඉන්න මට අවශ්‍ය වුනා. ඒ නිසා මම කළේ කඩුල්ලේ රැඳී සිටිය යුතුයි කියා මට ම කියාගත්ත එක පමණයි. ඔතන හිටගෙන ඉන්න. පුදුමාකාර දේවල් සිදුවිය හැකියි. තරගය අවසානය කරා යද්දී මොන වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් ද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. මම ලකුණු 50 ට ගියාම, මම මගේ ලකුණු 100 ට පිවිසියාම, වැනි දේවල් සිතෙන විට මම සතුට සැමරුවේ නැත්තේ මම ඒ වෙලාවේ මෙතැන තිබෙන හෝටලය දෙස බලා, ‘හෙට උදේට, මාව වැඩියෙන්ම සතුටු කරවනු ඇත්තේ කුමක් ද? ඒක ලකුණු 50ක් වේවිද? ලකුණු 100ක් වේවිද? නැහැ, එය ඉන්දියාවේ ජයග්‍රහණය වේවි කියා හිතපු නිසායි. මට අවශ්‍ය වුනේ ඒ සිතුවිල්ලත් සමග අවදි වෙන්නයි. මට ඕන කළේ අපි අවසාන තරගයට ක්‍රීඩා කරනවා, මම ඒකට සූදානම් වෙනවා යන සිනාවෙන් යුතුව නින්දට යන්නයි. ඒ නිසා මම හිතනවා මාව පෙලඹවූයේ එය කියලා.”

2025 වසරේ ඔක්තෝබර් 30 වැනිදා ජෙමිමා රොඩ්රිග්ස් DY Patil ක්‍රීඩාංගණයේදී අවසන් පූර්ව තරගයක් දිනුවා පමණක් නෙවෙයි. ඇය ඉන්දියාව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව මතකයේ තබා ගන්නා ආකාරය ද වෙනස් කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

xfvgsrtw

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජෙමිමාගේ රාත්‍රිය! | The Leader