The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලංකාවේ ඔෂිනි ඉතිහාසය වෙනස් කරමින් චෙස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකට

T

The Leader Desk

December 11, 2025 • 4:35 PM

ලංකාවේ ඔෂිනි ඉතිහාසය වෙනස් කරමින් චෙස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක චෙස් සම්මේලනයේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව අවුරුදු 13න් පහළ බාලිකා පළමු ස්ථානය දිනා ගැනීමට
  • එතෙක් මෙතෙක් කාලයකට ලෝක චෙස් කීඩා ශ්‍රේණිගත කිරිම් අනුව පළමු ස්ථානය දිනාගත් ලංකාවේ කිසිදු චෙස් කීඩකයෙක් හෝ කීඩිකාවක් බිහිනොවී ඇති සමයක ඇයගේ මේ දක්ෂතාවය විශේෂයෙන්ම කැපී පෙණේ.
  • 2024 වසරේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේදී වයස 12න් පහළ යොවුන් ලෝක චෙස් ශූරියවූවේද ඔෂිනි දේවින්දයාය.
  • නවතම ශේණිගත කිරීම අනුව ඔෂිනි ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2272 කි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකාවේ චෙස් ක්‍රීඩිකා ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන සමත්වූවාය.

ලෝක චෙස් කීඩා ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ පළමු වැනි ස්ථානය දිනාගත් පළමු හා එකම ලාංකික චෙස් ක්‍රීඩිකාව වන්නේ ඔෂිනි දේවින්ද්‍යාය.

එතෙක් මෙතෙක් කාලයකට ලෝක චෙස් කීඩා ශ්‍රේණිගත කිරිම් අනුව පළමු ස්ථානය දිනාගත් ලංකාවේ කිසිදු චෙස් කීඩකයෙක් හෝ කීඩිකාවක් බිහිනොවී ඇති සමයක ඇයගේ මේ දක්ෂතාවය විශේෂයෙන්ම කැපී පෙණේ.

රත්නපුර පර්ගිසන් විද්‍යාලයෙන් චෙස් ක්‍රිඩාවට පිවිසි ඔෂිනි දේවින්දයා ගුණවර්ධන මේ වනවිට කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ අධයාපනය හදාරමින් සිටින්නීය.

වයස දහතුන ලැබීමටත් පෙර ඇය ලංකාවේ ජාතික චෙස් ශූරියද වූවාය. එමෙන්ම ලංකාවේ ලාබාලතම පිඩේ මාස්ටර් චෙස් කීඩිකාවූ ඔෂිනි ලංකාවේ ලාබාලතම ඉන්ටර් මාෂ්ටර් චෙස් කීඩිකාවද වූවාය.

cfy5e65
2024 වසරේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේදී වයස 12න් පහළ යොවුන් ලෝක චෙස් ශූරියවූවේද ඔෂිනි දේවින්දයාය. නවතම ශේණිගත කිරීම අනුව ඔෂිනි ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2272 කි.

ඔෂිනි දේවින්දයා ගුණවර්ධනට තවත් ඉහළට යාමට ඇත්තේ එක් කඩ ඉමකි. ඒ චෙස් කීඩා ග්‍රෑන්ඩ් මාස්ටර්වරියක් වීමය. ඇය මේ දිනවල ඒ සඳහා සූදානම් වෙමින් සිටින්නීය. යම් හෙයකින් ඔෂිනි ග්‍රෑන්ඩ් මාස්ටර්වරියක් වූවොත් ලංකාවේ පළමු හා එකම ග්‍රෑන්ඩ් මාස්ටර් වරියද වන්නේ ද ඇයය. එහි ඇති විශේෂත්වය වනුයේ තවමත් ලංකාවේ චෙස් ක්‍රීඩකයෙකුටච චෙස් කීඩා ග්‍රෑන්ඩ් මාස්ටර්වරයෙකු වීමට නොහැකිව තිබීමයි. ඔෂිනිගේ පුහුණුකරු වන්නේ ප්‍රවීණ චෙස් ක්‍රීඩා උපදේශක අකිල කාවින්දය.

(ada.lk | සුසිල් ප්‍රියන්ත)
45345rr

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...