The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක චෙස් ඇගැයුමක් හිමිකර ගත් ලොව ළාබාලතම චෙස් ක්‍රීඩකයා ඉන්දියාවේ තුන් හැවිරිදි පිරිමි දරුවෙක්

T

The Leader Desk

December 15, 2025 • 10:01 AM

ලෝක චෙස් ඇගැයුමක් හිමිකර ගත් ලොව ළාබාලතම චෙස් ක්‍රීඩකයා ඉන්දියාවේ තුන් හැවිරිදි පිරිමි දරුවෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයස අවුරුදු 3යි මාස 7යි දවස් 20ක් වන ඉන්දියාවේ පිරිමි දරුවෙක් චෙස් ක්‍රීඩාවේ ජාත්‍යන්තර පාලක මණ්ඩලයෙන් නිල ඇගැයුමක් උපයා ගත් ලොව ළාබාලතම චෙස් ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා.
  • මේ තක්සේරුව තිබෙන්නේ අවම වශයෙන් අවශ්‍ය වන 1400 ට වඩා සැලකිය යුතු තරම් ඉහළ මට්ටමකයි.
  • සාවග්‍යා චෙස් ක්‍රීඩා කිරීම ආරම්භ කරන විට වයස මාස 30ක් පමණ වූ බව ඔහුගේ පියා වන සිද්ධාර්ත් සිං පවසනවා.
  •   “අපි එයාව චෙස් ක්‍රීඩාවට තල්ලු කළේ එයාට දැනුම උරාගැනීමේ ඉස්පන්ජියක් මෙන් හැකියාවක් තියෙන නිසා එයා බොහෝ දේවල් ඉක්මනට අල්ල ගනීවියි කියලා අපට වැටහුනු නිසායි” සිං ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

2022 වසරේ උපත ලැබූ සාවග්‍යා සිං කුෂ්වාහා (Sarwagya Singh Kushwaha) ට ‘රැපිඩ් චෙස්’ (Rapid Chess) ක්‍රීඩාවේ 1572 තත්ත්වය ලෝක චෙස් සම්මේලනය (FIDE) විසින් ලබා දී තිබෙන්නේ ඔහු තමන්ගේ වයසට වඩා බොහෝ වැඩි ප්‍රතිවාදීන් පරාජය කිරීමෙන් පසුවයි. මේ තක්සේරුව තිබෙන්නේ අවම වශයෙන් අවශ්‍ය වන 1400 ට වඩා සැලකිය යුතු තරම් ඉහළ මට්ටමකයි.

1125
ලෝක චෙස් සම්මේලනයෙන් ඇගැයුමක් ලබා ගැනීමට නම් ක්‍රීඩකයෙක් නිල තරගවල දැනටමත් ඇගැයුමක් හිමි කරගෙන සිටින ක්‍රීඩකයන් අවම වශයෙන් පස් දෙනෙකුට එරෙහිව ලකුණු ලබා ගත යුතු වනවා.

මධ්‍ය ප්‍රදේශ් නමැති මධ්‍යම ඉන්දියානු ප්‍රාන්තයෙන් එන සාවග්‍යා, දිනෙන් දින වැඩිවෙමින් මෑත වසරවල චෙස් ක්‍රීඩාවේ ආධිපත්‍ය පතුරුවමින් සිටින ඉන්දියානු ක්‍රීඩක ලැයිස්තුවට එක්වනවා. මෙය චෙස් ක්‍රීඩාවේ රුසියාව බලවත්ව සිටි ශීත යුද සමය හා සසඳන විට විශාල වෙනස් වීමක්.

සාවග්‍යා චෙස් ක්‍රීඩා කිරීම ආරම්භ කරන විට වයස මාස 30ක් පමණ වූ බව ඔහුගේ පියා වන සිද්ධාර්ත් සිං පවසනවා.

 



“අපි එයාව චෙස් ක්‍රීඩාවට තල්ලු කළේ එයාට දැනුම උරාගැනීමේ ඉස්පන්ජියක් මෙන් හැකියාවක් තියෙන නිසා එයා බොහෝ දේවල් ඉක්මනට අල්ල ගනීවියි කියලා අපට වැටහුනු නිසායි” සිං ප්‍රකාශ කරනවා.

“චෙස් උගන්නලා සුමානෙකට පස්සේ එයා ඉත්තෝ ඔක්කොම නිවැරදිව නම් කළා” යැයි පියා වැඩිදුරටත් කියනවා.

පුහුණු මධ්‍යස්ථානයක ගතකරන පැයක කාලය ඇතුළුව සාවග්‍යා දිනකට පැය හතරක් පහක් චෙස් ක්‍රීඩා කරනවා.

1764936114 kurdistan24

මේ පුංචි චෙස් හපනා මේ වසරේ අත්කර ගත් ජයග්‍රහණයන්ට 1696ක ඇගැයුමක් සතු 20 හැවිරිදි ක්‍රීඩකයෙක්, 1542ක ඇගැයුමක් තිබෙන 22 හැවිරිදි ක්‍රීඩකයෙක් සහ 1559ක තක්සේරු කිරීමක් ඇති 29 හැවිරිදි ක්‍රීඩකයෙකුට එරෙහිව පැවති තරග ඇතුළත් වනවා.

අවුරුදු 3යි මාස 8යි දවස් 19 වියේ පසුවෙමින් පසුගිය වසරේ 1550ක ඇගැයුමක් අත්කර ගෙන සිටි තවත් ඉන්දියානු පිරිමි ළමයෙකුව මාසයකට ආසන්න කාලයකින් පරදවමිනුයි සාවග්‍යා කලින් වාර්තාව බිඳ දැමුවේ.

1680644.ebe57470.668x375o.10f46ebe899c2x

වර්ධනය වෙමින් තිබෙන ඉන්දියානු චෙස් පරාක්‍රමය ජූනි මාසයේදී උච්චස්ථානයට පැමිණියේ 19 වැනි වියේ පසුවන ගුකේෂ් ඩොම්මරාජු (Gukesh Dommaraju) විසින් එදා මෙදා තුර බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන 35 හැවිරිදි මැග්නස් කාල්සන් පරාජය කළ සංකේතාත්මක මොහොතේදීයි.

පසුගිය වසරේදී, ඩොම්මරාජු ළාබාලතම ලෝක චෙස් ශූරයා බවට පත්වුණා.

ඩොම්මරාජු සහ පස් වතාවක් ලෝක ශූරයා වූ විස්වනාදන් ආනන්ද්ගේ අඩි පාරේ යමින් සාවග්‍යා ට ද ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙකු බවට පත්වීම සඳහා පුහුණු විය හැකි බව පියා සඳහන් කරනවා.

 

1800
ලොව ළාබාලතම ග්‍රෑන්ඩ් මාස්ටර්ගේ වාර්තාව උසුලන්නේ අමෙරිකාවේ අභිමන්යූ මිෂ්රා (Abhimanyu Mishra). ඩොම්මරාජු ට වඩා මාස තුනකට කලින්, අවුරුදු 12යි මාස 4යි දින 25ක් වයසැතිව සිටියදී මිෂ්රා ග්‍රෑන්ඩ් මාස්ටර්වරයෙකු බවට පත්වුනේ 2021 වසරේදී.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...