The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

චෙන්නායි වලට ඇඬෙන්න මතිෂගේ වටිනාකම තීරණය කල කොල්කටා

T

The Leader Desk

December 16, 2025 • 4:16 PM

චෙන්නායි වලට ඇඬෙන්න මතිෂගේ වටිනාකම තීරණය කල කොල්කටා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අබුඩාබි හිදී දැන් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් අයි පී එල් 2026 ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන
  • ඒ අනුව ඉන්දීය රුපියල් කෝටි 18කට මිලදී ගත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින්.
  • ඔහුට හිමි වූ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61කට අධිකයි.
  • කෝටි 16න් පසුව වෙන්දේසියට එක්වූ කොල්කටා හිමිකරුවන් ඔහුව කෝටි 18කට මිලදී ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රීඩක මතීෂ පතිරණට අද වාර්තාගත මිලක් හිමි වුණා.

ඒ අනුව ඉන්දීය රුපියල් කෝටි 18කට මිලදී ගත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින්.

එය අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියකදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළම වටිනාකමයි.

ඔහුට හිමි වූ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61කට අධිකයි.

මතීෂ පතිරණ වෙන්දේසියට ඉදිරිපත්කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික ලන්සුවකටයි.

ඒ අනුව ඔහු මිලදී ගැනීම සඳහා දිල්ලි කැපිටල් සහ ලක්නව් සුපර් ජයන්ස් යන කණ්ඩායම්වල හිමිකරුවන් අතර මුලින් උණුසුම් තරඟයක් පැවතුණා.

කෝටි 16න් පසුව වෙන්දේසියට එක්වූ කොල්කටා හිමිකරුවන් ඔහුව කෝටි 18කට මිලදී ගත්තා.

ඒ අනුව මෙතෙක් අයි පි එල් 2026 ක්‍රීඩක වෙන්දේසියේ විදෙස් ක්‍රීඩකයෙකුට හිමිවූ ඉහළම දෙවන මිල ලෙස මෙය සටහන් වුණා.

මීට අමතරව වනිඳු හසරංග ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි දෙකකට මිලදී ගත්තා.

rge546
කෝටි දෙකක මූලික ලන්සුවකට ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන මහීෂ් තීක්‍ෂණ කිසිදු කණ්ඩායමක් මිලදී ගත්තේ නැහැ.

cfghe56444

මේ දක්වා වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත් වූයේ ඕස්ටේ්‍රලියාවේ තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන්.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඔහු මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 25යි දශම දෙකකටයි.

එය අයි පී එල් ඉතිහාසයේ විදෙස් ක්‍රීඩකයෙකුට හිමි වූ ඉහළම මිල ලෙසටයි වාර්තා වුණේ.

2024 වසරේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඔස්ට්‍රේලියාවේම මිචෙල් ස්ටක් ඉන්දීය රුපියල් කෝටි 24යි දශම 7යි 5කට අලෙවි විම මීට පෙර වාර්තාවයි.

මීට අමතරව මෙවර ක්‍රීඩක වෙන්දේසියේ වැඩිම මිලක් හිමි වූ ක්‍රීඩකයින් 05 දෙනාගෙන් තිදෙනෙකුම මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගෙන නොමැති ක්‍රීඩකයින් වීම විශේෂත්වයක්.

ඒ අතරින් ඉන්දීය රුපියල් කෝටි 14යි දශම දෙකකට අලෙවි වූ කාර්තික් ශර්මා සහ ප්‍රශාන්ත් වීර් වයස අවුරුදු 20ට අඩු ක්‍රීඩකයින්.

ඔවුන් දෙදෙනා අද වාර්තා අතරට එක් වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොගත් ක්‍රීඩකයින් අතරින් ඉතිහාසයේ වැඩිම මිලක් හිමිවූ ක්‍රීඩකයින් දෙදෙනා ලෙසයි.

(nethnews)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...