The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආර්.ස්‍රීධර්: ඉන්දියා කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු දැන් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරීමට

T

The Leader Desk

December 17, 2025 • 11:02 AM

ආර්.ස්‍රීධර්: ඉන්දියා කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරු දැන් ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරීමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සූදානම්‌ වෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් ඉන්දියාවේ ආර්.ස්‍රීධර් (R. Sridhar) පත්ව සිටිනවා.
  •   ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ Level 3 සුදුසුකම් ලැබූ පුහුණුකරුවකු වන ස්‍රීධර් වසර 2014 සිට 2021 දක්වා කාලය තුළ ඉන්දියා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සිටිමින් ජාත්‍යන්තර තරග 300කට වැඩියෙන් ආවරණය කර තිබෙනවා.
  • ආර්.ස්‍රීධර්ගේ පත්වීම 2025 දෙසැම්බර් 11 සිට 2026 මාර්තු 10 දක්වා බලපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
  • (සටහන : වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com  
අකුරු ප්‍රමාණය (Font Size):


2026 T20 ‌ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු ස්‍රීධර් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ Fielding Coach ලෙස පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

ආර්. ස්‍රීධර් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට අමුත්තෙකු නොවන්නේ ඔහු මේ වසර මුලදී ජාතික උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ දින දහයක විශේෂඥ පන්දු රැකීමේ වැඩසටහනක් පැවැත්වූ බැවින්.

 

Sri Lanka Cricket Appoints R. Sridhar as National Team Fielding Coach 1

ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ Level 3 සුදුසුකම් ලැබූ පුහුණුකරුවකු වන ස්‍රීධර් වසර 2014 සිට 2021 දක්වා කාලය තුළ ඉන්දියා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සිටිමින් ජාත්‍යන්තර තරග 300කට වැඩියෙන් ආවරණය කර තිබෙනවා.

ඔහු දැන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ මට්ටම ඉහළ නැංවීම පිණිස අවධානය යොමු කරමින් ළඟ එන පාකිස්තාන හා එංගලන්ත කණ්ඩායම්වල ශ්‍රී ලංකා සංචාරයන්ට මෙන්ම ඉන්පසුව එළඹෙන විස්සයි20 ලෝක කුසලානය සඳහා ද සූදානම් වෙමින් සිටින ක්‍රීඩකයන් සමග කටයුතු කිරීමට නියමිතයි.

ආර්.ස්‍රීධර්ගේ පත්වීම 2025 දෙසැම්බර් 11 සිට 2026 මාර්තු 10 දක්වා බලපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...