The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉරානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඉන්දියාවේ පාපන්දු සමාජයකට ආසියානු තරග තහනමක්

T

The Leader Desk

December 20, 2025 • 3:45 PM

ඉරානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඉන්දියාවේ පාපන්දු සමාජයකට ආසියානු තරග තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ ඉන්දියාවේ මෝහන් බගාන් සුපර් ජයන්ට් පාපන්දු සමාජ කණ්ඩායමට ආසියානු පාපන්දු
  • මීට අමතරව, ඩොලර් 100,000ක මුදලක් ගෙවන ලෙසට ද ඔවුන්ට නියෝග කර තිබෙන බව ආසියානු පාපන්දු පාලකයන් පවසනවා.
  • තරගාවලියේ මෙම මූලික වටයේ තරගයට යාම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඉරානයේ ආරක්ෂාවක් හා වෛද්‍ය රක්ෂණ ආවරණයක් නැති බව සඳහන් කරමින්.
  • ඉරානයේ සංචාරය නොකරණ ලෙසට සිය පුරවැසියන්ට උපදෙස් දී ඇති ඔස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය හා අමෙරිකාව යන රටවල ක්‍රීඩකයින් පස් දෙනෙක් මෝහන් බගාන් කණ්ඩායමේ සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්මේලනයේ (AFC) තරගවලට ක්‍රීඩා කිරීම තහනම් කර තිබෙනවා. මීට අමතරව, ඩොලර් 100,000ක මුදලක් ගෙවන ලෙසට ද ඔවුන්ට නියෝග කර තිබෙන බව ආසියානු පාපන්දු පාලකයන් පවසනවා.

මෝහන් බගාන් (Mohun Bagan) කණ්ඩායමට මේ දඬුවම පමුණුවා තිබෙන්නේ සෙපාහාන් ක්‍රීඩා සමාජය සමග සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ශූරතා දෙවැනි ලීගයේ තරගයට සහභාගි වීම පිණිස ඉරානය ට යාම ප්‍රතික්ෂේප කළ බැවින්.

තරගාවලියේ මෙම මූලික වටයේ තරගයට යාම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ ඉරානයේ ආරක්ෂාවක් හා වෛද්‍ය රක්ෂණ ආවරණයක් නැති බව සඳහන් කරමින්. ඉරානයේ සංචාරය නොකරණ ලෙසට සිය පුරවැසියන්ට උපදෙස් දී ඇති ඔස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය හා අමෙරිකාව යන රටවල ක්‍රීඩකයින් පස් දෙනෙක් මෝහන් බගාන් කණ්ඩායමේ සිටිනවා.

මේ කණ්ඩායම සුදුසුකම් ලබා සිටින ආසියානු ශූරතාවලියේ ඊළඟ තරගාවලියෙන් සහ 2027-28 ක්‍රීඩා වාරය දක්වා සියලු තරගවලින් ඔවුන් ඉවත් කිරීමට AFC හි විනය හා ආචාර ධර්ම කමිටුව තීරණය කර තිබෙනවා.

ඉන්දියානු පාපන්දු සමාජ ශූරයින් වන මෝහන් බගාන් ට ඩොලර් 50,000ක දඩයක් ද නියම කරමින් AFC හා සෙපාහාන් පාපන්දු සමාජයට සිදුවූ හානි සහ අහිමි වීම් වෙනුවෙන් තවත් ඩොලර් 50,729ක් ද ගෙවන ලෙසට  නියෝග කර තිබෙනවා. ආසියානු මහාද්වීපයේ දෙවැනි ස්තරයේ තරගාවලියකට සහභාගි වීම වෙනුවෙන් වන කිසිම සහනාධාරයක අයිතිය ද මෝහන් බගාන් අහෝසි කරගෙන තිබෙන අතර එම කණ්ඩායම ක්‍රීඩා කළ තරග ද අවලංගු කර තිබෙනවා.

ඉරානයේ පැවැත්වීමට නියමිත තරගය මධ්‍යස්ථ ස්ථානයකට මාරු කරන ලෙසට එම සමාජය ක්‍රීඩා බේරුම්කාර උසාවියෙන් ඉල්ලා ඇතත් ඔවුන්ගේ ඒ මූලික ඉල්ලීම එම උසාවිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

“තමන්ගේ ජීවිත හා පවුල්වල අනාගතය පරදුවට තබා මේ අවදානම ගන්න බැහැ කියලා ක්‍රීඩකයන් තීරණය කළා. ඒ නිසා අපට ඔවුන්ගේ පැත්ත ගන්න සිදුවුනා” යැයි ජ්‍යෙෂ්ඨ මෝහන් බගාන් නිලධාරියෙක් පවසනවා.

පසුගිය වසරේද මේ සමාජ කණ්ඩායම 2024 ඔක්තෝබර් 2 වැනි දින ට්‍රැක්ටර් ක්‍රීඩා සමාජය සමග නියමිතව තිබූ තරගය සඳහා ඉරානය ට ගියේ නැහැ. එය ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට බැලිස්ටික් මිසයිල යැවීමෙන් පසු දිනය යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෝහන් බගාන් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කෙරුණා.

තමන්ට පැනවූ තහනමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීම පිළිබඳව මෝහන් බගාන් ක්‍රීඩා සමාජය සලකා බලමින් සිටින බව එම නිලධාරියා ප්‍රකාශ කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...