The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පළමු ලෝක යුද්ධයේ නත්තල් සටන් විරාමය: සාමය ගෙන එන්න පාපන්දුවට පුළුවන්ද?

T

The Leader Desk

December 26, 2025 • 9:27 AM

පළමු ලෝක යුද්ධයේ නත්තල් සටන් විරාමය: සාමය ගෙන එන්න පාපන්දුවට පුළුවන්ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළමු ලෝක යුද්ධය අතිශයින් දරුණු තත්ත්වයට පත්ව තිබියදී 1914 වසරේ නත්තල් දින උදෑසන තුවක්කු නිහඬ වුනා.
  • මේ මොහොත 1914 වසරේ නත්තල් තාවකාලික සටන් විරාමය ලෙසින් පසුව ජනප්‍රිය වුණා.
  • වින්ස්ටන් චර්චිල් එංගලන්ත අගමැතිවරයා පසුව ප්‍රකාශ කළ පරිදි, යුද්ධය කිසිම අවස්ථාවක නිල වශයෙන් නතර වුනේ නැහැ.
  • ඒ වෙනුවට හටගත්තේ සොල්දාදුවන් විසින් ම ඇතිකර ගත් දුබල, අනියම්, ඉබේ සිදුවූ තාවකාලික ප්‍රදේශීය සටන් විරාමයන්.
අකුරු ප්‍රමාණය (Font Size):

ෂෙල් උණ්ඩ නැහැ. රයිෆල් තුවක්කු පත්තු වුනේ නැහැ. ඒ වෙනුවට, කැරොල් ගීය යුද පෙරමුණේ අගල්වලින් දෝංකාරය වුනා. ඒ ගී නාදය ප්‍රතිවිරුද්ධ හමුදා දෙකකට මැදි වූ හිමිකරුවකු නැති බිමේ ශීතල සුළඟේ පාවී ගියා.

ජර්මන් සොල්දාදුවෝ පළමුව ගීත ගායනා කළා. බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ රුසියානු හමුදාවෝ ඊට ඇහුම්කන් දුන්නා. ඉක්බිති ඔවුන් තවත් කැරොල් ගීයකින් පිළිතුරු දුන්නා.

 


සමහර කේන්ද්‍රක ඛණ්ඩවලදී පිත්තල සංගීත භාණ්ඩ කණ්ඩායම් ද මීට එක්වුනා. විකාර රූපී පැය කිහිපයකට, ලෝකයේ වඩාත්ම දරුණු යුද්ධය නතර වුණා.

මේ මොහොත 1914 වසරේ නත්තල් තාවකාලික සටන් විරාමය ලෙසින් පසුව ජනප්‍රිය වුණා. නමුත් එය නිශ්චිත කොන්දේසි නැතිව යුද්ධය නතර කිරීමක් වුනේ නැහැ. වින්ස්ටන් චර්චිල් එංගලන්ත අගමැතිවරයා පසුව ප්‍රකාශ කළ පරිදි, යුද්ධය කිසිම අවස්ථාවක නිල වශයෙන් නතර වුනේ නැහැ. නොයෙක් පෙදෙස්වල යුද්ධය දිගටම පැවතුනා. ඒ වෙනුවට හටගත්තේ සොල්දාදුවන් විසින් ම ඇතිකර ගත් දුබල, අනියම්, ඉබේ සිදුවූ තාවකාලික ප්‍රදේශීය සටන් විරාමයන්.

පාපන්දු ක්‍රීඩාව පැමිණියේ ඉනික්බිතිවයි.

මෙය එම තාවකාලික සටන් විරාමයේ වඩාත්ම ජනප්‍රිය වූ සහ වඩාත්ම වරදවා වටහා ගත් ප්‍රතිරූපය යි.

 

1914 1
සංවිධානය වූ කණ්ඩායම්, නියම ගෝල් කණු හා නිරවුල්ව විනිශ්චය කෙරුනු තරගයක් පිළිබඳව තිබෙන අදහස සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. යථාර්ථය සරල හා බොහෝ මානුෂික එකක්. එය බිමේ ඇදීගන යන බෝලයකට සිනාසෙමින් පයින් ගහන, හදිසියේ සූදානම් කරගත්, මඩේ ක්‍රීඩා කළ තරගයක්. බෙල්ජියමේ ෆ්ලැන්ඩර්ස් ප්‍රදේශයේ තැන් කිහිපයකදී, ප්‍රතිවාදී සොල්දාදුවන් එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කළේ වෙඩි උණ්ඩ වෙනුවට ගෝල්, විහිළු හා මත්පැන් බෝතල් වැනි තෑගි පවා ඇත්තෙන්ම හුවමාරු කර ගනිමින්.

නත්තල් දින එළිය වැටෙද්දී, ජර්මන් හමුදාවන් නිරායුධව ඔවුන්ගේ අගුල්වලින් ඉහළට නැග්ගේ තමන්ගේ සතුරන්ගේ භාෂාවෙන් “ප්‍රීතිමත් නත්තලක්” - Merry Christmas - යනුවෙන් ඇරයුම් කරමින්. ඒ අනුව පරිස්සමින් ඉදිරියට පැමිණි මිත්‍ර හමුදා භටයින් ඉන්පසුව සතුරු සොල්දාදුවන්ට අතට අත දුන්නා. සිගරට්, පුඩිං හා සින්දු හුවමාරු කර ගත්තා. එක දිනයකට, හමුදා නිලඇඳුම්වලට වඩා බෙදාගත් මනුෂ්‍ය දයාව වැදගත් වුනා.

මෙමගින් යුද්ධය නතර වනු ඇතැයි යනුවෙන් මුළාවක් තිබුනේ නැහැ. සාමය වෙනුවෙන් කිසිම ක්‍රියාමාර්ගයක්  ගැනුනේත් නැහැ. සටන් විරාමය වැඩි වේලාවක් නොපවතින බව සොල්දාදුවන් දැන සිටියා.

එය එසේ පැවතුනේත් නැහැ.

Christmas truce 2023 12 20 155242 yrlp
1915 වසර වන විට යුද්ධය නැවත පැමිණියේ කාර්මික කෝපයෙන් වියරු වැටුනු මුහුණුවරකින්. මැෂින් තුවක්කු, විෂවායු හා කාලතුවක්කු විසින් තවත් නත්තල් සටන් විරාමයකට තිබූ සියලු අවස්ථාවන් මකා දැමුවා.

පළමු ලෝක යුද්ධයේ සොල්දාදුවන් එක දිනයක් ගතකළේ යුද්ධය නතර කළ හැකි බව ඔප්පු කරමින්. ඊළඟ දින 1,567 ගතකළේ එය නතර කළ නොහැකි බව තහවුරු කරමින්. තවත් මිලියන ගණනාවක් මිය ගියා.

නමුත් එක් කෙටි මොහොතකට, සතුරන්ට තමන් මිනිසුන් බව මතක් කිරීමට බෝලයක්, සින්දුවක් හා බෙදාගත් තරගයක් ප්‍රමාණවත් වුනා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...