The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉම්රාන් ඛාන්: අපා දුක් විඳින පාකිස්තාන ක්‍රිකට් ලෙජන්ඩ් යළි කිසිදා දකින්න නොලැබේවිදැයි පවුල බියෙන්

T

The Leader Desk

December 29, 2025 • 10:15 AM

ඉම්රාන් ඛාන්: අපා දුක් විඳින පාකිස්තාන ක්‍රිකට් ලෙජන්ඩ් යළි කිසිදා දකින්න නොලැබේවිදැයි පවුල බියෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්තානය ට ලෝක කුසලානය දිනා දුන් ක්‍රිකට් ලෙජන්ඩ් ඉම්රාන් ඛාන් දැන් කල් ගෙවන්නේ කෘමීන්ගේ විෂ බීජවලින් දූෂ්‍යව තිබෙන ඉතා කුඩා සිරකූඩුවක.
  •   1992 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායමට කීර්තිය කරා යාමට නායකත්වය දුන්නේ දැන් 73 වැනි වියේ පසුවන ඉම්රාන් ඛාන්.
  • එම අවස්ථාවේදී ඔහු එංගලන්තය හා ඉන්දියාව ට එරෙහිව එදා මෙදා තුර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගමාලා ජයග්‍රහණයන් කරා පාකිස්තානය මෙහෙයවමින් ලෝකයේ ඉහළම ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත්ව සිටියා.
  • ඉම්රාන් ඛාන් අදටත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නායකයෙකු ලෙස වැඩිම කඩුලු ලබා ගැනීමේ ලෝක වාර්තාව උසුලනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

එය මරණ දඬුවම නියම වූ සිරකරුවකුගේ කුටිය වැනි හිරකාමරයක් බව පැවසෙනවා.

 

imran cowuger

1992 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායමට කීර්තිය කරා යාමට නායකත්වය දුන්නේ දැන් 73 වැනි වියේ පසුවන ඉම්රාන් ඛාන්. එම අවස්ථාවේදී ඔහු එංගලන්තය හා ඉන්දියාව ට එරෙහිව එදා මෙදා තුර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගමාලා ජයග්‍රහණයන් කරා පාකිස්තානය මෙහෙයවමින් ලෝකයේ ඉහළම ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවට පත්ව සිටියා.

ඉම්රාන් ඛාන් අදටත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නායකයෙකු ලෙස වැඩිම කඩුලු ලබා ගැනීමේ ලෝක වාර්තාව උසුලනවා. ඔහු 1992 වසරේදී ක්‍රිකට් තරග බිමෙන් සමුගන්නා විට ලකුණු 3,000ක් හා කඩුලු 300ක තුන් ඉරියව් හපන්කමක් වාර්තා කර තිබුණා.

 

imran khan 2837y
ඉක්බිති ඉම්රාන් ඛාන් දේශපාලනයට පිවිස අවසානයේදී වසර 2018 සිට 2022 දක්වා කාලය තුළ පාකිස්තානයේ අගමැතිවරයා ලෙස පත්ව සිටියා.

නමුත් දැන් මේ පළපුරුදු දේශපාලනඥයා සිටින්නේ සිර කුටියකයි. දූෂණ චෝදනා මත මීට මාස 11කට පෙර ඛාන් ට වසර 14ක සිරදඬුවමක් නියම වුනා. රාවල්පින්ඩි නුවර අඩිආලා බන්ධනාගාරයේ හුදෙකලා රැඳවුමක සිරකර තිබෙන ඔහු දිනයේ පැය 23ක් ම ගෙවන්නේ තනිවමයි. එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, ඛාන්ගේ ජනේලයක් නැති සිර කුටිය කෘමීන්ගෙන් පිරී තිබෙන අතර පිළිකුල් උපදවන එහි ඇත්තේ දුර්වල වායු සංසරණයක්. 

mran khan2

 

ඔහුගේ සොයුරිය උස්මා ඛානම් (Uzma Khanum) ට මේ වසර මුල ඉම්රාන් දැක ගැනීමට ලබා දුන් දුර්ලභ අවස්ථාවෙන් පසුව ඔහුව යළි කිසිදිනෙක දැකීමට නොහැකි වනු ඇතැයි යන බියක් ඔහුගේ පවුලේ සාමාජිකයන් තුළ හටගෙන තිබෙනවා.

උස්මා ඛානම් මෙසේ කියනවා: “එයා ශාරීරික වශයෙන් හොඳින් ඉන්නවා. කොහොම වුනත්, ඔවුන් එයාට මානසිකව වධ දෙන බව එයා කියනවා. මේ සියල්ලටම වගකිව යුත්තේ අසිම් මුනිර් (පාකිස්තානයේ හමුදා ප්‍රධානියා) බව ඉම්රාන් පවසනවා.”

“ඔවුන් එයාව හැම තිස්සේම ඇතුළෙ තියාගෙන ඉන්නවා. එළියට ගන්නේ ඉතාම ටික වෙලාවකට විතරයි. වෙන කිසිම කෙනෙකුව හමුවෙන්න එයාට ඉඩක් නැහැ.”

මේ වසරේදී X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඉම්රාන් ඛාන් ඉතා කුඩා කුටියක තමා විඳින අපා දුක පිළිබඳව පැමිණිලි කර තිබුණා:

 

imrakn knaiuy8

“මම විඳින්නේ පාකිස්තාන ඉතිහාසයේ වඩාත්ම කුරිරු සිර දඬුවමයි.”

“වධ හිංසා කිරීම හා ආඥාදායකයේ තරම කොතරම්ද කිවතොත්, මට සෝදා පිරිසිදු වෙන්න තිබෙන වතුර පවා අපවිත්‍රයි. එය කුණුවලින් දූෂණය කරලා. ඒවා මිනිහෙකුට සුදුසු වතුර නෙවෙයි.”

“මම එකම පරණ පොත් ආයෙත් කියවමින් ගණන් කළ නොහැකි තරමට පැය ගතකර තියෙනවා. නමුත් දැන් ඒ පොත් පවා මට තවදුරටත් ලැබෙන්නේ නැහැ.”

“නැවත නැවත ඉල්ලීම් කර තිබියදීත්, මට මගේ දරුවන් එක්ක කතා කරන්න ඉඩ දීලා නැහැ. දේශපාලන රැස්වීම් ද සීමා කර තියෙනවා. මට මුණගැසෙන්න අවසර දී තිබෙන්නේ එක්තරා තෝරාගත් තනි පුද්ගලයන් කිහිප දෙනෙකුව පමණයි. අනෙක් සියලුම අන්‍යෝන්‍ය ක්‍රියාවන් තහනම් කරලා!”

adiyaa prison
warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉම්රාන් ඛාන්: අපා දුක් විඳින පාකිස්තාන ක්‍රිකට් ලෙජන්ඩ් යළි කිසිදා දකින්න නොලැබේවිදැයි පවුල බියෙන් | The Leader