ICCය විසින් මෙසේ ප්‍රකාශ කර තිබෙන්නේ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) මුරණ්ඩු පිලිවෙත හේතුවෙන් ඔවුන්ගේ විධායක මණ්ඩල රැස්වීම ඊයේ අතීරණාත්මකව අවසන් වීමෙන් පසුව.
මේ හදිසි රැස්වීම කැඳවා තිබුනේ ලබන වසරේ පෙබරවාරි-මාර්තු වකවානුවේ පාකිස්තානයේ පැවැත්වීමට නියමිත එම තරගාවලියේ වැඩසටහන පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට වූව ද, ආරක්ෂක හේතුන් මත පාකිස්තානය ට පැමිණීම ඉන්දියාව ස්ථිරවම ප්‍රතික්ෂේප කර තිබියදීත් පාකිස්තානය නැවත වතාවක් ‘හයිබ්‍රිඩ්’ ආකෘතිය ප්‍රතික්ෂේප කිරීම නිසා පොදු සම්මුතියකට එළඹීමට නොහැකි වී තිබෙනවා.
ජගත් ක්‍රිකට් කවුන්සල මණ්ඩලයේ සාමාජිකයන් වැඩි දෙනෙක් පාකිස්තානය වැටී සිටින තත්ත්වය සම්බන්ධයෙන් අනුකම්පාව දැක්වුව ද, වර්තමාන පටලැවිලි තත්ත්වයට තිබෙන එකම විසඳුම ලෙස ‘හයිබ්‍රිඩ්’ ආකෘතිය පිළිගන්නා ලෙසට ඔවුන් PCB සභාපති Mohsin Naqvi ට උපදෙස් දී තිබෙනවා.

‘හයිබ්‍රිඩ්’ ආකෘතිය ක්‍රියාවට නැංවුවහොත්, චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඉන්දියා කණ්ඩායමේ තරග පැවැත්වෙනු ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. ඉන්දියාව සහභාගි නොවන ICC තරගාවලියකට කිසිම රූපවාහිනී ප්‍රචාරය කරන්නෙක් සතයක් හෝ නොදෙන බවත් පාකිස්තානය එය හොඳින් දන්නා බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය පවසා ඇති බව වාර්තා වනවා.
“පාකිස්තානය ‘හයිබ්‍රිඩ්’ ආකෘතියට එකඟ නොවුනොත්, මුළු තරගාවලියම වෙනත් රටකට මාරු කිරීමට ICCයට සිදුවෙනවා. එහෙම වුනොත් එය ක්‍රීඩා කෙරෙනු ඇත්තේ පාකිස්තානය නැතුවයි” කවුන්සලයේ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.
චැම්පියන්ස් කුසලාන තරගාවලිය වෙනත් රටකට ගෙන ගියහොත්, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට අමෙරිකානු ඩොලර් මිලියන හයක සත්කාරකත්ව මුදල හා ප්‍රවේශ පත්වලින් ලැබෙන මුදල අත්හැර දැමීමට සිදුවන බව පැවසෙනවා. මීට අමතරව ඩොලර් මිලයන 35ක් වන ඔවුන්ගේ වාර්ෂික ආදායමෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් අඩු වීමට ඉඩ තිබෙනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
සබැඳි පුවත :
ශ්‍රී ලංකා ‘ඒ’ සංචාරය අවලංගු වීමෙන් පාකිස්තානය චැම්පියන්ස් කුසලානය අහිමි වීමේ අවදානමක
චැම්පියන්ස් කුසලාන තරගාවලිය වෙනත් රටකට ගෙන ගියහොත්, පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට අමෙරිකානු ඩොලර් මිලියන හයක සත්කාරකත්ව මුදල හා ප්‍රවේශ පත්වලින් ලැබෙන මුදල අත්හැර දැමීමට සිදුවන බව පැවසෙනවා. මීට අමතරව ඩොලර් මිලයන 35ක් වන ඔවුන්ගේ වාර්ෂික ආදායමෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් අඩු වීමට ඉඩ තිබෙනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
සබැඳි පුවත :
ශ්‍රී ලංකා ‘ඒ’ සංචාරය අවලංගු වීමෙන් පාකිස්තානය චැම්පියන්ස් කුසලානය අහිමි වීමේ අවදානමක