The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
පුවත්

2025 කළු ජනවාරිය ආරම්භයේ දකුණේත්, නැගෙනහිරත් ලසන්ත අනුස්මරණ

T

The Leader Desk

January 9, 2025 • 7:32 AM

2025 කළු ජනවාරිය ආරම්භයේ දකුණේත්, නැගෙනහිරත් ලසන්ත අනුස්මරණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දහසය වසරකට ඉහත දී ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘවරයා සිහිපත් කරමින් අගනගරයේදී මෙන්ම නැගෙනහිරදීද අනුස්මරණ පවත්වා තිබේ.
  •   නැගෙනහිර ලංකා ප්‍රවෘත්ති වාර්තාකරුවන්ගේ සංගමය, මඩකලපු දිස්ත්‍රික් දෙමළ මාධ්‍ය සමාජය සහ මඩකලපුව මාධ්‍ය සමාජය එක්ව එම විරෝධතාවය සහ අනුස්මරණය සංවිධානය කර තිබු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.
  • අනුස්මරණයට හා විරෝධතාවයට නායකත්වය දුන් මඩකලපුව මාධ්‍ය සමාජයේ සභාපති වාලසිංහම් ක්‍රිෂ්ණකුමාර් එහිදී චෝදනා කළේ වත්මන් පාලනය තුලදී පවා මාධ්‍යවේදීන්ට නිදහස අහිමි කර ඇති බවටයි.
  • "පසුගිය කාලයේ අම්පාරේදී සහ කිලිනොච්චියේදී මාධ්‍යවේදීන්ට පහර දීලා තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඝාතනයට ලක් වු ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත කර තිබෙන ස්මාරකය අසලදී ජනවාරි 8 වැනිදා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඡායාරූපයකට මලින් පහනින් උපහාර දැක්වු දෙමළ ජනමාධ්‍යවේදීන් ප්‍රදේශයේ දේශපාලනඥයන් කිහිප දෙනෙකුද සමග එක්ව පසුගිය සමයේ ඝාතනයට ලක්වු සියළු මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා විරෝධතාවයක්ද දියත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වැඩිම පිරිසක් ඝාතනය කරන ලද මේ මාසය නම්කර ඇත්තේ ‘කළු ජනවාරිය’ ලෙසය.  

නැගෙනහිර ලංකා ප්‍රවෘත්ති වාර්තාකරුවන්ගේ සංගමය, මඩකලපු දිස්ත්‍රික් දෙමළ මාධ්‍ය සමාජය සහ මඩකලපුව මාධ්‍ය සමාජය එක්ව එම විරෝධතාවය සහ අනුස්මරණය සංවිධානය කර තිබු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

අනුස්මරණයට හා විරෝධතාවයට නායකත්වය දුන් මඩකලපුව මාධ්‍ය සමාජයේ සභාපති වාලසිංහම් ක්‍රිෂ්ණකුමාර් එහිදී චෝදනා කළේ වත්මන් පාලනය තුලදී පවා මාධ්‍යවේදීන්ට නිදහස අහිමි කර ඇති බවටයි.

"කාලෙන් කාලෙට බලයට එන පාලකයන් ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරනවා වෙනුවට තව තවත් මාධ්‍යවේදීන් මර්දනය කරනවා. ඒ ආකාරයට මාධ්‍යවේදීන්ගේ ඝාතන වලට යුක්තිය ඉටුකරනවා යැයි කියමින්, මාධ්‍ය නිදහස සුරකිනවා යැයි කියූ, ජාතික ජන බලවේගයේ පාලනය යටතේත් මාධ්‍යවේදීන්ට මාධ්‍ය නිදහස අහිමි කරලා තියනවා."

උතුරේත්, දකුණේත් වින්දිත සියළු මාධ්‍යවේදීන් වෙනුවෙන් මෙන්ම රට අත හැර යාමට බල කෙරුණු සියළු මාධ්‍යවේදීන් වෙනුවෙන් ද මේ ආණ්ඩුව යටතේ හෝ සාධාරණය ඉටු විය යුතු බව ඔහු වැඩි දුරටත් පවසා තිබුනි.


"පසුගිය කාලයේ අම්පාරේදී සහ කිලිනොච්චියේදී මාධ්‍යවේදීන්ට පහර දීලා තියනවා. ඇත්ත හෙළි කරන මාධ්‍යවේදීන්ට පහර දෙනවා. මාධ්‍ය නිදහස අහිමි කරනවා. ඒ නිසා අවම වශයෙන් මේ පාලනය තුළ ලසන්ත වික්‍රමතුංගට විතරක් නෙමෙයි ඝාතනය කළ, පහරදීම්වලට ලක් කළ, තර්ජනයට ලක්වූ සහ රට හැර ගිය මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටුවිය යුතුය."

මාධ්‍යවේදීන් 44 ක්

2004-2010 හය වසර තුල ඝාතන සහ අතුරුදහන් කිරීම් ඇතුළු පීඩාවලට රට තුලදී ලක්වූ මාධ්‍යවේදීන් ගණන 44 ක් බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් සම්පාදනය කරන ලද වාර්තාවක දැක්වේ.

ඉන් වැඩි ප්‍රමාණයක් උතුරේ දෙමළ මාධ්‍යවේදීන්ය. ඔවුන් කිසිවකුටත් මේ තාක් යුක්තිය ඉටු වී නොමැත.

බොරැල්ල කනත්තේ පිහිටි මාධ්‍යවේදී ලසන්න වික්‍රමතුංගගේ සුසානය අබියසදී පෙර වසරවලදී මෙන්ම මෙවරත් ඔහුව අනුස්මරණය කිරීමට දේශපාලනඥයන්, මානව හිමිකම් ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් කටයුතු කර තිබුනි.

එම අවස්ථාවට එක්ව සිටි අතුරුදහන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන ජගත් සම්මානලාභී මානව හිමිකම් ක්‍රියාධාරීනී සන්ධ්‍යා එක්නැලිගොඩ අපේක්ෂාව පළකර තිබුනේ මහදවල් මහමග මරා දැමු ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් කිසිම ආණ්ඩුවක් අවුරුදු 16ක් තිස්සේ ඉටු නොකළ යුක්තිය හැමදාම අරගල භුමියේ සිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ලබන අවුරුද්ද උදාවීමට පෙර සැලසෙනු ඇති බවටයි.

 

lasantha picatin

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...