The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'ජ්‍යේෂ්ඨ අපේ අත්දැකීම් වලින් නවකයන්ට සහාය වීමට බැරිවුණා' - චමරි

T

The Leader Desk

January 1, 2026 • 5:43 AM

'ජ්‍යේෂ්ඨ අපේ අත්දැකීම් වලින් නවකයන්ට සහාය වීමට බැරිවුණා' - චමරි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳව තමන් බොහෝ සතුටට පත්වන නමුත්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩීකාවන් ලෙස තමන් ඇතුළු සෙසු ජ්‍යෙෂ්ඨයන්ට සිය උපරිමය ලබා දීමට නොහැකි වීම පිළිබඳව නායිකාව ලෙස තමන් කනගාටු වන බව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පෙරේදා (30 වැනිදා) ඉන්දියාව සමග පැවැති 5 වැනි විස්සයි විස්ස තරගය ලකුණු 15කින් පරාජයට පත් වීමෙන් අනතුරුව පැවැසුවාය.
  • නමුත් එය මම ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ගෙන් මෙම තරගාවලියේ සිදු වුණේ නෑ.
  • අපි මීට මාස 6-7කට කලින් ඉතා හොඳින් ක්‍රීඩා කළා.
  • එසේම තරග 5ක ද්විපාර්ශ්වික තරගාවලියක පූර්ණ ජයක් හිමිකරගත් තෙවැනි අවස්ථාව ලෙසද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ චමරි,

"අපි මේ ක්‍රීඩා කරන්නේ අපේ උපරිමය නෙවෙයි. අපි අපේ පිතිකරණය සහ ප්‍රවේගකාරීව පන්දුවට පහරදීම වැඩි දියුණු කරගත යුතුයි. ඉදි‍රි මාස කිහිපයේදී අපි නැවත මෙම අඩුපාඩු සකස්කරගෙන ක්‍රීඩා කිරීම අත්‍යවශ්‍යයි. අපේ නවක ක්‍රීඩිකාවන් ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. ජ්‍යෙෂ්ඨයන් ඔවුන්ට අත්දැකීම්වලින් සහය ලබා දිය යුතුයි. නමුත් එය මම ඇතුළු ජ්‍යෙෂ්ඨයන්ගෙන් මෙම තරගාවලියේ සිදු වුණේ නෑ. එ‍ය කනගාටුවට කරුණක්. අපි මීට මාස 6-7කට කලින් ඉතා හොඳින් ක්‍රීඩා කළා. එය නැවත රැගෙන ආ යුතුයි. එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර මේ දේවල් ගැන සිතා බලා කටයුතු වනවා" යනුවෙන් පැවසුවාය.

cf5119b02f6c87015cd03a28614a8b1e54c79be6

 

මෙම තරගයේ පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 5කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 5-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයක් අත් විඳීමට සිදුවූ අතර එය ඉන්දීය කාන්තා කණ්ඩායම සිය රටෙහිදී තරග 5ක තරගාවලියක් පූර්ණ ජයක් හිමිකරගත් ප්‍රථම අවස්ථාව මෙය බවට පත් විය. එසේම තරග 5ක ද්විපාර්ශ්වික තරගාවලියක පූර්ණ ජයක් හිමිකරගත් තෙවැනි අවස්ථාව ලෙසද වාර්තා වේ. එසේම මෙම පරාජය සමගින් ශ්‍රී ලංක කාන්තා කණ්ඩායම වැඩිම විස්සයි විස්ස පරාජයන්ගේ වාර්තාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් තරග 105ක පරාජයන් තම නම ඉදිරියේ රඳවා ගැනීමට සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස් කරද්දී එහි වැඩි සාර්ථකත්වයක් දැක්වූ පිතිකාරිනිය බවට ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කෝර් පත් වූ අතර ඇය වේගවත් ලකුණු 68ක් රැස් කළාය. ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේදී ආරම්භක පිතිකාරිනි හසිනි පෙරේරා ලකුණු 65ක් සහ ඉමේෂා දුලානි ලකුණු 50ක් රැස් කළද අනෙකුත් පිතිකාරිනියන්ගෙන් ඔවුන් දෙදෙනාට කිසිදු සහයක් හිමි නොවිණි. ඔවුන් දෙදෙනා හැර ලකුණු 10ට වඩා රැස් කළ එකම ක්‍රීඩිකාව වූයේ ලකුණු 14ක් රැස් කළ රශ්මිකා සෙව්වන්දි පමණකි.

(aruna)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...