The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආසියාවටත් ‘නේෂන්ස් ලීග්’ පාපන්දු තරගාවලියක්

T

The Leader Desk

January 2, 2026 • 11:50 AM

ආසියාවටත් ‘නේෂන්ස් ලීග්’ පාපන්දු තරගාවලියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව ද ඇතුළුව ආසියානු කලාපයේ රටවල් 47ක පාපන්දු ක්‍රීඩාව නගා සිටුවමින් එහි තරගකාරිත්වයේ මට්ටම දියුණු කිරීම සඳහා ‘නේෂන්ස් ලීග්’ (Nations League) තරගාවලියක් පැවැත්වීමට ආසියානු පාපන්දු සම්මේලනය (AFC – Asian Football Confederation) තීරණය කර තිබෙනවා.
  • ‘නේෂ්න්ස් ලීග්’ තරගාවලියක් සංවිධානය කිරීම මගින් උත්සාහ කරන්නේ ආසියානු මහාද්වීපය හරහා ඇති ජාතික කණ්ඩායම්වල තරගකාරී තත්ත්වය හා වාණිජමය අවස්ථාවන් වර්ධනය කිරීමට බව ඔවුන් පවසනවා.
  • වින්ඩ්සර් ජෝන් “AFC නේෂන්ස් ලීගය නියෝජනය කරන්නේ අපේ සාමාජික සංගම් හතළිස් හතේ වැඩි දියුණුවට සහාය ලබා දීම පිණිස දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙන අපේ කැපවී‌මේ වැදගත් ඉදිරි පියවරක්” යැයි AFC ලේකම් වින්ඩ්සර් ජෝන් (Windsor John) සඳහන් කරනවා.
  • වර්තමානයේ AFCය සෑම සිවු වසරකට වරක් ආසියානු කුසලාන තරගාවලිය (Asian Cup) සංවිධානය කරන අතර කණ්ඩායම් 24ක් සහභාගි වන එහි ඊළඟ අදියර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2027 ජනවාරි මාසයේ සෞදි අරාබියේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ ලීගය ආරම්භ කිරීමේ නිශ්චිත දිනයක් ආසියාවේ පාපන්දු බලධාරීන් විසින් ලබා දී නැති අතර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට (FIFA) තිබෙන ජාත්‍යන්තර තරග නැති කාල රාමුවක් මේ සඳහා යොදා ගැනීමට අදහස් කරන බව AFCය ප්‍රකාශ කරනවා.

‘නේෂ්න්ස් ලීග්’ තරගාවලියක් සංවිධානය කිරීම මගින් උත්සාහ කරන්නේ ආසියානු මහාද්වීපය හරහා ඇති ජාතික කණ්ඩායම්වල තරගකාරී තත්ත්වය හා වාණිජමය අවස්ථාවන් වර්ධනය කිරීමට බව ඔවුන් පවසනවා.

winsor 1වින්ඩ්සර් ජෝන්

“AFC නේෂන්ස් ලීගය නියෝජනය කරන්නේ අපේ සාමාජික සංගම් හතළිස් හතේ වැඩි දියුණුවට සහාය ලබා දීම පිණිස දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙන අපේ කැපවී‌මේ වැදගත් ඉදිරි පියවරක්” යැයි AFC ලේකම් වින්ඩ්සර් ජෝන් (Windsor John) සඳහන් කරනවා.

වර්තමානයේ AFCය සෑම සිවු වසරකට වරක් ආසියානු කුසලාන තරගාවලිය (Asian Cup) සංවිධානය කරන අතර කණ්ඩායම් 24ක් සහභාගි වන එහි ඊළඟ අදියර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2027 ජනවාරි මාසයේ සෞදි අරාබියේ.

යුරෝපීය පාපන්දුවේ පාලක මණ්ඩලය වන UEFA ඔවුන්ගේ ‘නේෂන්ස් ලීග්’ තරගාවලිය ආරම්භ කළේ 2018 වසරේ. එහි අරමුණ වී තිබෙන්නේ ඔවුන්ගේ සාමාජිකයින් ක්‍රීඩා කරන තේරුමක් ඇති තරගවල ප්‍රමාණය වැඩි කිරීමයි.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...