The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'ට්‍රම්ප්ගේ ඊළඟ නැවතුම ග්‍රීන්ලන්තය හෝ නයිජීරියාව!' -ටෙනිස් ලෙජන්ඩ් මාටිනා නව්රතිලෝවා

T

The Leader Desk

January 5, 2026 • 12:10 PM

'ට්‍රම්ප්ගේ ඊළඟ නැවතුම ග්‍රීන්ලන්තය හෝ නයිජීරියාව!' -ටෙනිස් ලෙජන්ඩ් මාටිනා නව්රතිලෝවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනිසියුලාවෙන් තෙල් පැහැර ගැනීමට ක්‍රියා කරන අමෙරිකානු කොම්පැනිවලට සාපරාධී ක්‍රියාවන් සඳහා දඬුවම් වශයෙන් සම්බාධක පැනවීමේ අදහසට තමා සහාය දක්වන බව කාන්තා ටෙනිස් ලෙජන්ඩ් මාටිනා නව්රතිලෝවා පවසනවා.
  • වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ හිරබාරයට ගත් අමෙරිකානු මෙහෙයුම හා බලය පැවරීමේ සංක්‍රාන්තිය සම්පූර්ණ වනතෙක් අමෙරිකාව වෙනිසියුලාව පාලනය කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය පිළිබඳව නව්රතිලෝවා වැඩිදුර අදහස් දක්වා සිටියා.
  • ඇස්තමේන්තුගත බැරල් බිලියන 300ක්, ගෝලීය පෙට්‍රල් එකතුවෙන් සියයට 20ක් සහ අමෙරිකාවේ ඉන්ධන සංචිත මෙන් හතර ගුණයක් වැඩි ඛනිජ සම්පතක් වෙනිසියුලාව ට උරුම කර දී තිබෙන්නේ ඛනිජ සම්පත් තිබෙන ලොව අනෙක් ඕනෑම රටක් ඔවුන් ඉදිරියේ අඟුටුමිට්ටන් බවට පත් කරමින්.
  • සෞදි අරාබිය වැනි බලශක්ති යෝධයින්ට වඩා දැන් විශාලත්වයෙන් වැඩි වෙනිසියුලාවේ තෙල් තොගය ඒ රටේ අනාගතය වටා තිබෙන භූ දේශපාලනික අරගලයේ කේන්ද්‍රීය කරුණක් බවට පත්ව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇය මෙසේ කියා තිබෙන්නේ අමෙරිකාව විසින් වෙනිසියුලාව ට කරන ලද මැදිහත්වීම සම්බන්ධයෙන් ඇගේ සිතුවිල්ල ප්‍රකාශ කරමින්.

dgjr

“වෙනිසියුලාවේ තෙල් භුක්තිය පැහැර ගැනීමට කටයුතු කරන ඕනෑම අමෙරිකානු තෙල් ආයතනයකට ජාත්‍යන්තර අපරාධ උසාවිය මගින් සම්බාධක පැනවිය යුතුයි” යනුවෙන් සඳහන් ලෝරන් වින්ඩ්සර් මාධ්‍යවේදියාගේ X සමාජ මාධ්‍ය පෝස්ටුවට ප්‍රශංසා කරමින් නව්රතිලෝවා ප්‍රතිචාර දක්වා තිබෙන්නේ “මම ඒකට කැමතියි” යනුවෙන් සටහනක් තබමින්.

martina nav

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ හිරබාරයට ගත් අමෙරිකානු මෙහෙයුම හා බලය පැවරීමේ සංක්‍රාන්තිය සම්පූර්ණ වනතෙක් අමෙරිකාව වෙනිසියුලාව පාලනය කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය පිළිබඳව නව්රතිලෝවා වැඩිදුර අදහස් දක්වා සිටියා.

“රටක ස්වභාවික සම්පත් කොල්ලකන ගමන් ඒ රට ප්‍රාණ ඇපයට තබා ගන්නවා. ඊළඟ නැවතුම - ග්‍රීන්ලන්තය හෝ නයිජීරියාව!” යනුවෙන් නව්රතිලෝවා ලියා තිබෙන්නේ වෝල් වීදියේ මූල්‍ය, බලශක්ති හා ආරක්ෂක අංශ ආයතනවල නිලධාරීන් අමෙරිකානු හමුදා ප්‍රහාරවලින් පසුව වෙනිසියුලාවට ගොස් ඇති බවට පළවූ වාර්තාවක් ඇතුළත් පෝස්ටු මාලාවකට ප්‍රතිචාර දක්වමින්.

 

කැලිෆෝනියාව මෙන් ප්‍රමාණයෙන් දෙගුණයක් පමණ වන වෙනිසියුලාව ලොව විශාලතම අමතර-බර තෙල් සංචිත තිබෙන රටයි. ඇස්තමේන්තුගත බැරල් බිලියන 300ක්, ගෝලීය පෙට්‍රල් එකතුවෙන් සියයට 20ක් සහ අමෙරිකාවේ ඉන්ධන සංචිත මෙන් හතර ගුණයක් වැඩි ඛනිජ සම්පතක් වෙනිසියුලාව ට උරුම කර දී තිබෙන්නේ ඛනිජ සම්පත් තිබෙන ලොව අනෙක් ඕනෑම රටක් ඔවුන් ඉදිරියේ අඟුටුමිට්ටන් බවට පත් කරමින්.

සෞදි අරාබිය වැනි බලශක්ති යෝධයින්ට වඩා දැන් විශාලත්වයෙන් වැඩි වෙනිසියුලාවේ තෙල් තොගය ඒ රටේ අනාගතය වටා තිබෙන භූ දේශපාලනික අරගලයේ කේන්ද්‍රීය කරුණක් බවට පත්ව තිබෙනවා.

වෙනිසියුලාවේ සමාජවාදී රජය අමෙරිකානු බලශක්ති වත්කම් බලෙන් අල්ලාගෙන සිටින බවටත් අමෙරිකානු ආයෝජනයෙන් ගොඩනගන ලද කර්මාන්තය කඩා බිම දමා ඇති බවටත් ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා කළ කතාවෙන් චෝදනා කළා.

 

AP25355780619234
“වෙනිසියුලාව තනිමතයට අමෙරිකානු තෙල් සහ අමෙරිකානු වත්කම් බලෙන් අත්පත් කරගෙන ඒවා විකුණා දැමුවේ අපට ඩොලර් බිලියනවලිනුත් බිලියන ගණනින් පාඩු සිදු කරමින්. ඔවුන් අපේ දේපළ සියල්ල අරගත්තා.”

“අපි තමයි අපේ දක්ෂතාවෙන්, පෙළඹවීමෙන් සහ හැකියාවෙන් වෙනිසියුලාවේ තෙල් කර්මාන්තය ගොඩනැගුවේ. සමාජවාදී රජය ඒවා අපෙන් සොරකම් කළා.” වෙනිසියුලාවේ ඉන්ධන ක්ෂේත්‍රය නැවත ගොඩනැගීමේදී අමෙරිකානු බලශක්ති ආයතන ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි ට්‍රම්ප් කියා සිටියා.

“අපි අපේ ඉතා විශාල අමෙරිකානු තෙල් කොම්පැනි එහෙ යවනවා. ඩොලර් බිලියන ගණන් වියදම් කරනවා. ඉතාමත් නරක විදියට කැඩිලා තියෙන තෙල් යටිතලය අලුත්වැඩියා කරනවා. ඊට පස්සේ රටට සල්ලි හම්බු කරන්න පටන් ගන්නවා” යනුවෙන් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 



ඩෙන්මාර්ක රාජධානියට අයත් රටක් වන ග්‍රීන්ලන්තය අමෙරිකාවේ ආරක්ෂාව සඳහා අවශ්‍ය බැවින් එම භූමි ප්‍රදේශය අමෙරිකාව අත්පත් කරගන්නා බවට ට්‍රම්ප් පසුගිය සතියේ තර්ජනය කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...