The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

‘ඉන්දියාවට නොගියොත් නිතරග පරාජයක්’ යනුවෙන් පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව බංග්ලාදේශය කියයි

T

The Leader Desk

January 7, 2026 • 2:57 PM

‘ඉන්දියාවට නොගියොත් නිතරග පරාජයක්’ යනුවෙන් පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව බංග්ලාදේශය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට බංග්ලාදේශ සහභාගිත්වයේ අවිනිශ්චිතතාව මධ්‍යයේ අද (7) අලුත් නිවේදනයක්
  • බංග්ලාදේශය විසින් මතුකර තිබෙන කාරණාව පිළිබඳව BCBය සමග සාකච්ඡා කර ඔවුන් සමග සමීපව කටයුතු කිරීමේ කැමැත්ත ICCය විසින් දන්වා ඇතැයි එම නිවේදනයේ සඳහන් වනවා.
  • මේ සම්බන්ධව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ දායකත්වය සාදරයෙන් පිළිගන්නා බවට ද ක්‍රිකට් බලධාරීන් සහතික වී තිබෙනවා.
  • “ඔවුන් සමග පැවති සන්නිවේදනයේදී, මේ තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ සම්පූර්ණ හා බාධාවකින් තොර සහභාගිත්වය තහවුරු කිරීම පිණිස ICCය ඔවුන්ගේ කැපවීම නැවත නැවත ප්‍රකාශ කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

නිකුත් කරන බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB), ඔවුන්ගේ කණ්ඩායම ඉන්දියාවේ ක්‍රීඩා කිරීම හෝ නිතරග ලකුණු ලබා දීම තෝරා ගත යුතු බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) අවසාන දැනුම් දීමක් සිදුකර තිබෙන බවට පළවන වාර්තා අසත්‍ය බව කියා සිටිනවා.

බංග්ලාදේශය විසින් මතුකර තිබෙන කාරණාව පිළිබඳව BCBය සමග සාකච්ඡා කර ඔවුන් සමග සමීපව කටයුතු කිරීමේ කැමැත්ත ICCය විසින් දන්වා ඇතැයි එම නිවේදනයේ සඳහන් වනවා. මේ සම්බන්ධව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ දායකත්වය සාදරයෙන් පිළිගන්නා බවට ද ක්‍රිකට් බලධාරීන් සහතික වී තිබෙනවා.

“2026 T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාව ට යන බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය යොමු කළ සැලකිල්ලට සහ කණ්ඩායමේ තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසට කළ ඉල්ලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් ප්‍රතිචාර ලැබී තිබෙනවා” යනුවෙන් BCBය නිකුත් කළ නිල ප්‍රකාශනයේ සඳහන්ව තිබෙනවා.

එම නිවේදනයේ ඉතිරි කොටසයි මේ.

“ඔවුන් සමග පැවති සන්නිවේදනයේදී, මේ තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ සම්පූර්ණ හා බාධාවකින් තොර සහභාගිත්වය තහවුරු කිරීම පිණිස ICCය ඔවුන්ගේ කැපවීම නැවත නැවත ප්‍රකාශ කර තිබෙනවා. බංග්ලාදේශය විසින් මතුකර තිබෙන කරුණු කාරණා සම්බන්ධයෙන් BCBය සමග සමීපව ක්‍රියා කිරීමට ICCය කැමැත්ත දන්වා තිබෙනවා. තරග වෙනුවෙන් සුවිශේෂ ආරක්ෂක සැලැස්මක් සකස් කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙසින් BCBයේ දායකත්වය ඔවුන් සාදරයෙන් පිළිගන්නවා.

ලෝක කුසලාන තරග සම්බන්ධයෙන් අවසන් නිවේදනයක් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට ලැබී තිබෙන බවට සමහර මාධ්‍යවල පළව තිබෙන වාර්තා පිළිබඳව BCBයේ අවධානය යොමුව තිබෙනවා. එම වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනමක් රහිත සහ ICCයෙන් ලැබුණු සන්නිවේදනයේ ස්වභාවය හෝ එහි අඩංගු කරුණු පිළිබිඹු නොවන ඒවා බවත් BCBය සෘජුව ප්‍රකාශ කරනවා.

තරගාවලිය සඳහා කණ්ඩායමේ බාධා රහිත හා සාර්ථක සහභගිත්වය තහවුරු කරන මිත්‍රශීලී හා ප්‍රායෝගික විසඳුමකට එළඹීම පිණිස ICCය හා අදාළ තරග සංවිධාන බලධාරීන් සමග බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය අඛණ්ඩව සහයෝගී හා වෘත්තිමය ආකරයෙන් නිර්මාණීය සාකච්ඡාවන්හි යෙදෙනවා.

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සුරක්ෂිතබව හා ශරීර සනීපයට ඉහළම ප්‍රමුඛතාව ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ස්ථිරව කැපවී සිටිනවා.”

BCBයේ මේ නිල ප්‍රකාශය පැමිණෙන්නේ ආරක්ෂක හේතුන් මත බංග්ලාදේශය ඔවුන්ගේ විස්සයි20 ලෝක කුසලාන තරග ඉන්දියාවෙන් පිට ස්ථානයක ක්‍රීඩා කිරීමට ඉඩ සලසන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවට ICCය විසින් BCBයට දන්වා ඇති බවට ESPN Cricinfo හි වාර්තාවක් පළවී පැය කිහිපයකට පසුවයි.

බංග්ලාදේශ කණ්ඩායම T20 ලෝක කුසලාන තරග ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාව ට යාම අවශ්‍ය බව සහ එසේ නොවුනහොත් ඔවුන්ට නිතරග පරාජයක් පිළිගෙන ජයග්‍රාහී ලකුණු ප්‍රතිවාදී කණ්ඩායම්වලට ලබා දීමේ අවදානමට මුහුණ දීමට සිදුවනු ඇති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට කියා තිබෙන බව එම වාර්තාවේ සඳහන්ව තිබුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...