The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවෙන් පිතිකරණ පුහුණුකරුවෙක්

T

The Leader Desk

January 9, 2026 • 12:51 PM

  ශ්‍රී ලංකා ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාවෙන් පිතිකරණ පුහුණුකරුවෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන මස ඇරඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදානම් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පිතිකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු හා පිතිකරණ පුහුණුකරු වික්‍රම් රාතෝගේ (Vikram Rathour) සේවය ලබා ගෙන තිබෙනවා.
  • ටෙස්ට් හා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගවලදී ඉන්දියාව නියෝජනය කළ වික්‍රම් ජනවාරි 18 වැනිදා තනතුරේ වැඩ බාරගෙන මාර්තු 10 වැනිදා තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැඳී සිටිනවා.
  • ඔහු මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම ශෛලියකදීම ඉන්දියා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස 2019 සැප්තැම්බරයේ සිට 2024 ජූලි මාසය දක්වා කටයුතු කර තිබෙනවා.
  • ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ තෙවැනි මට්ටම, ක්‍රිකට් ඔස්ට්‍රේලියා තෙවැනි මට්ටම සහ එංගලන්ත හා වේල්ස ක්‍රිකට් මණ්ඩලයේ පළමු මට්ටම වික්‍රම්ගේ සුදුසුකම් ලෙස දැක්වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


කොන්ත්‍රාත් පදනම යටතේ පත්ව සිටින ඔහු ලෝක කුසලානය ඉලක්ක කරගත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සූදානමේදී මෙන්ම තරගාවලිය අතරතුරදීත්
ඔවුන්ගේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ටෙස්ට් හා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගවලදී ඉන්දියාව නියෝජනය කළ වික්‍රම් ජනවාරි 18 වැනිදා තනතුරේ වැඩ බාරගෙන මාර්තු 10 වැනිදා තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැඳී සිටිනවා.

ඔහු මීට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම ශෛලියකදීම ඉන්දියා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස 2019 සැප්තැම්බරයේ සිට 2024 ජූලි මාසය දක්වා කටයුතු කර
තිබෙනවා.

ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ තෙවැනි මට්ටම, ක්‍රිකට් ඔස්ට්‍රේලියා තෙවැනි මට්ටම සහ එංගලන්ත හා වේල්ස ක්‍රිකට් මණ්ඩලයේ පළමු මට්ටම වික්‍රම්ගේ සුදුසුකම් ලෙස දැක්වෙනවා.

වර්තමානයේ ඉන්දියා ප්‍රිමිය ලීගයේ (IPL) රාජස්තාන් රෝයල්ස් ෆ්‍රැන්චයිසය සමග කටයුතු කරමින් සිටින වික්‍රම් රාතෝ එම කණ්ඩායමේ ප්‍රධාන සහාය පුහුණුකරු ලෙස සේවය කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ද මෑතකදී එක්වුණා. ආර්. ශ්‍රීධර් නමැති ඔහු ද ඉන්දියානු ජාතිකයෙක්.

 

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...