The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වැස්සට සේදුනු තරගයේ ටිකට් මිලදී ගත් ජනතාවට හෙට (ඉරිදා) තරගයට ටිකට් නොමිලේ

T

The Leader Desk

January 10, 2026 • 10:45 AM

වැස්සට සේදුනු තරගයේ ටිකට් මිලදී ගත් ජනතාවට හෙට (ඉරිදා) තරගයට ටිකට් නොමිලේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි ජාත්‍යන්තර විස්සයි20 තරගය සඳහා ප්‍රවේශ පත් මිලදී ගත් ජනතාවට හෙට (ඉරිදා) පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගය වෙනුවෙන් නොමිලේ ටිකට් පතක් ලබා දීමට තීරණය වී තිබෙනවා.
  •   ‌මේ අනුව, රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර තිබෙන ටිකට් කවුන්ටරවලින් තමන්ගේ ප්‍රවේශ පත්‍ර අද හෝ හෙට ඉරිදා උදේ කාලය තුළ ලබා ගන්නා ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
  • මේ ටිකට් කවුන්ටර පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව පවතිනවා.
  • ලබන මස ඇරඹෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමක් ලෙසින් සංවිධානය කර තිබෙන ශ්‍රී ලංකා - පාකිස්තාන ජාත්‍යන්තර T20 තරගමාලාවේ තෙවැනි හා අවසාන තරගය දඹුල්ල ක්‍රීඩාංගණයේදී හෙට පස්වරු 7.00 ට ආරම්භ වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්‌ මේ තීරණය ගෙන තිබෙන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා ඊයේ තරගය අහෝසි කිරීමට සිදුවීමෙන් පසුවයි.

 

1391873 7237767 Pakistan Sri Lanka match rain updates
‌මේ අනුව, රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර තිබෙන ටිකට් කවුන්ටරවලින් තමන්ගේ ප්‍රවේශ පත්‍ර අද හෝ හෙට ඉරිදා උදේ කාලය තුළ ලබා ගන්නා ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. මේ ටිකට් කවුන්ටර පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව පවතිනවා.

ලබන මස ඇරඹෙන 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමක් ලෙසින් සංවිධානය කර තිබෙන ශ්‍රී ලංකා - පාකිස්තාන ජාත්‍යන්තර T20 තරගමාලාවේ තෙවැනි හා අවසාන තරගය දඹුල්ල ක්‍රීඩාංගණයේදී හෙට පස්වරු 7.00 ට ආරම්භ වනවා.

දෙපිල අතර පැවති පළමු තරගයෙන් පාකිස්තානය පහසු ජයක් අත්කර ගත්තා. කාසියේ වාසිය දිනා ගත් ඔවුන් ශ්‍රී ලංකාව ලකුණු 128කට දවාලීමෙන් පසුව එම ඉලක්කය හඹා යාම කඩුලු හයක් සහ පන්දු විස්සක් ඉතිරි කරගෙන සම්පූර්ණ කර ගත්තා.


warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...