The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

‘ද්‍රෝහීන්’ ලෙස හඳුන්වමින් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තර්ජනාත්මක ඇමතුම්

T

The Leader Desk

January 16, 2026 • 12:06 PM

‘ද්‍රෝහීන්’ ලෙස හඳුන්වමින් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තර්ජනාත්මක ඇමතුම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශ ප්‍රිමිය ලීග් (BPL – Bangladesh Premier League) තරගාවලිය වර්ජනය කර බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ අධ්‍යක්ෂ නස්මුල් ඉස්ලාම් තනතුරෙන් පහ කරන ලෙසට ඉල්ලා සිටි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ට නොයෙකුත් ආකාරයේ තර්ජන එල්ල වී තිබෙන බව වාර්තා වනවා.
  •   නස්මුල්ගේ මේ ප්‍රකාශවලින් ඈත්ව සිටි BCBය ඔහුව මූල්‍ය කමිටුවෙන් ඉවත් කළ ද ඔහු තවමත් මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස රැඳී සිටිනවා.
  • අපි මතභේදාත්මක කිසිම වචනයක් පාවිච්චි නොකළ බව මට විශ්වාසයි.
  • අපි අපේ රටට එරෙහිව කිසිම දෙයක් කියලත් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම ක්‍රීඩකයින්ට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබී තිබෙන්නේ ඔවුන් ද්‍රෝහීන් සහ රටේ සතුරන් ලෙස හංවඩු ගසමින් බව හිටපු බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක සහ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සුබ සාධන සංගමයේ (CWAB) සභාපති මොහමඩ් මිතුන් අද (16) ප්‍රකාශ කළා.

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය මඟහැරීමෙන් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට (BCB) මූල්‍යමය පාඩුවක් සිදු නොවන බවට ප්‍රකාශ කරමින් සහ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ආයෝජනය කර ඇති මුදල් පිළිබඳව ප්‍රශ්න කර එම මුදල් ආපසු ගෙවන ලෙසට පවා ඉල්ලා සිටිමින් නස්මුල් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ව කෝපයට පත්කළා.

 


නස්මුල්ගේ මේ ප්‍රකාශවලින් ඈත්ව සිටි BCBය ඔහුව මූල්‍ය කමිටුවෙන් ඉවත් කළ ද ඔහු තවමත් මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස රැඳී සිටිනවා.
මූල්‍ය කමිටුවෙන් නස්මුල් ඉවත් කිරීම ගැන CWABය සතුට පළ කරමින් ඔවුන්ගේ BPL වර්ජනය ඊයේ රාත්‍රියේ අවසන් කළ ද ඔවුන් තවමත් නස්මුල්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමක් බලාපොරොත්තු වෙනවා.

මේ විරෝධතාවන් මෙහෙයවූ මිතුන්, ඔවුන් දැන් පත්ව සිටින තත්ත්වය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළා. “මේ තීරණයට එළඹීමේදී සෑම දේශීය කණ්ඩායමකම සිටින ක්‍රීඩකයින් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළා. කැමරාව ඉදිරියේ සිටි සෑම ක්‍රීඩකයෙකුටම නොදන්නා අංකවලින් මොනයම් ආකාරයේ හෝ තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබී තිබෙනවා. අපි මතභේදාත්මක කිසිම වචනයක් පාවිච්චි නොකළ බව මට විශ්වාසයි. අපි කිසිම කෙනෙකුව පහත් කර කතා කළේ නැහැ. අපි අපේ රටට එරෙහිව කිසිම දෙයක් කියලත් නැහැ. අපේ එකම ප්‍රශ්නය තිබුනේ ක්‍රිකට් හා අපේ ආත්ම ගෞරවය ගැනයි. කෙනෙකු‌ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්න හැම කෙනෙකුටම අයිතියක් තියෙනවා. අපි කතා කළේ ඒ අයිතිය ආරක්ෂා කර ගන්නයි. අපි රටේ ද්‍රෝහීන් හෝ සතුරන් ලෙසින් ලේබල් ගසා තිබෙනවා. අපි අපේ රටට විරුද්ධව හෝ අපේ රටේ ආත්ම ගෞරවයට විරුද්ධව හෝ එක වචනයක්වත් කියලා තියෙනවාද කියා මම දන්නේ නැහැ.”

නස්මුල් ට හේතු දැක්වීමේ දැනුම්දීමක් නිකුත් කර තිබෙන බවත් ඊට ප්‍රතිචාර දැක්වීම පිණිස පැය 48ක කාලයක් ඔහුට ලබා දී ඇති බවත් ප්‍රකාශ කළ මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ BCB අධ්‍යක්ෂ ඉෆ්ටිඛා රහ්මාන්, එම කාලයෙන් පසුව විනයානුකූල පියවර ගනු ඇතැයි කියා සිටියා. නස්මුල් සමග කෙළින්ම සම්බන්ධ වීමට BCBයට නොහැකි වූ බව ද ඔහු පැවසුවා.

ක්‍රීඩකයින්ගේ ඉල්ලීම් හැකි ඉක්මනින් සම්පූර්ණ කරන බවට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය පොරොන්දු වීමෙන් පසුව බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් බ්‍රහස්පතින්දා ආරම්භ කළ ඔවුන්ගේ වර්ජනය නතර කළ අතර BPL තරගාවලිය අද නැවත ආරම්භ වීමට නියමිතව තිබුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

‘ද්‍රෝහීන්’ ලෙස හඳුන්වමින් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තර්ජනාත්මක ඇමතුම් | The Leader