The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඊශ්‍රායල පාපන්දු ලෝලීන්ට එංගලන්තයේ තරගය තහනම් කළ පොලිස් ලොක්කා විශ්‍රාම යවයි

T

The Leader Desk

January 17, 2026 • 10:06 AM

ඊශ්‍රායල පාපන්දු ලෝලීන්ට එංගලන්තයේ තරගය තහනම් කළ පොලිස් ලොක්කා විශ්‍රාම යවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එංගලන්තයේ පැවති යුරෝපීය ලීග් පාපන්දු තරගයක් නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණීම ඊශ්‍රායල ක්‍රීඩා ලෝලීන්ට තහනම් කිරීමට රෙකමදාරු කළ එංගලන්ත පොලිස් ප්‍රධානියෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම යවා තිබෙනවා.
  • පසුගිය වසරේ ගනු ලැබූ එම තීරණයේදී මැකබී ක්‍රීඩා ලෝලීන්ගෙන් එල්ල වන තර්ජනය අතිශයෝක්තියෙන් දක්වා ඇතැයි එම වාර්තාවෙන් කියා තිබෙනවා.
  • ශබානා මහමූද් එම වාර්තාව පළවීමෙන් පසුව ස්වදේශ කටයුතු ලේකම් ශබානා මහමූද්, තමාට ගිල්ෆඩ් කෙරෙහි තිබෙන විශ්වාසය කඩව ඇති බැවින් ඔහුට පොලිස් සේවයෙන් ඉවත් වන ලෙසට බලකර තිබෙනවා.
  • වර්තමාන බුද්ධි තොරතුරු හා පෙර සිදුවීම් මත එම අවස්ථාවේදී ඒ තරගය දැඩි අවදානම් සහිත එකක් බවට බටහිර මිඩ්ලන්ඩ්ස් පොලිසිය තීරණය කර තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


‘මැකබී ටෙල් අවිව්’ නමැති ඊශ්‍රායල කණ්ඩායම සහ එංගලන්ත ප්‍රිමිය ලීග් කණ්ඩායමක් වන ‘ඇස්ටන් විලා’ අතර පසුගිය වසරේ බර්මිංහැම් නගරයේ පැවති තරගය සඳහා ඊශ්‍රායල් ක්‍රීඩා ලෝලීන්ගේ පැමිණීම තහනම් කිරීමට ගත් තීරණයෙන් පසුව එල්ල වූ විවේචන හමුවේ බටහිර මිඩ්ලන්ඩ්ස් පොලිසියේ ප්‍රධානියා වන ක්‍රේග් ගිල්ෆඩ් (Craig Guildford) ඊයේ (සිකුරාදා) පොලිස් සේවයෙන් විශ්‍රාම ගියේ එම මතභේදයෙන් පසුව ඔහුට ඉවත් වන ලෙසට වැඩිවෙමින් තිබූ බලපෑම හේතුවෙන්.

විලා පාක් ක්‍රීඩාංගණයේ නොවැම්බර් 6 වැනිදා පැවති එම තරගය සඳහා ක්‍රීඩාංගණයට පැමිණීම මැකබී පාපන්දු ලෝලීන්ට තහනම් කිරීමේ තීරණය සම්බන්ධයෙන් පරීක්ෂා කර නිකුත් කෙරුනු වාර්තාවක් බදාදා පළවීමෙන් පසුව ගිල්ෆඩ්ගේ තනතුර අවදානම් තත්ත්වයකට පත්ව තිබුණා. පසුගිය වසරේ ගනු ලැබූ එම තීරණයේදී මැකබී ක්‍රීඩා ලෝලීන්ගෙන් එල්ල වන තර්ජනය අතිශයෝක්තියෙන් දක්වා ඇතැයි එම වාර්තාවෙන් කියා තිබෙනවා.

shabanaශබානා මහමූද්
එම වාර්තාව පළවීමෙන් පසුව ස්වදේශ කටයුතු ලේකම් ශබානා මහමූද්, තමාට ගිල්ෆඩ් කෙරෙහි තිබෙන විශ්වාසය කඩව ඇති බැවින් ඔහුට පොලිස් සේවයෙන් ඉවත් වන ලෙසට බලකර තිබෙනවා.

ගිල්ෆඩ් එදා එම තහනම පැනවූයේ මැන්චෙස්ට නුවර යුදෙව් ආගමික ස්ථානයකට එල්ල වූ මාරක ප්‍රහාරය සහ ගාසා තීරයේ සිදුකරන යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලය සමග ක්‍රීඩාවන් වර්ජනය කරන ලෙසට පලස්තීනුවන් හා ඔවුන්ගේ ආධාරකරුවන් ඉල්ලා සිටීමෙන් පසුව එංගලන්තයේ උද්ගතව තිබූ යුදෙවු විරෝධී තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

වර්තමාන බුද්ධි තොරතුරු හා පෙර සිදුවීම් මත එම අවස්ථාවේදී ඒ තරගය දැඩි අවදානම් සහිත එකක් බවට බටහිර මිඩ්ලන්ඩ්ස් පොලිසිය තීරණය කර තිබුණා. පසුගිය ක්‍රීඩා වාරයේ මැකබී කණ්ඩායම අයැක්ස් පිල සමග ඇම්ස්ටඩෑම් නගරයේ පැවැත්වූ තරගයේදී හටගත් ප්‍රචණ්ඩත්වය හා වෛරී අපරාධ ද පොලිසියට මේ තීරණය ගැනීමට හේතු වී තිබුණා.

 



warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...