The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අමෙරිකාව ලෝක කුසලාන පාපන්දු සත්කාරකත්වයෙන් ඉවත් කරන්නැයි එංගලන්ත දේශපාලනඥයන්ගෙන් මෝසමක්

T

The Leader Desk

January 21, 2026 • 10:05 AM

අමෙරිකාව ලෝක කුසලාන පාපන්දු සත්කාරකත්වයෙන් ඉවත් කරන්නැයි එංගලන්ත දේශපාලනඥයන්ගෙන් මෝසමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වයෙන් සහ එහි සහභාගිත්වයෙන් අමෙරිකාව ඉවත් කරන ලෙසට එංගලන්තයේ විවිධ පක්ෂවල දේශපාලනඥයින් ඇතුළත් කණ්ඩායමක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් (FIFA) බලවත් ඉල්ලීමක් කර තිබෙනවා.
  • මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එංගලන්තයේ විවිධ පක්ෂවල දේශපාලනඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් අමෙරිකාව ඉවත් කිරීම පිළිබඳව සලකා බලන ලෙසට FIFA වැනි ජාත්‍යන්තර ක්‍රීඩා පාලක මණ්ඩලවලින් ඉල්ලමින් පාර්ලිමේන්තුවේ මෝසමක් අත්සන් කර තිබෙනවා.
  •   මේ මස මුලදී, අමෙරිකානු හමුදාවන් කැරකස් නගරයට හදිසි ප්‍රහාරයක් එල්ල කරමින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ පැහැරගෙන යාමෙන් පසුව ජාත්‍යන්තර නීතිය පිළිබඳව ට්‍රම්ප්ගේ තිබෙන සැලකිල්ල ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබෙනවා.
  • ලොව බලගතු රටවල් විසින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම නීත්‍යානුකූල කිරීමට හෝ සාමාන්‍යත්වයට පත්කිරීම සඳහා ප්‍රධාන ක්‍රීඩා තරගාවලියන් පාවිච්චි නොකළ යුතු බව ඔවුන් කියා සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


වර්තමාන දේශපාලන තත්ත්වය සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය හමුවේ මෑත මාසවලදී ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අමෙරිකාවේ කාර්ය භාරය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවී තිබෙනවා.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එංගලන්තයේ විවිධ පක්ෂවල දේශපාලනඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් අමෙරිකාව ඉවත් කිරීම පිළිබඳව සලකා බලන ලෙසට FIFA වැනි ජාත්‍යන්තර ක්‍රීඩා පාලක මණ්ඩලවලින් ඉල්ලමින් පාර්ලිමේන්තුවේ මෝසමක් අත්සන් කර තිබෙනවා.

 

මේ මස මුලදී, අමෙරිකානු හමුදාවන් කැරකස් නගරයට හදිසි ප්‍රහාරයක් එල්ල කරමින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ පැහැරගෙන යාමෙන් පසුව ජාත්‍යන්තර නීතිය පිළිබඳව ට්‍රම්ප්ගේ තිබෙන සැලකිල්ල ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබෙනවා.

මේ ප්‍රහාරය සිදුවූයේ වොෂිංටන් නුවර පැවති 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කුසපත් ඇදීමේ උත්සවයේදී, ලෝකය පුරා ගැටුම් අඩුකිරීම පිණිස ට්‍රම්ප් දරණ උත්සාහයට ප්‍රශංසා කරමින් FIFA මතභේදාත්මක අයුරින් ඔහුට ‘සාම ත්‍යාගය’ පිරිනමා මාසයක කාලයක් පමණක් ගතවීමෙන් පසුව වීම විශේෂත්වයක්.

 

එහෙත් ට්‍රම්ප්ගේ මෑත කාලීන ක්‍රියාවන් අවධානයෙන් බැහැරව ගොස් නැති අතර අමෙරිකාව තාවකාලිකව තහනම් කරන ලෙසට ලෝකයේ ප්‍රධාන ක්‍රීඩා පාලක මණ්ඩලවලින් ඉල්ලා සිටිමින් බ්‍රිතාන්‍යයේ Labour, Liberal Democrats, Green Party සහ Plaid Cymru යන පක්ෂවල දේශපාලනඥයින් 23 දෙනෙකුගේ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේදී මෝසමකට අත්සන් කර තිබෙනවා.

ලොව බලගතු රටවල් විසින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම නීත්‍යානුකූල කිරීමට හෝ සාමාන්‍යත්වයට පත්කිරීම සඳහා ප්‍රධාන ක්‍රීඩා තරගාවලියන් පාවිච්චි නොකළ යුතු බව ඔවුන් කියා සිටිනවා.

ජනාධිපති නිකොලස් මදුරෝ බලෙන් පැහැරගෙන යාම ඇතුළු වෙනිසියුලාව ට එරෙහි ක්‍රියාවන්ගේ වැඩිවීම අමෙරිකාව දුර ගොස් තිබෙන තරම පෙන්වන හොඳ උදාහරණයක් බවට එම පෙත්ස‌මේ විශේෂයෙන් සඳහන්ව තිබෙනවා.

 



මදුරෝ අල්ලාගත් තැන් පටන් ට්‍රම්ප් සහ අමෙරිකාවේ තවත් ප්‍රධාන පෙලේ දේශපාලනඥයින් කිහිප දෙනෙකුම අනෙකුත් රටවල් ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ ගණනාවක් සිදුකර තිබෙන අතර ජනාධිපති ට්‍රම්ප් ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ ඔහුගේ ආශාව මෑතකදී නැවත වරක් ප්‍රකාශ කර තිබුණා.

මෙවැනි ප්‍රකාශයන් ඩෙන්මාර්කය, කොලොම්බියාව හා කියුබාව ට ජ්‍යෙෂ්ඨ අමෙරිකානු නිලධාරීන් විසින් නැවත නැවත කරනු ලබන නොසැඟවුණු තර්ජන බව එම මෝසමේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.

 

fifap9v8q3y4983

මේ මෝසමට FIFA ඇහුම්කන් දෙමින් මෑතකදී ප්‍රදර්ශන කර ඇති දේශපාලන හැසිරීම මත අමෙරිකාව ට තාවකාලික තහනමක් පැනවුවහොත්, එය තව මාස කිහිපයකින් ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මහත් අවුලකට ඇද දමනවා.

කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ අතර තිබෙන සමීප සබඳතාව හේතුවෙන් පාපන්දුවේ ලෝක පාලකයින් එවැනි දැඩි ක්‍රියාමාර්ගයකට යාම විය නොහැකි දෙයක්.

නමුත්, අනෙකුත් ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩා පාලකයින් මේ දේශපාලන භූමිකාවට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට දඬුවම් කිරීමක් වශයෙන් ලොස් ඇන්ජලීස් නගරය සත්කාරකත්වය දරණ 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ප්‍රශ්න මතුකිරීම විය හැකි දෙයක්.

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අමෙරිකාව ලෝක කුසලාන පාපන්දු සත්කාරකත්වයෙන් ඉවත් කරන්නැයි එංගලන්ත දේශපාලනඥයන්ගෙන් මෝසමක් | The Leader