The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජෝ රූට්‌ගේ සුපිරි පිතිහරඹය මත එංගලන්තය කඩුලු පහකින් ශ්‍රී ලංකාව පරදවයි

T

The Leader Desk

January 25, 2026 • 9:29 AM

ජෝ රූට්‌ගේ සුපිරි පිතිහරඹය මත එංගලන්තය කඩුලු පහකින් ශ්‍රී ලංකාව පරදවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පන්දුව හොඳින් දඟ කැවුනු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණ තණතීරුවේ සුපිරි පිතිහරඹයක යෙදුනු ජෝ රූට් ශ්‍රී ලංකාව ට එරෙහිව එංගලන්තය ඊයේ කඩුලු පහක ජයග්‍රහණයක් කරා ගෙන ගියේ දෙපිල අතර තරග තුනකින් සමන්විත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාව සම කරමින්.
  • නමුත් අතිශයින් දරුණු විදියට ඇත්ත කියනවා නම්, මෙය ODI ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා හොඳ තණතීරුවක් නෙවෙයි.
  •   ලකුණු 220ක් හඹා ගිය එංගලන්තය ට දඟ පන්දුවට ඉතාමත් හිතකර තණතීරුවේ ඉලක්කය හඹා යාම අභියෝගාත්මක කාර්යයක් වුණා.
  • ඔහු නායක හැරී බෲක් සමග සිවු වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 81ක සබඳතාවෙන් පීඩනය අඩු වෙද්දී රූට් පන්දු 52කින් ඔහුගේ අර්ධ ශතකය සම්පූර්ණ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ තරගමාලාවේ පරාජයක අවදානම හමුවේ ධෛර්යසම්පන්න ලකුණු 75ක් ලබා ගනිමින් රූට් එංගලන්ත ඉනිමේ නැංගුරම බවට පත්වූ අතර එංගලන්තය පන්දු 22ක් ඉතිරිව තිබියදී ඔවුන්ගේ ඉලක්කයට සේන්දු වුණා.

 

eng4

“ඉතාම අමාරු තණතීරුවක ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවීම ගැන සතුටුයි. නමුත් අතිශයින් දරුණු විදියට ඇත්ත කියනවා නම්, මෙය ODI ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා හොඳ තණතීරුවක් නෙවෙයි. නමුත් අපි ඊට සුදුසු පරිදි අපේ ක්‍රීඩාව හොඳින් සකස් කරගෙන පළමු තරගයේදී අපෙන් සිදුවූ වැරදිවලින් පාඩම් ඉගෙන ගත්තා” යනුවෙන් රූට් කියා සිටියා.

eng1

 

ලකුණු 220ක් හඹා ගිය එංගලන්තය ට දඟ පන්දුවට ඉතාමත් හිතකර තණතීරුවේ ඉලක්කය හඹා යාම අභියෝගාත්මක කාර්යයක් වුණා. එහිදී රූට් දක්ෂ පිතිකරණයක නියැලෙමින් දඟ පන්දු යවන්නන් සමග ගනුදෙනු කළේ ‘ස්වීප්’ හා ‘රිවර්ස් ස්වීප්’ පහර භාවිතා කරමින්. ඔහු නායක හැරී බෲක් සමග සිවු වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 81ක සබඳතාවෙන් පීඩනය අඩු වෙද්දී රූට් පන්දු 52කින් ඔහුගේ අර්ධ ශතකය සම්පූර්ණ කළා.

පිතිකරු පෙලේ අනෙක් ක්‍රීඩකයින් වැනෙමින් සිටියත් සම්පූර්ණයෙන් ඇද වැටුනේ නැහැ. රූට්ගේ ස්ථිර පෙනී සිටීම මගින් දඟ පන්දුවට එරෙහිව එංගලන්තය ට තිබෙන කවුරුත් දන්නා අසීරුතාව වැසී ගියා.

 

eng2
පළමු තරගයේදී ද අර්ධ ශතකයක් ලබා ගෙන සිටි රූට් නැවත වරක් දඟ පන්දු යවන්නන් හමුවේ නොකැලඹුන පිතිකරණයක යෙදුනේ ශ්‍රී ලංකාව ට වේග පන්දුවේ පිහිට ලබා ගැනීමට බල කරමින්. අවසානයේදී අසිත ප්‍රනාන්දු තියුණු ‘යෝකර්’ පන්දුවක් මගින් රූට්ව කඩුල්ල මුවා කිරීමේ උගුලෙන් අල්ලා ගත්තා.

ඒ වනවිට එංගලන්තය ට අවශ්‍යව තිබුණේ පන්දු 59කින් ලකුණු 42ක් පමණක් වූ අතර ජොස් බට්ලර් පන්දු 21කින් ලකුණු 33ක් ලබා ගෙන කාර්යය අවසන් කළේ හිටපු ලෝක ශූරයින්ට ජයග්‍රහණය තහවුරු කරමින්.

ඊට පෙර, සිය දඟ පන්දු ප්‍රහාරය ශක්තිමත් කිරීමේ එංගලන්ත තීරණය ඵලදායී වුණා. බෲක් දඟ පන්දු යවන්නන් හය දෙනෙකු යොදා ගත් අතර ශ්‍රී ලංකාවේ සියලුම ක්‍රීඩකයින් දැවී ගියේ ඔවුන්ගේ ඉනිමේ පන්දු තුනක් ඉතිරිව තිබියදී. මේ තරගයේදී එංගලන්තය දඟ පන්දු ඕවර 40.3ක් යැවුවේ ඔවුන්ගේ මීට පෙර තිබූ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වාර්තාව වන 1985 වසරේ සාජා හිදී පාකිස්තානය ට එරෙහිව යැවූ දඟ පන්දු ඕවර 36 අභිභවා යමින්.

eng7

 

ශ්‍රී ලංකාව හොඳින් ඉනිම ආරම්භ කළ ද හතරේ සීමාවෙන් පිටතට පන්දුව එල්ල කිරීමට උත්සාහ කිරීමේදී නැවත නැවත කඩුලු අහිමි කර ගැනීම නිසා සාර්ථක ඉනිමක් ගොඩනගා ගැනීමට අසමත් වුණා. ඔවුන්ගේ කිසිම පිතිකරුවෙකුට අර්ධ ශතකයක් ලබා ගැනීමට හැකිවුනේ නැහැ.

දඟ පන්දුවට සාර්ථකව මුහුණ දෙන එක් හොඳම ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් ඔහුගේ ලකුණු 26ක ඉනිම තුළ දක්ෂ අයුරින් ක්‍රීඩා කළ ද අවදානම් සහිත ලකුණක් කරා දිව යාමේදී දැවී ගියා.

“අපට ලකුණු 30ක් විතර අඩුවෙලා තිබුණා. කුසල් දුවද්දී දැවී යාම තීරණාත්මක දෙයක් වුණා. නමුත් එංගලන්තය ට ගෞරවය හිමිවිය යුතුයි. අපි සියලු දේවල් උත්සාහ කළා. නමුත් ජෝ රූට් පිතිකරණයේ යෙදුනු ආකාරයෙන් සියල්ල වෙනස් වුණා” යනුවෙන් නායක චරිත් අසලංක ප්‍රකාශ කළා.

eng8

 

ශ්‍රී ලංකා - එංගලන්ත ODI තරගමාලාවේ ජයග්‍රාහකයින් තීරණය වන තරගය අඟහරුවාදා (27) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ම පැවැත්වෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජෝ රූට්‌ගේ සුපිරි පිතිහරඹය මත එංගලන්තය කඩුලු පහකින් ශ්‍රී ලංකාව පරදවයි | The Leader