මේ ෙඑතිහාසික අවස්ථාවේදී පාකිස්තානය හා අමෙරිකාව ඔවුන්ගේ 2026 විස්සයි20 ලෝක කුසලාන තරගය ක්‍රීඩා කරන අතර එය ආරම්භ වන්නේ පස්වරු 7.00 ට.

එස්.එස්.සී. ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරන මේ තරගය නොමිලේ නැරඹීම පිණිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව, ජනතාවට ක්‍රීඩාංගණයට ඇතුළු වීම සඳහා ගේට්ටු අංක 5 සහ 7 අද පස්වරු 5.00 සිට විවෘතව තිබෙනවා.
මේ ක්‍රීඩාංගණය දැනටමත් 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය වූ පෙබරවාරි 7 වැනිදා ක්‍රීඩා කෙරුණු පාකිස්තානය හා නෙදර්ලන්තය අතර ගැටුම ඇතුළුව ලෝක කුසලාන තරග දෙකකට සත්කාරකත්වය දක්වා තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




