The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝක කුසලාන ක්‍රීඩකයෙක් විනය හේතු මත යළි සියරට යවයි

T

The Leader Desk

February 11, 2026 • 10:45 AM

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝක කුසලාන ක්‍රීඩකයෙක් විනය හේතු මත යළි සියරට යවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රිකට් කණ්ඩායම 2026 විස්සයි20 තරගාවලියේ ඔවුන්ගේ පළමු තරගයට පෙර දිනයේදී පිතිකරු මුහම්මද් සොහායිබ් යළි සියරට යවා තිබෙනවා.
  • ඉතාලිය ට එරෙහිව සිකුරාදා පැවති පෙරහුරු තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම ලකුණු 81කට දැවී ගියා.
  • එම තරගයේදී සොහායිබ් ක්‍රීඩා කළේ අංක 9 පිතිකරුවා ලෙසින්.
  • ඊට කළින් නේපාලය ට එරෙහිව පැවති එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමේ පෙරහුරු තරගයේදී සොහායිබ් අංක 3 පිතිකරු වශයෙන් ක්‍රීඩා කරමින් පන්දු 26කින් ලකුණු 19ක් රැස් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

විනය හේතු මත ඔහු ආපසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යැවූ බව සඳුදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය, මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ඉදිරි දිනවලදී ලබා දෙන බව ප්‍රකාශ කළා.

muhammad zohaib uae1 1770700606

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරුවාදා (ඊයේ) චෙන්නායි නුවරදී නවසිලන්තය ට එරෙහිව ක්‍රීඩා කරමින් 2022 වසරෙන් පසුව ඔවුන්ගේ පළමු ලෝක කුසලාන තරගයට සහභාගි වුණා. සොහායිබ් අහිමි වීමෙන් කණ්ඩායමේ මුල් පිතිකරු පෙලට වැඩි පීඩනයක් එල්ල වනවා.

ඉතාලිය ට එරෙහිව සිකුරාදා පැවති පෙරහුරු තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම ලකුණු 81කට දැවී ගියා. එම තරගයේදී සොහායිබ් ක්‍රීඩා කළේ අංක 9 පිතිකරුවා ලෙසින්.

ඊට කළින් නේපාලය ට එරෙහිව පැවති එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමේ පෙරහුරු තරගයේදී සොහායිබ් අංක 3 පිතිකරු වශයෙන් ක්‍රීඩා කරමින් පන්දු 26කින් ලකුණු 19ක් රැස් කළා.

uae player

 

මුහම්මද් සොහායිබ් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් මංගල තරගයට ක්‍රීඩා කළේ 2025 වසරේ මැයි මාසයේ. ජාත්‍යන්තර විස්සයි20 තරග 16කට ක්‍රීඩා කර ඇති ඔහු 20.20ක සාමාන්‍යයකින් හා 103.76ක ප්‍රහාරාත්මක වේගයකින් ලකුණු 303ක් රැස් කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායම සැදී තිබෙන්නේ ඉන්දියා හා පාකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයින්ගෙන්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...