The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සුපර් ඕවර් දෙකකින් පසු ජය දකුණු අප්‍රිකාවට

T

The Leader Desk

February 11, 2026 • 12:18 PM

සුපර් ඕවර් දෙකකින් පසු ජය දකුණු අප්‍රිකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගය සුපිරි පන්දුවාරයේදි ලකුණු 4කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
  • අනතුරුව පිටියට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ද පන්දුවාර 19යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 187ක් රැස්කර ගත්තේය.
  • ඒ අනුව තරගය සමවීම හේතුවෙන්, සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වූ අතර, එහිදී ද කණ්ඩායම් දෙකම ලකුණු 17 බැගින් රැස්කර ගැනීම හේතුවෙන්, යළිත් වරක් සුපිරි පන්දුවාරයකට යාමට සිදුවිය.
  • ඒ අනුව දෙවැනි සුපිරි පන්දුවාරයේදි දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදී ලකුණු 23ක් රැස්කර ගැනීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු 6ක් දැවී ලකුණු 187ක් රැස්කර ගැනීමට සමත් විය. අනතුරුව පිටියට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ද පන්දුවාර 19යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 187ක් රැස්කර ගත්තේය.

ඒ අනුව තරගය සමවීම හේතුවෙන්, සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක වූ අතර, එහිදී ද කණ්ඩායම් දෙකම ලකුණු 17 බැගින් රැස්කර ගැනීම හේතුවෙන්, යළිත් වරක් සුපිරි පන්දුවාරයකට යාමට සිදුවිය. ඒ අනුව දෙවැනි සුපිරි පන්දුවාරයේදි දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදී ලකුණු 23ක් රැස්කර ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට දෙවැනි සුපිරි පන්දුවාරයේදි කඩුළු 2ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 19ක් පමණී. ඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 4ක් තියුණු ජයක් හිමිවිය. මෙම තරගය පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ඉතිහාසගත වන සිදුවීමක් බවට පත්ව තිබේ. ඒ, සුපිරි පන්දුවාර දෙකක් (Double Super Over) ක්‍රියාත්මක වූ ප්‍රථම තරගය මෙයවීම හේතුවෙනි.




| aruna


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...