The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තරුෂිගෙන් ආසියානු වාර්තාවක්

T

The Leader Desk

February 17, 2026 • 6:57 AM

තරුෂිගෙන් ආසියානු වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැදි දුර දිවීම ශ්‍රී ලංකා ශූරිය වන තරුෂි කරුණාරත්න ඇමරිකාවේ පැවැති ‘ඩොන් කර්බි එලයිට්’ ආරාධිත ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 600 කාන්තා ඉසව්වේදී දෙවැනි ස්ථානය දිනාගනිමින් එම ඉසව්වේ ආසියානු ක්‍රීඩිකාවක් වාර්තා කළ හොඳම කාලය වාර්තා කිරීමට ඉකුත්දා සමත් වූවාය.
  • වර්තමානයේ, ලෝක මලල ක්‍රීඩා හෝ ජවන හා පිටිය සංඛ්‍යා ලේඛනඥයන්ගේ සංගමය ගෘහස්ථ මීටර් 600 ඉසව්ව සඳහා මේ වන විට නිල වාර්තාවක් පවත්වාගෙන නොයනමුත් තරුෂි විසින් වාර්තා කළ මෙම කාලය දැනට ආසියානු ක්‍රීඩිකාවක විසින් වාර්තා කළ වේගවත්ම කාලය ලෙස පිළිගැනේ.
  • මෙම තරගයේ ප්‍රථම ස්ථානය මිනිත්තු 1 තත්පර 28.89ක තරග නිමි කාලයක් වාර්තා කළ මයිසි ටයිලර් දිනාගත් අතර, ඇය තරුෂිට වඩා තත්පර දශම තුනක තරම් තියුණු කාලයක් ඉදිරියෙන් තරගය නිමකිරීම විශේෂත්වයක් විය.
  • තෙවැනි ස්ථානය මිනිත්තු 1 තත්පර 32.27කින් තරගය නිම කළ මර්ලේන් මස්කේඩා සතු විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මෙහිදී තරුෂි මිනිත්තු1 තත්පර 28.92 ක කාලයක් වාර්තා කරමින් එම තරගයේ 2වැනි ස්ථානය දිනාගත් අතර ඒ සමගින් එම ඉසව්ව සඳහා මෙතෙක් පැවැති හොඳම ආසියානු දක්ෂතාව පිලිපීන ක්‍රීඩිකා ලෝරා හොෆ්මන් විසින් පිහිටුවන ලද මිනිත්තු1 තත්පර30.33ක වාර්තාව බිඳ හෙලුවාය.

වර්තමානයේ, ලෝක මලල ක්‍රීඩා හෝ ජවන හා පිටිය සංඛ්‍යා ලේඛනඥයන්ගේ සංගමය ගෘහස්ථ මීටර් 600 ඉසව්ව සඳහා මේ වන විට නිල වාර්තාවක් පවත්වාගෙන නොයනමුත් තරුෂි විසින් වාර්තා කළ මෙම කාලය දැනට ආසියානු ක්‍රීඩිකාවක විසින් වාර්තා කළ වේගවත්ම කාලය ලෙස පිළිගැනේ.

මෙම තරගයේ ප්‍රථම ස්ථානය මිනිත්තු 1 තත්පර 28.89ක තරග නිමි කාලයක් වාර්තා කළ මයිසි ටයිලර් දිනාගත් අතර, ඇය තරුෂිට වඩා තත්පර දශම තුනක තරම් තියුණු කාලයක් ඉදිරියෙන් තරගය නිමකිරීම විශේෂත්වයක් විය. තෙවැනි ස්ථානය මිනිත්තු 1 තත්පර 32.27කින් තරගය නිම කළ මර්ලේන් මස්කේඩා සතු විය.

| aruna

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...