ඒකරාශි වෙමින් සිටියදී පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති හා එරට අභ්‍යන්තර කටයුතු ඇමති මෝසින් නක්වි තමන්ට තර්ජනය කරන බව ඛාන්ගේ සොහොයුරියන් චෝදනා කරනවා.
මෝසින් නක්වි හා පාකිස්තානයේ යුද හමුදා ප්‍රධානී අසිම් මුනිර් මේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බව ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියන් වන වෛද්‍ය උස්මා ඛාන් සහ අලීමා ඛාන් කියා සිටිනවා. මෑතකදී ඛාන් හමුවූ අවස්ථාවේදී ඔහුගේ ජීවිතයට එරෙහිව කුමන්ත්‍රණයක් තිබෙන බවට ඔහු තමන්ට පැවසූ බව සොයුරියන් ප්‍රකාශ කරනවා.
“මේ මිනිස්සු මාව මරා දමාවි. මාව මරන්න ඔවුන් සැලසුමක් සකස් කර තිබෙනවා” යනුවෙන් තම සහෝදරයා තමන්ට කී බව උස්මා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූ බව වාර්තා වනවා.
ඛාන්ගේ ඇසේ පෙනීම නරක අතට හැරෙමින් තිබීම සම්බන්ධයෙන් අලීමා ඛාන් ද මෙහිදී විශේෂ අවධානය යොමු කරමින්, ඉම්රාන් ඛාන් ට ඔහුගේ විශ්වාසවන්ත වෛද්‍ය කණ්ඩායම වෙත ප්‍රවේශ වීමට ඉඩ නොදෙන බව කියා සිටියා.
“මෝසින් ඛාන් අපට තර්ජනය කරනවා. ඔවුන්ට ලේ රහ දැනිලා” අලීමා කියනවා. “ඉම්රාන් ඛාන් ට හෝ අපට මොනව හරි සිද්ධ වුනොත්, මගේ වචන හොඳට මතක තියාගන්න... අපි කිසිම කෙනෙකුගේ අනාගත පරම්පරා ගැනත් අනුකම්පා කරන්නේ නැහැ.”
ඛාන්ව ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරුන් වන දොස්තර අසිම් හා වෛද්‍ය ෆයිසාල් විසින් පරීක්ෂා කිරීමට ඉඩ දෙන ලෙසට උස්මා හා අලීමා ඉල්ලා ඇතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.
“අපේ වෛද්‍යවරුන් විසින් සුදුසු යැයි රෙකමදාරු කළ විශේෂඥයින් රජය ප්‍රතික්ෂේප කළා. ඒ නිසා ඔවුන්ට වෙනත් නම් ලබා දුන්නා” යනුවෙන් සොයුරියෝ පෙන්වා දෙනවා. “ඊටපස්සේ අපි අපේ පවුල නියෝජනය කිරීම සඳහා අපේ ඥාති සොහොයුරා වන නවුෂවාන් බුර්කිගේ නම ඉදිරිපත් කළා. ඔවුන් ඒ නමත් ප්‍රතික්ෂේප කළ නිසා අපි ගොඩක් කලබල වෙලයි ඉන්නේ. මේක පිළිගන්න බැරි දෙයක්!”
සිරගත කර සිටින පාකිස්තාන ක්‍රිකට් ලෙජන්ඩ් සහ හිටපු අගමැති ඉම්රාන් ඛාන් බරපතල සෞඛ්‍යමය ගැටළුවලට මුහුණ පා සිටින බව වාර්තා වනවා. මේ තත්ත්වයේ තියුණු බව වැඩිවී තිබෙන අයුරු පෙන්නුම් කරමින් සුනිල් ගවස්කාර්, කපිල් දේව්, ග්‍රෙග් චැපල් හා ක්ලයිව් ලොයිඩ් ඇතුළු හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයින් කිහිප දෙනෙකු ඒකාබද්ධ ආයාචනයක් පාකිස්තාන රජයට ඉදිරිපත් කරමින් රටේ ක්‍රිකට් වීරයාට සාධාරණ ප්‍රතිකාරයක් ලබා දෙන ලෙසට ඉල්ලා තිබෙනවා. පාකිස්තානයේ වසිම් අක්රම් සහ වකාර් යූනුස් ද මේ ඉල්ලීමට එක්ව සිටිනවා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් පහක හිටපු ක්‍රිකට් නායකයින් 14 දෙනෙක් මේ ආයාචනයට එක්ව සිටින බව මාධ්‍ය සඳහන් කරනවා.
ඉම්රාන් ඛාන් ට ගෞරවයෙන් හා සුදුසු සත්කාරයෙන් සලකන ලෙසට හිටපු ඉන්දියා නායක සවුරව් ගන්ගුලි ද ඉල්ලා තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

(සටහන : වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com