The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රටක් නටයි : ජගත් ක්‍රිකට් වේදිකාවේ සිම්බාබ්වේ නැගිටීම

T

The Leader Desk

February 21, 2026 • 4:23 AM

රටක් නටයි : ජගත් ක්‍රිකට් වේදිකාවේ සිම්බාබ්වේ නැගිටීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිම්බාබ්වේ ක්‍රිකට් ලෝලීන් විවිධ වර්ණවලින් යුත් ඇඳුම් පැළඳ පල්ලෙකැලේ සහ කොළඹ ක්‍රිකට් ක්‍රීඩාංගණ මණ්ඩපයන්හි නටන අලංකාර නැටුම් ගෙන එන්නේ සුන්දර දසුනක්.
  • 2026 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටය දක්වා වූ සිම්බාබ්වේ කණ්ඩායමේ අපරාජිත ගමනේ සතුට විඳීම මුළු ශරීරයෙන් ම කළ යුතු දෙයක් මිස ඊට වෙනත් ක්‍රමයක් නැහැ.
  • වසර 2019 හා 2023 එක්දින (ODI) ‌ලෝක කුසලාන තරගාවලියන් ගිලිහී යාම එක දෙයක්.
  • නමුත් 2024 වසරේදී කණ්ඩායම් 20ක් දක්වා ප්‍රසාරණය කෙරුනු T20 ‌ලෝක කුසලාන තරගාවලියට සහභාගි නොවූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ එකම පූර්ණ සාමාජිකයා බවට පත්වීම සිම්බාබ්වේ ට මහත් ලජ්ජාවක් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන් අවන්හල්වල මෙන්ම හරාරේ, බුලවායෝ, මූටාරේ හා මස්විංගෝ නගරයන්හි වීදිවල පවා නටනවාට සැකයක් නැහැ. 2026 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටය දක්වා වූ සිම්බාබ්වේ කණ්ඩායමේ අපරාජිත ගමනේ සතුට විඳීම මුළු ශරීරයෙන් ම කළ යුතු දෙයක් මිස ඊට වෙනත් ක්‍රමයක් නැහැ.

cefe2ed0 3827 11f0 97e7 f15a5dff2f7a
‌මේ ප්‍රීති ප්‍රමෝදය වචන හෝ යුදකාමී කෑගැසීම්වලට පමණක් සීමා කළ යුතු නැහැ. සිම්බාබ්වේ ක්‍රිකට් ලෝලීන් සිත් ගන්නා තාලවලින් යුත් සම්පූර්ණ ගීත පොතක් නිර්මාණය කර තිබෙන අතර ඔවුන් ඒ පොතේ පිටු නොනවත්වා පෙරළමින් සිටිනවා. විශේෂයෙන් පසුගිය අට වසරක බාල තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩාවකින් පසුව, ඔවුන්ගේ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී මුදුන්පත් කරගෙන තිබෙන්නේ කිසිවෙක් සිහිනෙන්වත් නොසිතූ සාර්ථකත්වයක්.

වසර 2019 හා 2023 එක්දින (ODI) ‌ලෝක කුසලාන තරගාවලියන් ගිලිහී යාම එක දෙයක්. නමුත් 2024 වසරේදී කණ්ඩායම් 20ක් දක්වා ප්‍රසාරණය කෙරුනු T20 ‌ලෝක කුසලාන තරගාවලියට සහභාගි නොවූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ එකම පූර්ණ සාමාජිකයා බවට පත්වීම සිම්බාබ්වේ ට මහත් ලජ්ජාවක් වුණා. සමහරු එය දුටුවේ දශක දෙකක් තිස්සේ ජීවිත ආධාරක මත තිබූ ක්‍රීඩාවක් මිය යන විට වැයෙන ඝණ්ටා නාදය ලෙසයි.


AFP1021127462121068821276954249874798171859 2
සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන දුෂ්කරතාවන්ගෙන් බොහොමයකට එම ක්‍රීඩාවේ සම්බන්ධයක් කොහෙත්ම නැහැ. ඒ දුෂ්කරතා එම රටේ ම නිෂ්පාදනයන් වන අතර ඒ රට බියගුලු අයට සුදුසු ස්ථානයක් නෙවෙයි. යටත් විජිත පිහිටුවීම, සිවිල් යුද්ධය, අස්ථිරබව මෙන්ම දේශපාලනික අර්බුදයන්, ප්‍රචණ්ඩත්වය, අති උද්ධමනය, රැකියා විරහිතභාවය සහ කිසිම බලාපොරොත්තුවක් රහිත වීම යන මේ සියල්ලෙන්ම සිම්බාබ්වේ දේශය පීඩා විඳ තිබෙනවා. ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයින් පුහුණුවීම් සඳහා යාමට හැකිවන පරිදි ඔවුන්ගේ කාර්වලට ඉන්ධන සපයා ගන්නේ කෙසේද කියා කරදර වන තත්ත්වයක් හමුවේ ක්‍රීඩාවක් පවත්වා ගෙන යන්නේ කොහොමද?

 

ඊටත් මෙය සිදුවන්නේ වරප්‍රසාද ලත් පුද්ගලයින්ට. ඩොලර් මිලියන දහයක දේශීය මුදල් නෝට්ටුවක් තිබුනු රටක මිලියන ගණනින් ණය වී, රජයේ සහ ගෝලීය ක්‍රිකට් සංවිධායක මණ්ඩලයේ සම්බාධකවලට මුහුණ දෙමින් අවසානයේදී මුල සිට යළි ගොඩනැගීමට සිදුව තිබෙන ක්‍රිකට් මණ්ඩලයක් ඇද නොවැටී පවත්වා ගෙන යන්නේ කෙසේද?


362676
සිම්බාබ්වේ ට මේ සියලු දේවලට උත්තර නැහැ. වසර කිහිපයක් යනතුරුත් පිළිතුරු නැතිවේවි. නමුත් නොනැසී පැවතීමේ කලාවට ඔවුන් ඉතා දක්ෂයි. සැලසුමක් නිර්මාණය කිරීමේ විශිෂ්ට දකුණු අප්‍රිකානු සම්ප්‍රදාය තුළ ප්‍රාණවත්ව රැඳී සිටි ක්‍රිකට් ක්‍රීඩාව සිම්බාබ්වේ කණ්ඩායමේ රත්තරං යුගය යැයි සතුටු වූ 1990 වකවානුවේ පසු කාලයේ හා 2000 ගණන්වල මුල් අවධියේ ඔවුන් කළ ක්‍රීඩාවෙන් හඳුනා ගැනීමට නොහැකි තරමට අද ඇත්ත වශයෙන්ම වර්ධනය වී තිබෙනවා.

ඒ ආදි යුගයේ නිතරම සැලකිල්ලට නොගත් කරුණ වූයේ ඒ සිම්බාබ්වේ කණ්ඩායම කොතරම් දක්ෂ වූවත් එය සුදු ජාතික කුඩා, ඉහළ පෙළැන්තියේ සුළුතරයක් නියෝජනය කිරීම සහ ක්‍රිකට් කිසිවිටකත් ජනතාවගේ ක්‍රීඩාව වී නොතිබීම. සුදු ජාතික ක්‍රීඩකයෙක් පිටියෙන් පිටව යාමක්, කණ්ඩායම විසින් ස්වයංව පනවා ගත් ටෙස්ට් ක්‍රීඩාවෙන් පිටුවහල් කිරීමක් හා සිය අසල්වැසියන් වන දකුණු අප්‍රිකාව කිසිසේත්ම සිදු කිරීමට අකමැති වූ වෙනසක් සිදු කරන ලෙසට බල කිරීමට හේතු වූ ආක්‍රමණශීලී පරිවර්තනමය ප්‍රතිපත්තියකින් පසුව පමණයි සිම්බාබ්වේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව සිම්බාබ්වේයානු රසයෙන් දිස්වීමට පටන් ගත්තේ. එහෙත් නිර්වචනයේදී ඇතිවුනේ අසම්පූර්ණයි යන හැඟීමක්.

413837.4
තවමත් දැවැන්ත ප්‍රශ්න තිබෙන සිම්බාබ්වේයානු ක්‍රිකට් ක්‍රීඩාවේ ආසන්නතම උදාහරණයක් පෙන්නුම් කළේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දුර්වල ක්‍රීඩාවෙන් හා කණ්ඩායම තෝරා ගත් ආකාරය පිළිබඳව හටගත් වාදවලින්. නමුත් දැනට, ඒ ප්‍රශ්න පසෙක තැබීමට හැකිවන්නේ මේ සිම්බාබ්වේ කණ්ඩායම සිතා ගැනීමට නොහැකි දේවල් කර ඇති බැවින්. ඕමානය පරාජය කිරීම බලාපොරොත්තු වූ දෙයක්.

ඔස්ට්‍රේලියාව පැරදවීම බලාපොරොත්තු නොවූ දෙයක්. ඒ ජයග්‍රහණය ඔවුන්ට ශ්‍රී ලංකාව ද පරාජය කරමින් ‘සුපිරි වටය’ට පිවිස T20 ලෝක කුසලාන තරගාවලියක ඔවුන්ගේ හොඳම අවසානය කරා යාමට  ස්වරය සකස් කර තිබෙනවා.

කණ්ඩායම දැනටමත් ඔවුන්ගෙන් අපේක්ෂා කළ දේවලට වඩා ඉතාමත් ඉහළට ගොස් සිටින්නේ ඔවුන්ගේ මිටින් දෙන පහරවලින් වලාකුළු සිදුරුවෙමින්. ඊටම සරිලන පරිදි සිම්බාබ්වේ කණ්ඩායමේ ‘සුපිරි අට’ ප්‍රවිශ්ට වීම සිදුවුනේ වර්ෂාවට ස්තූතිවන්ත වන්නටයි. අප්‍රිකාවේදී එය දේවාශිර්වාදයක් (Blessing - බ්ලෙසිං) ලෙස සැලකෙනවා. එය සිම්බාබ්වේ කණ්ඩායමේ සිටින සුපිරි ක්‍රීඩකයාගේ නම ද වනවා.

Blessing Muzarabani
බ්ලෙසිං මුසරාබානි සහ බ්‍රයන් බෙනට්ගෙන් කණ්ඩායමට සිටගෙන සිටිය හැකි ආධාරක කණු දෙකක් ලැබී තිබෙන අතර මේ දෙදෙන වටකර ගත් සවිමත් පිරිසක් ද සිටිනවා. මින් සමහරක් එනම් සිකන්දර් රාසා, බ්‍රෙන්ඩන් ටේලර් සහ ග්‍රෑම් ක්‍රීමර් වැන්නවුන් ක්‍රීඩා කරමින් සිටින්නේ ඔවුන්ගේ අවසාන T20 ලෝක කුසලානය විය හැකි තරගවලට. නමුත් ඔවුන්ගේ දායකත්වය සිදුවන්නේ කණ්ඩායමට හොඳින් දැනෙන ආකාරයටයි. රාසා ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින එක් හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අතර ඔහු ෆ්‍රැන්චයිස් ලීගවල උණුසුම් වෙළෙඳ භාණ්ඩයක්.

ජනතාවක් සහ ක්‍රීඩා කණ්ඩායමක් වශයෙන් සටනකදී රැඳී සිටිය යුතු ආකාරය සිම්බාබ්වේ ක්‍රීඩකයින් සැමවිටම දැන සිටියා. ඔවුන් දැන්, දිනන හැටිත් දන්නවා!

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රටක් නටයි : ජගත් ක්‍රිකට් වේදිකාවේ සිම්බාබ්වේ නැගිටීම | The Leader