ජාත්‍යන්තර T20 තරගවලින් මෙම තරගමාලාව ආරම්භ වන අතර එහි පළමු තරගය මාර්තු 13 වැනිදා සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි. දෙවැනි හා තෙවැනි තරග එම ක්‍රීඩාංගණයේදී ම පැවැත්වෙන්නේ මාර්තු 15 හා 17 දිනවල.
ඉන්පසුව, ජාත්‍යන්තර එක්දින (ODI) තරගමාලාව ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර එම තරග පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මාර්තු 20, 22 හා 25 යන දිනවල.
නසීබ් ඛාන්
“අපේ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාව ට සත්කාරකත්වය දැක්වීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වනවා. මේ තරගමාලාව ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය සමග තිබෙන අපේ සහයෝගීව කටයුතු කිරීම පිළිබිඹු කරන අතර අනාගතයේදී උසස් තත්ත්වයේ ක්‍රිකට් අත්දැකීමක් ලබා දීම පිණිස අපේ සබඳතාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට අපි කැපවී සිටිනවා. ශ්‍රී ලංකාව මෑත කාලයේ ඉතාමත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩාවක් කරමින් සිටිනවා. මේ තරගමාලාව තත්ත්වයෙන් උසස් කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන තරගකාරී සුදු පන්දුවේ තරගමාලාවක් වනු ඇතැයි අපේක්ෂා කරනවා” යනුවෙන් ACB ප්‍රධාන විධායක නිලධාරී නසීබ් ඛාන් පවසනවා.
ඈෂ්ලි ද සිල්වා
මෙය ඓතිහාසික සංචාරයක් වන්නේ ඇෆ්ගනිස්තානය විසින් සත්කාරකත්වය දක්වන ද්විපාර්ශ්වික තරගමාලාවකට ශ්‍රී ලංකාව සහභාගි වන ප්‍රථම අවස්ථාව මෙය වන බැවින්. “අපේ ඉදිරි ජාත්‍යන්තර තරගාවලියන් සඳහා සැලසුම් කර සූදානම් වීම පිණිස මේ සංචාරය අපට උපකාරයක් වන බව මට විශ්වාසයි” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ප්‍රතාශ කරනවා.
මේ කණ්ඩායම් දෙක අතර අවසන් වරට ද්විපාර්ශ්වික තරගමාලාවක් ක්‍රීඩා කෙරුනේ 2024 වසරේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ. එහිදී ශ්‍රී ලංකාව තරග 3-0කින් ජාත්‍යන්තර එක්දින තරගමාලාවත්, 2-1කින් ජාත්‍යන්තර විස්සයි20 තරගමාලාවත් ජයග්‍රහණය කළා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




