The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලිංගික අතවර කිරීමේ චෝදනාවෙන් ඉතාලි ක්‍රිකට් ක්ෂේත්‍රය කැළඹෙයි

T

The Leader Desk

February 26, 2026 • 4:18 PM

ලිංගික අතවර කිරීමේ චෝදනාවෙන් ඉතාලි ක්‍රිකට් ක්ෂේත්‍රය කැළඹෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිංගික අතවර කිරීමේ චෝදනාවක් හේතුවෙන් ඉතාලි ක්‍රිකට් ක්ෂේත්‍රය කම්පනයට පත්ව තිබෙනවා.
  • ඔහු ඉතාලි කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් නුසුදුසු ආකාරයට ස්පර්ශ කිරීම එම චෝදනාව බව BBCය වාර්තා කර තිබෙනවා.
  • එම වාර්තාවට අනුව, සිය අනන්‍යතාව හෙළි කර නැති එම ක්‍රීඩිකාව මේ සිද්ධිය ගැන පොලිසියට වාර්තා කර තිබෙන්නේ 2025 වසරේ මාර්තු මාසයේ වන අතර ඉන්පසුව නොවැම්බරයේදී මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.
  • ඔවුන් නිකුත් කර ඇති නිවේදනයකට අනුව මේ චෝදනාව ‌ෆෙඩරල් පැමිණිලි මෙහෙයවන කාර්යාලය විසින් කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය වාර්තා වන්නේ දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ‌ෙඑතිහාසික සහභාගිත්වය සම්පූර්ණ වී දින කිහිපයකට පසුව.

ඉතාලි කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවක විසින් නගා තිබෙන මේ චෝදනාවට මැදිව සිටින්නේ කාන්තා ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරී ප්‍රබාත් එක්නැලිගොඩ. ඔහු ඉතාලි කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් නුසුදුසු ආකාරයට ස්පර්ශ කිරීම එම චෝදනාව බව BBCය වාර්තා කර තිබෙනවා.

එම වාර්තාවට අනුව, සිය අනන්‍යතාව හෙළි කර නැති එම ක්‍රීඩිකාව මේ සිද්ධිය ගැන පොලිසියට වාර්තා කර තිබෙන්නේ 2025 වසරේ මාර්තු මාසයේ වන අතර ඉන්පසුව නොවැම්බරයේදී මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. ඒ අනුව, ඉතාලියේ රෝමා ක්‍රිකට් සමාජයේ නිර්මාතෘවරයා ද වන එක්නැලිගොඩගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

දැන්, ඔහුගේ සේවය ඉතාලි ක්‍රිකට් මණ්ඩලය (FRCI – Federazione Cricket Italiana) විසින් අත්හිටුවා තිබෙනවා. ඔවුන් නිකුත් කර ඇති නිවේදනයකට අනුව මේ චෝදනාව ‌ෆෙඩරල් පැමිණිලි මෙහෙයවන කාර්යාලය විසින් කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක්.

“2025 වසරේදී, ඉතාලි ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිනිය ඇගේ සංස්ථාගත වගකීම් අනුව ක්‍රියා කරමින් මේ චෝදනාව එල්ල වී තිබෙන පුද්ගලයාගේ සියලුම ෆෙඩරල් රාජකාරි හා ක්‍රියාකාරකම් වහාම නතර කරන ලෙසට නියෝග කළා” යනුවෙන් මණ්ඩලය නිවේදනයකින් කියා තිබෙනවා.

මේ චෝදනා ප්‍රතික්ෂේප කරන එක්නැලිගොඩගේ නීතිඥවරයා, මේ පිටුපස සැඟවුණු චේතනාවක් ඇතැයි ප්‍රකාශ කර තිබෙනවා.

පවතින සාක්ෂි සැලකිල්ලට ගනිමින් නඩු විභාගයක් පැවැත්වීමේ හැකියාව පිළිබඳව දැන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

එක්නැලිගොඩ ට පනවා තිබෙන තහනම එසේම තිබුන ද, ඔහු විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පෙනී සිටිය බව FRCI හ මාධ්‍ය කළමනාකරු රක්බිර් හසන් ESPNcricinfo ට ස්ථිර කර තිබෙනවා. “ඔහු මරියා ලොරෙනා හැස් පැස් (Maria Lorena Haz Paz) සභාපතිනියගේ මිතුරෙක් ලෙස සංචාරය කළ අතර ඔහුට ‌ලෝක කුසලාන නියෝජිත පිරිස සමග කිසිම රාජකාරී කටයුත්තක් හෝ සම්බන්ධතාවක් නැහැ” යනුවෙන් හසන් ප්‍රකාශ කරනවා.

අදාළ බලධාරින් සමග කටයුතු කිරීමේ සම්පූර්ණ කැමැත්ත සිය නිවේදනයෙන් ස්ථිර වශයෙන් කියා සිටින FRCI, සිදුවෙමින් යන පරීක්ෂණ හමුවේ තවදුරටත් ඕනෑම  පියවරක් ගැනීමට ඔවුන්ට අයිතියක් තිබෙන බව ද පවසනවා.

මේ චෝදනා පැමිණෙන්නේ ඉතාලි ක්‍රිකට් මණ්ඩලය තුළ හටගෙන තිබෙන ආරවුල මධ්‍යයේ. ඉතාලි මෙහෙයුමේ අවසානයේ සිට හැස් පැස් තනතුරෙන් පහ කර තිබෙන අතර මණ්ඩලයේ පාලක මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු ද ඉල්ලා අස්වී ඇතැයි ප්‍රධාන විධායක නිලධාරි ලුකා බෘානෝ මලස්පිනා කියා සිටිනවා. මේ හේතුවෙන් ෆෙඩලර් කවුන්සලය විසුරුවා හැර තිබෙනවා. එහෙත් එම ඉල්ලා අස්වීම් මේ චෝදනාවන්ට සම්බන්ධ නැතැයි හසන් කියනවා.

ඉතාලි පිරිමි ක්‍රිකට් කණ්ඩායම දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පිටව යාමට පෙර සැලකිය යුතු මුද්‍රාවක් තබමින් නේපාලය ට එරෙහිව මතක හිටින කඩුලු 10ක ජයග්‍රහණයක් සහ එංගලන්තය ට එරෙහිව ලකුණු 24කින් පමණක් වූ පරාජයක් සටහන් කළා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...