The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'ලොව අනෙක් ක්‍රිකට් කණ්ඩායම් කාලයත් එක්ක වෙනස් වෙද්දී අපි එකතැන පල්වෙනවා' - මාවන් අතපත්තු

T

The Leader Desk

February 27, 2026 • 12:12 PM

'ලොව අනෙක් ක්‍රිකට් කණ්ඩායම් කාලයත් එක්ක වෙනස් වෙද්දී අපි එකතැන පල්වෙනවා' - මාවන් අතපත්තු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ බොහෝ ක්‍රිකට් කණ්ඩායම් කාලයත් සමග වෙනස් වෙමින් විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩා කළත් ශ්‍රී ලංකාව එකතැන පල්වෙමින් ලබා ඇත්තේ අඩු ප්‍රගතියක් බව හිටපු ශ්‍රී ලංකා නායක මාවන් අතපත්තු පවසනවා.
  • මේ කාරණයේදී ශ්‍රී ලංකාව ට, 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට සතියක කාලයක් තිබියදී පවා තමන්ගේ කණ්ඩායම කුමක් වේවිද කියා අදහසක් තිබුනේ නැහැ.
  • ජාත්‍යන්තර ක්‍රීඩාවේදී ඒක එහෙම වෙන්න බැහැ” අතපත්තු ප්‍රකාශ කරනවා.
  • කුමාර් සංගක්කාර ක්‍රිකට් ලෝකයට අයිති නැති කණ්ඩායමක් බවට පත්වීමේ අනතුරට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින බව හිටපු ශ්‍රී ලංකා නායක සහ ප්‍රවීණ පිතිකරු කුමාර් සංගක්කාර පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


කුසලතා පූර්ණ ක්‍රීඩකයින් හඳුනා ගෙන ඔවුන් සමග ඇලී සිටිය යුතු බව ඔහු විදෙස් මාධ්‍යට කියා තිබෙනවා.

“වැඩිම දක්ෂතාව තිබෙන ක්‍රීඩකයින් හඳුනා ගෙන ඔවුන් සමග රැඳී සිටීම අවශ්‍යයි. මේ කාරණයේදී ශ්‍රී ලංකාව ට, 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට සතියක කාලයක් තිබියදී පවා තමන්ගේ කණ්ඩායම කුමක් වේවිද කියා අදහසක් තිබුනේ නැහැ. ජාත්‍යන්තර ක්‍රීඩාවේදී ඒක එහෙම වෙන්න බැහැ” අතපත්තු ප්‍රකාශ කරනවා.

තරගාවලියේ පළමු සතියේදී ශ්‍රී ලංකාව ට ඔවුන්ගේ ප්‍රධාන පෙලේ පන්දු යවන්නන් තිදෙනෙකු ආබාධ හේතුවෙන් අහිමි වුනේ වාසිමත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රමාණය දෙසට ඇඟිල්ල දික්වෙමින්.

“ඔබේ ක්‍රීඩකයින් ලෝකෙ පුරා කෙරෙන ලීග් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වී සිටින විට, ඔවුන් තීරණාත්මක තරගාවලියක් ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදී ආබාධවලට ලක්වීමේ ලොකු ඉඩකඩක් තියෙනවා. ඒක තමයි ශ්‍රී ලංකාවට සිද්ධ වුනේ” අතපත්තු කියනවා.

කුමාර් සංගක්කාර

Kumar Sangakkara 1200px 23 10 02 1000x600
ක්‍රිකට් ලෝකයට අයිති නැති කණ්ඩායමක් බවට පත්වීමේ අනතුරට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින බව හිටපු ශ්‍රී ලංකා නායක සහ ප්‍රවීණ පිතිකරු කුමාර් සංගක්කාර පවසනවා.

“මාර්ගය නිවැරදි කිරීම පිණිස සියලු මට්ටම්වලින් කළ යුතු බොහෝ දේවල් තියෙනවා” යනුවෙන් 48 හැවිරිදි සංගක්කාර X වේදිකාවේ ලියා තිබෙනවා.

“අප වටා තිබෙන ක්‍රිකට් ලෝකය මෙච්චර ඉක්මනට විකසනය වෙලා තියෙද්දී, අපි එකම දේවල් නැවත නැවත කරමින් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න අපට බැහැ. අපි අලුත් ලෝකයට සුදුසු පරිදි අපේ ක්‍රීඩාව සකස් කරගෙන නැහැ. ඒ නිසා තිබෙන අනතුර අපි ඒ ලෝකයට අදාළ නොවීමයි” යනුවෙන් සිය කීර්තිමත් ක්‍රීඩා දිවියේදී ටෙස්ට් තරග 134ක්, ජාත්‍යන්තර එක්දින තරග 404ක් සහ විස්සයි20 තරග 56ක් ක්‍රීඩා කළ පුරාවෘත්ත පිතිකරුවා ප්‍රකාශ කරනවා.

ෆාවීස් මහරූෆ්

farveez
“එය වේදනාකාරීයි, රිදුම් දෙනවා, ලජ්ජා සහගතයි” යනුවෙන් හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ෆාවීස් මහරූෆ් පවසන්නේ නවසිලන්තය ට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ පහත් අසාර්ථකත්වයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අතර තිබෙන කනස්සල්ල සම්පිණ්ඩනය කරමින්.

“එය, පන්දුව එද්දී කෙළින්ම ඊට ආක්‍රමණශීලී පහර එල්ල කිරීමට තරම් ආරක්ෂාකාරී නොවන තණතීරුවක් බව මට තේරෙනවා. නමුත් සමහර පිතිකරුවන් ඔවුන්ගේ කඩුලු නිකම්ම තෑගි කළ ආකාරය දෙස බලන විට, පැතුම් නිස්සංක දවාලූ මැට් හෙන්රිගේ පන්දුව හැරුනුවිට අනෙක් සියලුම දැවී යාම් පහසුවෙන් දැවී යාම් වුණා. ඔවුන් තමන්ගේ කඩුලු ඔහේ ලබා දුන්නේ එංගලන්තය සමග තරගයේදීත් කඩුලු දහය ම පූජා කළ අයුරින්” මහරූෆ් පවසනවා. “ඒ ප්‍රවණතාව ම තවත් තරගයක, ජයගත යුතු ම තරගයක ඒ අයුරින්ම පැවතීමෙන් ශ්‍රී ලංකාව පිත්තෙන් අවශ්‍ය තත්ත්වයේ නොසිටි බව පෙන්නුම් කරනවා.”

දැන් පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේදී ඕමානය හා අයර්ලන්තය යන සුළු කණ්ඩායම් සහ ඉන්පසුව ඔස්ට්‍රේලියාව පරාජය කළ ශ්‍රී ලංකාව එතැන් සිට ගියේ පහළට. සිම්බාබ්වේ, එංගලන්තය හා නවසිලන්තය දැන් ශ්‍රී ලංකාව පරාජය කර තිබෙන අතර අවසාන තරග දෙකේදී සිදුවූ පරාජයන්ට හේතු වූයේ දුර්වල පිතිකරණය.

“මෙය නරක පුරුද්දක් බවට පත්වේගන එනවා. මම මේ විශ්ලේෂණය අවුරුදු හත අටක් තිස්සේ කරගෙන එනවා. මම එකම පරණ දෙය කියමින් සිටිනවා: ඉඳහිට හොඳ තරගයක්, අපේ බලාපොරොත්තු ඉහළ යනවා, එකපාරම පොළොවට කඩා වැටෙනවා” යැයි මහරූෆ් ප්‍රකාශ කරනවා. “මේක පළවෙනි පාර නෙවෙයි. ඉදිරියේදී මෙහි අවසානයක් තිබිය යුතුයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. අමාරු තීරණ කිහිපයක් ගත යුතුව තිබෙනවා.”

“ඊළඟ තරගයට (හෙට) පසුව, ඊළඟ තරගමාලාව ආරම්භ වීමට පෙර, ශ්‍රී ලංකාවේ තේරීම් නිලධාරීන් හා අනෙක් වගකිව යුතු අය ඇත්තෙන්ම අනාගතය ගැනත්, ක්‍රීඩකයින්ගේ හැකියාවන් මොනවාද, රඳවා ගත යුත්තේ සහ රඳවා නොගත යුත්තේ කවුරුන්ද යන්න කල්පනා කර ඉදිරියට යා යුතුයි කියලා මම හිතනවා. බොහෝ විට මීළඟ සති දෙකේදී සමහර අමාරු තීරණ ගනීවි. එහෙම නොවුනොත් මම පුදුම වෙනවා.”

නායක දසුන් ශානක

1744940133 dasun shanaka 6
තම ක්‍රීඩකයින්ට එල්ල වන නිර්දය විවේචනවලින් ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට හානි සිදුව තිබෙන බවත් එය T20 ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ගේ උත්සාහයන්ට අහිතකර බලපෑමක් සිදුකර ඇති බවත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

කණ්ඩායමේ ලජ්ජා සහගත ක්‍රීඩාව පිළිබඳව නායකයා ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටියත් සෘණාත්මක වාතාවරණය දැන් බලධාරීන් මැදිහත් විය යුතු ප්‍රමාණය දක්වා වැඩිවී තිබෙන බව කියනවා.

“ක්‍රිකට් ක්‍රීඩකයන් විදියට ධනාත්මකව ඉන්න අපි කොච්චර උත්සාහ කළත්, පිටත තිබෙන්නේ සෘණාත්මක පරිසරයක්. අපි ක්‍රීඩා කරලා යාවි. නමුත් අනාගතයේ එන ක්‍රීඩකයින් ගැන අවධානය යොමුකර මේක නතර කරන්න රජයට පුළුවන් වුනොත්, එයින් ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට හොඳක් සිද්ධ වේවි” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පවසනවා.

“අවංකව කියනවා නම්, සිද්ධ වෙච්ච දේ ගැන අපි ඉතාම පසුතැවෙනවා” යැයි ශානක නවසිලන්ත තරගය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළා. “අපි කවුරුවත් අසාර්ථක වෙන්න බලාගෙන පිටියට යන්නේ නැහැ. හැමෝම යන්නේ හොඳින් ක්‍රීඩා කර කණ්ඩායම ජයග්‍රහණය කරවීමේ චේතනාවෙන්!”

දුර්වල ක්‍රීඩාවකින් පසුව නික්ම යාම

තරගයක් ඉතිරිව තිබියදී විස්සයි20 ලෝක කුසලාන තරග බිමෙන් ඉවතට විසිවීමට තරගාවලියේ සමසත්කාරකයින්ට සිදුවීමෙන් පසුව තනතුරුවලින් ඉවත් වන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයාට, පුහුණුකරුට සහ තේරීම් කමිටුවට එල්ල වන පීඩනය වැඩිවෙමින් තිබෙනවා.

නවසිලන්තය හමුවේ ලැබූ පරාජයෙන් කෝපයට පත් 35,000කින් ශක්තිමත් කොළඹ සෙනඟ වෙතින් නැගුනේ පෙර නොවූ විරූ හූ හඬක්.

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමා ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වන බවට සනත් ජයසූරිය කලින්ම දන්වා තිබුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...