The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රටවල් දෙකක ඉරණම විසඳෙන තීරණාත්මක දිනය අද

T

The Leader Desk

February 28, 2026 • 4:43 AM

රටවල් දෙකක ඉරණම විසඳෙන තීරණාත්මක දිනය අද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අවසන් කරමින් සත්කාරක ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරගය අද (28) රාත්‍රී 7ට පල්ලේකැලේදී ආරම්භවීමට නියමිතය.
  • ශ්‍රී ලංකාවට ඇත්තේ අද සැනසිලිදායක ජයක් වුවත්, මෙම තරගයේ ප්‍රතිඵලය මත පාකිස්තානයේ හෝ නවසීලන්තයේ මෙවර ලෝක කුසලානයේ ඉදිරිගමන තීරණය වේ.
  • ඒ අනුව නවසීලන්තය අබිබවා පාකිස්තානයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම්, ඔවුන් අද පළමුව පන්දුවට පහරදුන හොත් ශ්‍රී ලංකාවට එරෙහිව අවම ලකුණු 64ක ජයක් වාර්තා කළ යුතුය.
  • එසේ නොමැතිව ශ්‍රී ලංකාව පන්දුවට පහරදුන හොත් ශ්‍රී ලංකාව ලබාදෙන ඉලක්කය අවම පන්දුවාර 13.1කින් හඹා යා යුතුව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එංගලන්තය හමුවේ ඊයේ (27) පැවති තරගයෙන් නවසීලන්තය පරාජයවීම හේතුවෙන් දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණයවීමට මෙම තරගය අතිශතය තීරණාත්මක වී ඇත.

Eng v NZ
ශ්‍රී ලංකාවට ඇත්තේ අද සැනසිලිදායක ජයක් වුවත්, මෙම තරගයේ ප්‍රතිඵලය මත පාකිස්තානයේ හෝ නවසීලන්තයේ මෙවර ලෝක කුසලානයේ ඉදිරිගමන තීරණය වේ.

දැනට තිබෙන තත්ත්වය අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන නවසීලන්තය අවසන් පූර්ව වටය පෙනෙන මානයේ සිටියි.

ඒ අනුව නවසීලන්තය අබිබවා පාකිස්තානයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම්, ඔවුන් අද පළමුව පන්දුවට පහරදුන හොත් ශ්‍රී ලංකාවට එරෙහිව අවම ලකුණු 64ක ජයක් වාර්තා කළ යුතුය.

එසේ නොමැතිව ශ්‍රී ලංකාව පන්දුවට පහරදුන හොත් ශ්‍රී ලංකාව ලබාදෙන ඉලක්කය අවම පන්දුවාර 13.1කින් හඹා යා යුතුව ඇත.

ඒ අනුව පාකිස්තානයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හැකිවුවහොත්, අවසන් පූර්ව තරගයද ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

එසේ නොමැති වුවහොත් අද තරගය මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අවසන් තරගය වනු ඇත.

 

Sri Lanka vs Pakistan 3

ශ්‍රී ලංකා - පාකිස්තාන විස්සයි20 තරග ඉතිහාසයට වසර 19ක් ඇති අතර, එහිදී දෙරට අතර මේ දක්වා තරග 29ක් පැවැත්වී තිබේ.

ඉන් තරග 12ක් ශ්‍රී ලංකාව ජයගනිද්දී, පාකිස්තානය තරග 17ක් ජයගෙන ඇත.

එමෙන්ම දෙරට අතර ශ්‍රී ලංකාවේදී තරග 8ක් පවත්වා ඇති අතර, ඉන්ද ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 3ක් පමණි. තරග 5ක්ම ඔවුන් පාකිස්තානය හමුවේ පරාජය වී ඇත.

ඒ අනුව සමස්තයක් ලෙස දෙරටේ දක්ෂතා අනුව පාකිස්තානය ඉදිරියෙන් සිටියි.

කෙසේ නමුත් විස්සයි20 ලෝක කුසලාන තරග 5කදී ඔවුනොවුන් තරග වැදී ඇති අතර, එහිදී දෙරටම තරග 2ක බැගින් ජයගෙන ඇත.

ඉන් 2012 වසරේ මෙරට පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාව හා පාකිස්තානය විස්සයි20 ලෝක කුසලානයකදී හමුවී නොමැත.

ඒ අනුව ඔවුනොවුන් වසර 14කට අද විස්සයි20 ලෝක කුසලානයකදී එකිනෙකා සමගින් තරග වැදීමට නියමිතය.

AFP 20250923 76J42DJ v1 MidRes CricketAsia2025T20PakSri 1758650168

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් අද සිදුවිය හැකි බවට තොරතුරු වාර්තාවන අතර, ඒ අනුව නවසීලන්තයට එරෙහිව පැවති තරගයේදී ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් ක්‍රීඩා නොකරනු ඇති බව සඳහන්ය.

ඒ හේතුවෙන් කමිල් මිෂාර කඩුලු රකින්නා ලෙසින් යළි කණ්ඩායම සමගින් එක්වීමට නියමිත බව වාර්තා වේ.

| adaderana
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...