The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'දසුන් ශානක නූතන යුගයේ නෙල්සන් මැන්ඩෙලා කෙනෙක්' - හිටපු පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානී රමිස් රාජා

T

The Leader Desk

March 4, 2026 • 9:59 AM

'දසුන් ශානක නූතන යුගයේ නෙල්සන් මැන්ඩෙලා කෙනෙක්' - හිටපු පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානී රමිස් රාජා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය ට එරෙහි ‘සුපිරි අට’ අවසාන තරගයේදී දසුන් ශානක ශ්‍රී ලංකාව විස්මිත ජයග්‍රණයක් ආසන්නය ට ම ගෙන ආවා.
  • එය ‘වයිඩ්’ පන්දුවක් ලෙසින් තීරණය කෙරෙනු ඇතැයි ශානක බලාපොරොත්තු වුනත් ඔහු තම ස්ථානයෙන් එහා මෙහා වී සිටි බැවින් තරග විනිසුරු එය නිත්‍යානුකූල පන්දුවක් ලෙස තීරණය කළා.
  • එම පන්දුව පිළිබඳ තීරණය තර්ක කළ හැකි එකක් වූයේ තරග විස්තර ප්‍රචාරය කරන්නන් එය ‘වයිඩ්’ පන්දුවක් ලෙසින් කැඳවිය යුතුව තිබිනැයි ප්‍රශ්න කිරීම හේතුවෙන්.
  • දසුන් ශානකගේ සංවරය තරග විස්තර ගෙන එමින් සිටි හිටපු පාකිස්තාන ක්‍රිකට් සභාපති රමිස් රාජාගේ සිතට කොතරම් තදින් කාවැදුනා ද කිවතොත් ඔහු ශානකව නූතන යුගයේ නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් ලෙසින් වර්ණනා කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකා නායකයා ඉතා වේගවත් ලකුණු 50ක් රැස් කළ අතර ෂහීන් අෆ්රිඩි විසින් යවනු ලැබූ අවසන් ඕවරයෙන් ලකුණු 28ක් අවශ්‍යව තිබියදී හතරේ පහරක් එල්ල කර ඉක්බිති පිට පිට හයේ පහර තුනක් එල්ල කරමින් ඔහුගේ කණ්ඩායමේ මැලවී යන අපේක්ෂාවන් නැවත ප්‍රාණවත් කළා.

 

mp78shbo dasun shanaka x 625x300 01 March 26

අවසාන පන්දු දෙකෙන් ලකුණු හයක් අවශ්‍යව තිබියදී ශානක කඩුලු හරහා යමින් ‘රිවර්ස් ස්කූප්’ පහරක් එල්ල කිරීමට උත්සාහ කළා. අෆ්රිඩි පන්දුව පිට ඉන්නෙන් ඉවතට ඇදී යාමට සැලැස්සූ අතර ශානක ට පහර මඟහැරුණා. එය ‘වයිඩ්’ පන්දුවක් ලෙසින් තීරණය කෙරෙනු ඇතැයි ශානක බලාපොරොත්තු වුනත් ඔහු තම ස්ථානයෙන් එහා මෙහා වී සිටි බැවින් තරග විනිසුරු එය නිත්‍යානුකූල පන්දුවක් ලෙස තීරණය කළා.

ශානක ට අවසන් පන්දුව ද මගහැරී ගියේ අෆ්රිඩි පන්දුව පිට ඉන්නෙන් ඉවත තබා ගත් නිසා. එම පන්දුව පිළිබඳ තීරණය තර්ක කළ හැකි එකක් වූයේ තරග විස්තර ප්‍රචාරය කරන්නන් එය ‘වයිඩ්’ පන්දුවක් ලෙසින් කැඳවිය යුතුව තිබිනැයි ප්‍රශ්න කිරීම හේතුවෙන්.

 

IMG 20260302 WA0036
ප්‍රාතිහාර්යමය ජයග්‍රහණයකට ඉතාමත් සමීපව සිටි ශානකගෙන් ඒ අවස්ථාවේ දිස්වුනේ දුර්මුඛ වූ මුහුණක්. කෙසේ වෙතත්, කිසිම වෙනසක් නොපෙන්වූ ඔහු අෆ්රිඩි සමග අතට අත දුන්නේ පාකිස්තානය ලකුණු පහක සියුම් ජයග්‍රහණයක් අත්කර ගනිද්දී.

දසුන් ශානකගේ සංවරය තරග විස්තර ගෙන එමින් සිටි හිටපු පාකිස්තාන ක්‍රිකට් සභාපති රමිස් රාජාගේ සිතට කොතරම් තදින් කාවැදුනා ද කිවතොත් ඔහු ශානකව නූතන යුගයේ නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් ලෙසින් වර්ණනා කළා.

ඔහු ශානකව ‘ටැග්’ කරමින් පෝස්ටුවක් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවේ බෙදාගත්තේ එම පණිවුඩය ශ්‍රී ලංකා නායකයා දකිනු ඇති බවට සහතික වෙමින්.

Screenshot 20260302 184313 X
“ඉහළ මාලයේ තරග විස්තර ප්‍රචාරක කුටියේ සිටින අප සියලු දෙනාම ‘වයිඩ්’ පන්දුවක් ලෙසින් සලකන ඉලක්කයෙන් ඈත්ව එවූ ෂහීන්ගේ අවසාන පන්දුවට එකටෙක නොකිරීම ගැන දසුන් ශානක ට අපේ ප්‍රශංසාව! ජයග්‍රහණය සඳහා ලකුණු 27ක අවසන් ඕවරයේ ඉලක්කය හමුවේ ඔහු ඒ මොහොතේ ලකුණු 22ක් ලබා ගෙන තිබුණා” යනුවෙන් රාජා සටහන් කළා.

“වෙනත් ඕනෑම පිතිකරුවෙක් කඩුල්ලෙන් පිටව යනු ඇත්තේ නොසතුට හා විරුද්ධත්වය අඟවමින්. ශානක අපහසුවක් නැතුව කටයුතු කරමින් සාමය පැවතීමට ඉඩ හැරියා. ක්‍රීඩාශීලිත්වයේ නූතන යුගයේ මැන්ඩෙලා කෙනෙක්!” යනුවෙන් රමිස් රාජා වැඩිදුරටත් ලියා තිබෙනවා.


warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...