The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක කුසලාන අවසන් ගැටුම හමුවේ නවසිලන්තයට ඉන්දියා ජනගහණයේ විශාලත්වය මතක් වෙයි

T

The Leader Desk

March 7, 2026 • 10:45 AM

ලෝක කුසලාන අවසන් ගැටුම හමුවේ නවසිලන්තයට ඉන්දියා ජනගහණයේ විශාලත්වය මතක් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බිලියන 1.4කට වැඩි ජනගහණයක් සිටින ඉන්දියාව වැනි ක්‍රිකට් සුපිරි බලවතෙක් සමග කෙළින්ම මුහුණලා සිටීම ම මිලියන පහකට මඳක් වැඩි ජනගහණයක් ඇති රටක් ලැබූ ජයග්‍රහණයක් බව නවසිලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් ෆිලිප්ස් පවසනවා.
  • ඒ නිසා අපට ඉසුරුමත් ලෙස තෝරා ගැනීමක් කරන්න තරම් පහසුවක් නැහැ.
  • එයින් අදහස් වන්නේ පැහැදිලිවම අපේ උසස් කාර්ය සාධන වැඩසටහන ඉතාමත් විශේෂී ආකාරයෙන් අපට සිටින ජනගහණයට සැපයිය යුතු බවයි” ෆිලිප්ස් කියනවා.
  • ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සිටින එක් දක්ෂතම පන්දු රකින්නකු ලෙසින් සැලකෙන ග්ලෙන් ෆිලිප්ස් මේ ප්‍රකාශයෙන් බිලියනයකට වැඩි ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්ෂාවන් උසුලා ගෙන යන සත්කාරක ඉන්දියාව මත මානසික බරක් පැටවීමේ මෘදු උත්සාහයක් ගෙන තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


අවසාන තරගයේ කණ්ඩායම් දෙකේ තිබෙන තරාදියේ අසමානතාවේ යථාදර්ශනය ඔහු විසින් මෙසේ ඉදිරිපත් කර තිබෙන්නේ 2026 විස්සයි20 ලෝක කුසලානය සඳහා හෙට (8) පැවැත්වෙන ගැටුමට පෙර.

එවැනි විශාල ජනගහණයක් ඇති ඉන්දියාව සහජ කුසලතාවේ ඊර්ෂ්‍යා උපදවන තරමේ ගැඹුරක් භුක්ති විඳින අතර ඔවුන්ට එක සමාන ශක්තියකින් යුත් කණ්ඩායම් බොහොමයක් ඉතා පහසුවෙන් තරග බිමට යෙදවිය හැකි බවට ෆිලිප්ස් පෙන්වා දෙන්නේ ඒ අතරෙම හෙට නවසිලන්තය හමුවේ තිබෙන කලකිරවන අභියෝගය මෙනෙහි කරමින්.

“පැහැදිලිවම, අපේ රටේ ඉන්නේ අඩු ජනතාවක්. ඒ නිසා අපට ඉසුරුමත් ලෙස තෝරා ගැනීමක් කරන්න තරම් පහසුවක් නැහැ. එයින් අදහස් වන්නේ පැහැදිලිවම අපේ උසස් කාර්ය සාධන වැඩසටහන ඉතාමත් විශේෂී ආකාරයෙන් අපට සිටින ජනගහණයට සැපයිය යුතු බවයි” ෆිලිප්ස් කියනවා.

glenn

ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයින් අතර සිටින එක් දක්ෂතම පන්දු රකින්නකු ලෙසින් සැලකෙන ග්ලෙන් ෆිලිප්ස් මේ ප්‍රකාශයෙන් බිලියනයකට වැඩි ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්ෂාවන් උසුලා ගෙන යන සත්කාරක ඉන්දියාව මත මානසික බරක් පැටවීමේ මෘදු උත්සාහයක් ගෙන තිබෙනවා.

ජන සංඛ්‍යාවේ සාපේක්ෂ වැදගත්කම පිළිබඳව සලකා බලන විට, නවසිලන්තයේ ජනගහණය මිලියන 5.36ක් පමණ වන අතර ඉන්දියාවේ අහමදාබාද් නගරයේ පමණක් මිලියන 9.3ක පමණ ජනගහණයක් සිටින බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව මුළු නවසිලන්තය ට ම තිබෙන්නේ අහමදාබාද් නගරයට වඩා මිලියන හතරක පමණ අඩු ජනගහණයක්.

 

Asia Cup 2023 India Cricket

“නිසැකයෙන් ම, ඉන්දියාවේ එළියට එන සහජ දක්ෂතාව සුවිශේෂයි. ඔවුන්ට මේ ලෝක කුසලානය වෙනුවෙන් එක සමාන දක්ෂතාවෙන් තරග කළ හැකි කණ්ඩායම් තුනක් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා” ෆිලිප්ස් සඳහන් කරනවා.

“ඒ නිසා, මෙවැනි ඉතාමත් අඩු ජනගහණයක් තියාගෙන අපි ලෝකෙ වටේ තියෙන කණ්ඩායම් සමග තරග කිරීම අගේ ඇති ක්‍රියාවක්!” ග්ලෙන් ෆිලිප්ස් කියා සිටිනවා.

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...