The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ‘බරපතළ වැඩ සහිත’ දෙමසක් හෙට සිට

T

The Leader Desk

March 9, 2026 • 3:53 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ‘බරපතළ වැඩ සහිත’ දෙමසක් හෙට සිට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිත නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන් හට හෙට (10 වැනිදා) සිට පුරා මාස දෙකක කාලයක් ශාරීරික යෝග්‍යතාව පූර්ණ වශයෙන් ඉලක්ක කරගත් තීරණාත්මක වැඩසටහනක් සඳහා යටත් කෙරෙනු ඇත.
  • එකී යෝග්‍යතා ඉලක්ක සපුරාලීමට මේ අතරින් යම් ක්‍රීඩකයකු අසමත් වේ නම් ඔහු තවදුරටත් ජාතික සංචිතයේ රැඳීමට නුසුදුස්සකු වන තරමටම බරපතළ ලෙසින් මෙය සැලකිල්ලට ගැනීමට යෝජනා වී ඇතැයි පැවැසේ.
  • මෙම වැඩසටහන සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ ද පූර්ණ ආශිර්වාදය හිමිව ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යාසකයන්ට අමතරව ක්‍රීඩා අමාත්‍යංශය නියෝජනය කරනු ලබන අභ්‍යාසකයන් තිදෙනෙක් ද මෙය ක්‍රියාත්මක කිරීම සඳහා එක්වනු ඇත.
  • ඇෆ්ගනිස්තානය සමගින් යෙදී තිබූ තරගාවලිය නොපැවැත්වීමත් සමගින් ඉදිරි මාස දෙකක කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර තරග නොමැති වීම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාවක් බවට පත්කරගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 යන තරග අංශ තුනෙන්ම ජාතික සංචිත සඳහා ඇතුළත්වන ක්‍රීඩකයන් 46 දෙනකු ඇතුළත් වන මෙම වැඩසටහනට නියමිත මාස දෙකක කාලය අවසානයේ සපුරාලීම සඳහා අනිවාර්ය යෝග්‍යතා ඉලක්කයන් පිරිනැමේ.

එකී යෝග්‍යතා ඉලක්ක සපුරාලීමට මේ අතරින් යම් ක්‍රීඩකයකු අසමත් වේ නම් ඔහු තවදුරටත් ජාතික සංචිතයේ රැඳීමට නුසුදුස්සකු වන තරමටම බරපතළ ලෙසින් මෙය සැලකිල්ලට ගැනීමට යෝජනා වී ඇතැයි පැවැසේ.

මෙම වැඩසටහන සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ ද පූර්ණ ආශිර්වාදය හිමිව ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යාසකයන්ට අමතරව ක්‍රීඩා අමාත්‍යංශය නියෝජනය කරනු ලබන අභ්‍යාසකයන් තිදෙනෙක් ද මෙය ක්‍රියාත්මක කිරීම සඳහා එක්වනු ඇත.

ඇෆ්ගනිස්තානය සමගින් යෙදී තිබූ තරගාවලිය නොපැවැත්වීමත් සමගින් ඉදිරි මාස දෙකක කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර තරග නොමැති වීම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාවක් බවට පත්කරගෙන තිබේ.

මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට යෝජිත කාලය තුළ දේශීය තරග සඳහා සහභාගිවීමට අදාළ ක්‍රීඩකයන්ට අවස්ථාව හිමිවනු ඇතත්, එයින් මෙම යෝග්‍යතා වැඩසටහනේ මුඛ්‍ය අරමුණුවලට බාධාවක් නොවිය යුතු බව අවධාරණය කර තිබේ.

 

shammi25.0402

මෙම වැඩසටහන ඇරඹීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, මෙයට ඇතුළත් වන ක්‍රීඩකයන් 46 දෙනා අමතා මෙහි තීරණාත්මක වැදගත්කම පහදා දීමට යෙදී ඇත.

වත්මන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ, මෙයට පෙර (2021දී) තේරීම් කමිටුව සභාපති වශයෙන් සිටියදී ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක පසුවෙමින් තදබල ලෙස එය ක්‍රියාත්මක කර අතර ඒ සමගින් එතෙක් දැඩි පසුබෑමකට ලක්ව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් දක්ෂතා ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් ආසියානු කුසලාන දිනාගැනීම දක්වා පෙරට පැමිණුනි.

නමුත් පසුව යම් ක්‍රීඩකයන් පිරිසක් සහ හිටපු ක්‍රිකට් නායකයකු ඇතුළු පිරිසක් මෙම යෝග්‍යතා ප්‍රතිපත්තියට පහර ගසමින් එය දියාරු කරදැමීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ශීඝ්‍රයෙන් පරිහානියට ලක්වෙමින් ඉකුත් ලෝක කුසලාන තරගාවලිහිදී වැඩිම ආබාධවලට ලක්වූ කණ්ඩායම බවට පත්වීමට ද ශ්‍රී ලංකාවට සිදුවිය.


( aruna | ඉන්ද්‍රජිත් සුබසිංහ)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...