The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කාන්තා ක්‍රිකට් තත්ත්වය නංවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව තරගාවලියක්

T

The Leader Desk

March 13, 2026 • 11:45 AM

කාන්තා ක්‍රිකට් තත්ත්වය නංවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව තරගාවලියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය තවදුරටත් උසස් කිරීම සඳහා වැදගත් පියවරක් තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වයස අවුරුදු 23න් පහළ කාන්තා දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
  • රට පුරා ක්‍රීඩාංගණවල පැවැත්වෙන මේ විස්සයි20 තරගාවලියට දිවයිනේ ක්‍රිකට් දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කණ්ඩායම් 26ක් සහභාගි වනවා.
  • ක්‍රීඩිකාවන් 15 දෙනෙකු බැගින් සමන්විත සෑම සංචිතයක් ම තෝරා ගෙන තිබෙන්නේ වයස අවුරුදු 19න් පහළ දිස්ත්‍රික් සංචිතවලින් හා ඒ ඒ දිස්ත්‍රික්කවල සංවර්ධන හා නැගී එන ක්‍රීඩිකාවන්ගේ සංචිතවලින්.
  • ‌ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ගමන්මඟ වැඩසටහනේ කොටසක් වශයෙන් හඳුන්වා දී තිබෙන මේ නව තරගාවලියේ ඉලක්කය වී තිබෙන්නේ සහජ කුසලතා ඇති ක්‍රීඩිකාවන් ගම් මට්ටමින් හඳුනාගෙන ඔවුන්ව ජාත්‍යන්තර තලයට ගෙන ඒම සඳහා වැඩි දියුණු කිරීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මාර්තු 1 වැනිදා ආරම්භ වී අප්‍රේල් මස 8 වැනිදා දක්වා දිවෙන මේ තරගාවලිය යටතේ ක්‍රීඩා කෙරෙන සම්පූර්ණ තරග සංඛ්‍යාව 50ක්.

රට පුරා ක්‍රීඩාංගණවල පැවැත්වෙන මේ විස්සයි20 තරගාවලියට දිවයිනේ ක්‍රිකට් දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කණ්ඩායම් 26ක් සහභාගි වනවා. ඒ අනුව බස්නාහිර පළාතෙන් කණ්ඩායම් හතරක් සහ ඌව, දකුණ, මධ්‍යම, නැගෙනහිර හා උතුරුමැද පළාත්වලින් කණ්ඩායම් තුන බැගින් ද, වයඹ පළාතෙන් කණ්ඩායම් දෙකක් සහ උතුරු පළාතෙන් කණ්ඩායම් පහක් ද මේ තරගාවලියේ නියෝජනය වනවා.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකු බැගින් සමන්විත සෑම සංචිතයක් ම තෝරා ගෙන තිබෙන්නේ වයස අවුරුදු 19න් පහළ දිස්ත්‍රික් සංචිතවලින් හා ඒ ඒ දිස්ත්‍රික්කවල සංවර්ධන හා නැගී එන ක්‍රීඩිකාවන්ගේ සංචිතවලින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධිත දිස්ත්‍රික් හා පළාත් ක්‍රිකට් සංගම් සමග සහයෝගිත්වයෙන් සංවිධානය කර තිබෙන මේ තරගාවලිය මගින් තරුණ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට පාසලෙන් පිටව යාමෙන් පසුව පවා ඔවුන්ගේ නිපුණතාවන් ප්‍රදර්ශනය කිරීම පිණිස නිර්මාණාත්මක හා තරගකාරී වටපිටාවක් ලබාදෙනවා.

ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම දක්වා දියුණු විය හැකි ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ස්ථිර සැපයුම් මඟක් නිර්මාණය කිරීමට මේ තරගාවලියෙන් අපේක්ෂා කරනවා.

‌ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ගමන්මඟ වැඩසටහනේ කොටසක් වශයෙන් හඳුන්වා දී තිබෙන මේ නව තරගාවලියේ ඉලක්කය වී තිබෙන්නේ සහජ කුසලතා ඇති ක්‍රීඩිකාවන් ගම් මට්ටමින් හඳුනාගෙන ඔවුන්ව ජාත්‍යන්තර තලයට ගෙන ඒම සඳහා වැඩි දියුණු කිරීමයි.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...